NewsPornhub වෙතින් ඔස්ට්‍රේලියානු පරිශීලකයන්ට තහංචි

Pornhub වෙතින් ඔස්ට්‍රේලියානු පරිශීලකයන්ට තහංචි

-

spot_img

Pornhub වෙතින් ඔස්ට්‍රේලියානු පරිශීලකයන්ට තහංචි

වැඩිහිටියන් සඳහා වෙන්වූ වෙබ් අඩවි උදෙසා ඔස්ට්‍රේලියානු රජය හඳුන්වා දුන් නව නීති පද්ධතියට විරෝධය පළ කිරීමේ අරමුණෙන් වැඩිහිටියන් සඳහා වන සුප්‍රකට වෙබ් අඩවියක් වන Pornhub අඩවියේ හිමිකාර Aylo සමාගම ඕස්ට්‍රේලියානු පරිශීලකයන්ට Pornhub වෙත ප්‍රවේශ වීම සඳහා සීමා පනවා තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ නව නීතිය අනුව, වැඩිහිටියන් සඳහා වන වෙබ් අඩවියකට ඇතුළු වීමට පෙර පරිශීලකයාගේ වයස සනාථ කිරීම අනිවාර්ය කර තිබෙනවා. මෙහි ප්‍රධාන අරමුණ වී ඇත්තේ වයස අවුරුදු 18ට අඩු ළමයින් එවැනි වෙබ් අඩවි වලට ප්‍රවේශ වීම වැළැක්වීමයි. මේ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා වෙබ් අඩවි හිමිකාරීත්වය දරන සමාගම් විසින් පරිශීලකයන්ගේ වයස සනාථ කළ යුතු බව සඳහන්. එනම් ඡායාරූප හැඳුනුම්පත් පරීක්ෂාව, මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණය (facial recognition), හෝ වෙනත් ඩිජිටල් සනාථ කිරීමේ ක්‍රම වශයෙන්. මෙමගින් පරිශීලකයා වැඩිහිටියෙකුද යන්න තහවුරු කිරීම අත්‍යවශ්‍ය බවයි රජය පවසන්නේ. Aylo සමාගම මෙම නීතිය පිළිබඳව සිය අප්‍රසාදය පළ කර තිබෙනවා. මෙවැනි නීති නිසා වැඩිහිටි වෙබ් අඩවි පරිශීලකයන්ගේ පෞද්ගලිකත්වයට තර්ජන එල්ල විය හැකි බවයි ඔවුන් පවසන්නේ. පරිශීලකයන්ගේ පෞද්ගලිකත්වය වැදගත් බව ඔවුන් ප්‍රකාශ කරනවා.

Pornhub

කෙසේවෙතත් මෙම නව නීතිය අනුගමනය නොකරන අඩවිවලට දඩ මුදල් නියම කිරීමට ඔස්ට්‍රේලියානු බලධාරීන් තීරණය කර තිබෙනවා. එනම් නීතිය උල්ලංඝනය කරන සමාගම්වලට ඩොලර් මිලියන 49.5ක් දක්වා දඩ නියම කළ හැකි බවයි වාර්තා වෙන්නේ. මෙම හේතු නිසා Aylo සමාගම විසින් ඕස්ට්‍රේලියානුවන්ට තම සමාගමට අයත් වැඩිහිටි අඩවිවලට ඇතුළුවීම සීමා කර තිබේ. ඒ අතරට RedTube සහ YouPorn වැනි වෙබ් අඩවිද ඇතුළත්. රජයන් විසින් හඳුන්වා දෙන නීති ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම මොනතරම් අසීරුද යන්න පෙන්වා දීම සඳහා ඔවුන් මෙම පියවර ගත් බවයි සමාගම පවසන්නේ. එමෙන්ම මෙවැනි නීති හඳුන්වා දුන්නද ඇතැමුන් VPN වැනි තාක්ෂණ භාවිතා කරමින් ඒවාට ඇතුළුවන බව ඔවුන් පවසන්නේ රජයේ නීති කෙතරම් දුරට සාර්ථකද යන්න පිළිබඳ සැක පහළ කරමින්.

ළමයින් නුසුදුසු දේවලින් ආරක්ෂා කිරීම සඳහා නව ක්‍රියාමාර්ග අවශ්‍ය බව ඔස්ට්‍රේලියානු රජය අවධාරණය කරයි. අන්තර්ජාලය හරහා ළමයින්ට එවැනි දේවල් ලබා ගැනීම පහසු වී ඇති නිසාම නව නීති හඳුන්වා දීම අත්‍යවශ්‍ය බවත් ඔවුන් පවසනවා. ඉදිරි කාලයේ තවත් රටවල්ද මෙවැනි නීති හඳුන්වා දෙනු ඇති බවට ඇතැම් විශ්ලේෂකයන් අනුමාන කරනවා. Pornhub සහ එයට සම්බන්ධ අනෙකුත් අඩවි ඕස්ට්‍රේලියානුවන්ට ලබා දෙන සේවාවන් නව නීති ක්‍රියාත්මක වන ආකාරය අනුව ඉදිරියේදී තීරණය වෙනු ඇතැයි අපේක්ෂා කරනවා.

– News.com.au ඇසුරිනි –

Latest news

වැඩිහිටි නිවාස නියාමන නීති

වැඩිහිටි නිවාස නියාමන නීති ජ්‍යේෂ්ඨ පුරවැසියන් සඳහා රැකවරණය සපයන මධ්‍යස්ථාන නියාමනය කිරීම සඳහා නව නියෝග හා මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දී...

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න රටක් විදියට ඉස්සරහට යනකොට බිත්තරය කියන එක වැදගත් බවත් බිත්තර ලක්ශ 15 ක...

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...
- Advertisement -spot_img

රූකඩ සෙවනැලි

රූකඩ සෙවනැලි - Shadow Puppets මගේ කුඩා දියණිය අසනීපෙනි. එය වෛද්‍ය විද්‍යාවට සුව කළ නොහැකි ආකාරයේ රෝගයකි. ඇයට සිය මව...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you