Newsඉරාන යුද්ධය නිමාවන කාලය ගැන ට්‍රම්ප් කතා කරයි

ඉරාන යුද්ධය නිමාවන කාලය ගැන ට්‍රම්ප් කතා කරයි

-

spot_img

අමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාර එල්ල කිරීමත් සමග ගල්ෆ් කලාපයේ ඇති වූ යුද ගැටුම් තවදුරටත් උත්සන්න වී තිබෙනවා.එම ගැටුම් ආරම්භ වී අදට දින 7 ක් ගතවී ඇති අතර දෙපාර්ශවයේ තවදුරටත් ප්‍රහාර එල්ල කර ගනිමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

යුද්ධය ආරම්භවීමෙන් පසු මේ දක්වා කාලය තුළ ඉරාන නැව් 30 කට වඩා වැඩි ප්‍රමාණයක් ගිල්වා දමා ඇති බවයි අමෙරිකාව ප්‍රකාශ කර ඇත්තේ.ඉරාන හමුදාවේ බැලැස්ටික් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බවද අමෙරිකානු හමුදා නිලධාරියෙකු ප්‍රකාශ කර ඇති බව විදෙස් වාර්තාවල දැක්වෙනවා.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ ඉරානය සමග යුද්ධය කොපමණ කලක් පැවතිය හැකිද යන්න පිළිබදව තමාට කිව නොහැකි බවයි.එමෙන්ම ඒ සම්බන්ධයෙන් තමන්ට කාලසීමාවක් නොමැති බවත් සම්මුඛ සාකච්ඡාවකදි අමෙරිකානු ජනාධිපතිවරයා පවසා තිබෙනවා.

කෙසේවෙතත් ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර ප්‍රකාශ කර තිබුණේ ඉරානයට එරෙහි යුද්ධය සති 4 ක් හෝ 5ක් පවතිනු ඇති බවයි.මේ අතර ඉරානයේ උත්තරීතර ජාතික ආරක්‍ෂක කවුන්සිලයේ ලේකම්වරයා ප්‍රකාශ කර ඇත්තේ අමෙරිකාවේ ඕනෑම ආකාරයක භූමි ආක්‍රමණයක් සදහා ඉරාන හමුදා බලා සිටින බවයි.

දිගුකාලීන යුද්ධයකට ඉරානය සම්පූර්ණයෙන්ම සූදානම් බවත් තවමත් භාවිත කර නොමැති දියුණු අවිආයුධ හදුන්වාදීමට සූදානම් බවත් ඉරාන විප්ලවීය ආරක්‍ෂක බලකායේ ප්‍රකාශකයෙකු පැවසූ බව අල් ජසීරා පුවත් සේවයද පැවසුවා.

ඉදිරියේදි එන නව ප්‍රහාර රැල්ලේදී සතුරන් වේදනාකාරී පහරවල් අපේක්‍ෂා කළ යුතු බවයි ඉරාන ආරක්‍ෂක අංශ වැඩිදුරටත් පවසා ඇත්තේ.

Latest news

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු එල්නිනෝ අනිටු බලපෑම් සහ මැද පෙරදිග අර්බුදය නිසාවෙන් සීනි, ලොකු ළූණු, ආනයනික...

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත්...

නියඟය වැඩි පැතිවලට ආණ්ඩුවෙන් වතුර

නියඟය වැඩි පැතිවලට ආණ්ඩුවෙන් වතුර වියළි, උණුසුම් කාලගුණය නිසා පීඩාවට පත්ව ඇති මඩකළපුව, මොනරාගල සහ අම්පාර ඇතුළු දිස්ත්‍රික්කවල ජනතාවට පානීය...
- Advertisement -spot_img

නිවාඩු කාලෙට සුන්දර චාරිකාවක්

නිවාඩු කාලෙට සුන්දර චාරිකාවක් - සීතාවක උද්භිද උද්‍යානය මෙරට උද්භිද උද්‍යානයක් මුලින්ම නිර්මාණය වන්නේ 1821 දීය. ඒ පේරාදෙණිය රාජකීය උද්භිද...

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු එල්නිනෝ අනිටු බලපෑම් සහ මැද පෙරදිග අර්බුදය නිසාවෙන් සීනි, ලොකු ළූණු, ආනයනික...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you