Artතමන්ගෙ ආසාවල් මරාගන්න එක ආදරේද?

තමන්ගෙ ආසාවල් මරාගන්න එක ආදරේද?

-

spot_img

තමන්ගෙ ආසාවල් මරාගන්න එක ආදරේද? – The Girlfriend

ගොඩක් වෙලාවට ෆිල්ම්වලින් පොත්වලින් අපිට හමුවෙන්නෙ පරමාදර්ශී පෙම්වතියන්. පෙම්වතා වෙනුවෙන්, ඕනම දෙයක් කරන්න මේ පෙම්වතියො ලෑස්තියි. තමන්ගෙ අධ්‍යාපනය, දෙමව්පියො, හීන බලාපොරොත්තු නෙමෙයි ජීවිතේම වුණත් කැප කරන්න. ෆිල්ම්වලට වඩා සැබෑ ලෝකෙ මෙහෙම පෙම්වතියො ඕනෙ තරම් ඉන්නවා. කෙනෙක් වෙනුවෙන් තමන්ගෙ ආසාවල් මරාගන්න එක ආදරේද? අපිට සැබෑවටම ආදරේ කෙනෙක්ට පුළුවන්ද ඇඳුමෙ පැළඳුමේ ඉඳලා හැම දේටම නීති රීති දාන්න. කෙනෙක්ගෙ අන්‍යයතාවය නැති කරලා දාන එකද ආදරේ? පෙම්වතා මුලින් මුලින් ඔහොම නීති දානකොට කෙල්ලො හිතනව ඒ ආදරේට වග. ඔව්! ඒ ආදරේ තමයි. ඒත් මේ දේවල් සීමාව ඉක්මවලා ගියොත්? 

The Girlfriend

භූමා කියන තරුණිය හයිද්‍රාබාද් එන්නෙ වැඩිදුර අධ්‍යාපනය ලැබීමේ බලාපොරොත්තුවෙන්. ඇගේ විෂය වුණේ සාහිත්‍යය. තාත්තගෙ රැකවරණය යටතේ උස් මහත් වෙලා ඉස් ඉස්සෙල්ලම නගරයට ආව ඇයගෙ අරමුණ වුනේ හැකිතරම් හොඳට අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කරන එක. භූමාට විකීව මුණගැහෙන්නෙ Campus එකේදි. කඩවසම් කොල්ලෙක් වුණ විකී බලෙන්ම වගේ ඇගේ ජීවිතේට ආවා. හමුවීම් කිහිපයකට පස්සෙ ඇය ඔහුගෙ පෙම්වතිය වෙලා තිබුණෙ ඇයටත් නොදැනිම. ගොඩක් කෙල්ලන්ගෙ හීන කුමාරයා වුණ විකී හොඳ පෙම්වතෙක් වගේ පෙනුණා. ඔහු ඇයව රැක බලාගත්තා. ඇහුම්කන් දුන්නා. ඈත් එක්ක ජීවිතේ බෙදාගත්තා. ඔවුන්ගෙ සම්බන්ධකම දුර දිග ගියේ ඇයත් නොදැනිම. ඇය හිතුව ඔහු ඇය හිතන විදිහේ කොල්ලෙක් බව. අලුත් පරිසරයක, ජීවිතේ මීට කලින් දැනුනෙ නැති සුන්දරත්වයක් ඇයට දැනුනා.

ටික දවසක් යනකොට ඔහුගෙ විදිහෙ පොඩි පොඩි වෙනස්කම් වෙන්න ගත්තා. ඇය කොහෙද යන්නෙ, කා එක්කද දවස පුරාම ඔය වගේ ප්‍රශ්න ගොඩකට උත්තර දෙන්න භූමාට සිද්ධ වුණා. ඉතිං ඇය හොඳ පෙම්වතියක් වගේ ඔහු කියන විදිහට වැඩ කරා. ඔහු එපා කියන දේවල් නොකර හිටියා. ඔහු වෙනුවෙන් තමන්ටම නීති දමාගත්තා. ටිකෙන් ටික ඇයට මේ සම්බන්ධකම ගැන දෙගිඩියාවක් දැනෙන්න ගත්තා. තමන් ඇත්තටම සතුටින්ද ඉන්නෙ? ඒ නැත්තම් හැම මොහොතෙම ඔහු කියන දේවල් කරමින් ඔහුට ඕනෙ විදිහටද? ඔහුගෙ පරිස්සම දැන් පාලනයක් බවට හැරිලා. එක දවසක්, ඇයට නොකියාම ඔහු ඇයව ඔහුගෙ අම්මව මුණගැහෙන්න එක්කගෙන ගියා. විකී ඒ බව කිව්වෙ ගමන අතරමග නිසා භූමා මොනතරම් විරුද්ධ වුණත් ඵලක් වුණේ නැහැ. ඉතින් ඇයට ඔහුගෙ අම්මව මුණගැහුණා. ඇය හරිම නිහඬ ගැහැණියක්. ඒ ගමනෙදි භූමා වික්‍රම් ගැන ගොඩක් දේවල් තේරුම් ගත්තා. තමන් ඇත්තටම ඔහුට ආදරේද? මුළු campus එකම ඔවුන් ගැන දැනගෙන සිටියා. ඔවුන් ගැන හැමදේම. තමන් ඇත්තටම වික්‍රම්ට ආදරේද කියන ප්‍රශ්නෙට භූමාගෙ අවංක උත්තරේ වුණේ, නැහැ කියන එක. ඇයට ඕනෙ වුණා මේ සම්බන්ධය නතර කරලා දාන්න. ඊට පස්සෙ තමයි භූමට මීට කලින් ඇය දැකලා නැති විදිහෙ විකී කෙනෙක්ව දකින්න ලැබෙන්නෙ.

The Girlfriend

ඒ සිද්ධියෙන් පස්සෙ භූමගෙ ජීවිතේ ගොඩක් දේවල් වෙනස්වෙලා තිබුණා. ඇය මෙහි ආවෙ හීනයක්, බලාපොරොත්තුවක් සැබෑ කරගැනීම වෙනුවෙන්. වඩාත් යහපත් ජීවිතයක් ගත කිරීමේ හීනයත් සමගින්. ඇත්තටම අපිට ආදරේ කෙනෙක් කවදාවත් අපේ හීනවලට මග අහුරන්නෙවත්, අපිට අපිව අහිමි කරගන්නවත් ඉඩ දෙන්නෙ නෑ. සමහර පෙම්වතුන්ගෙ සැබෑ ස්වරූපය බලාගන්න ලැබෙන්නෙ ටිකක් පහුවෙලා. ඒ බව දැනගන්න ලැබුණමත් නොදන්නව වගේ කරබාගෙන රටේ ලෝකෙ අයට බයේ පරමාදර්ශී පෙම්වතියගේ චරිතයම රඟපානවද, වැරදුණ තැන ඉඳලා අලුතෙන්ම සහ කලින්ටත් වඩා ශක්තිමත්ව ජීවිතේ පටන් ගන්නවද කියන තීරණය තියෙන්නෙ තමන්ගේ අතේ.

The Girlfriend

ඒ වගේම තමයි ජීවිතේ බිඳ වැටීම් කඩා වැටීම් හමුවේ තමයි අපිට අපි වටා ඉන්න අයගෙ ඇත්ත ස්වභාවය අඳුනගන්න පුලුවන් වෙන්නෙත්. සමහරවෙලාවට අපි හිතුවෙම නැති මිනිස්සු අපිව හරියටම තේරුම් අරන් අපි වෙනුවෙන් පෙනී සිටිනවා. මනුස්සයෙක් විදිහට අපිට හයිය තියෙන්න ඕනෙ අපිවම accept කරන්න. ලෝකය මොන විදිහෙ කතා හැදුවත් බය නැතුව හැමදේටම face කරලා අපේ හීනවලට යන්න. ප්‍රශ්න කරදර එක්ක තමයි අපේ ආත්ම විශ්වාසය වැඩි දියුණු වෙන්නෙ. ඒ විශ්වාසයට පුළුවන් ගොඩක් දේවල් සුන්දර කරන්න.

Latest news

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න රටක් විදියට ඉස්සරහට යනකොට බිත්තරය කියන එක වැදගත් බවත් බිත්තර ලක්ශ 15 ක...

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...
- Advertisement -spot_img

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...

පිරිමින්ටත් පියයුරු පිළිකා

පිරිමින්ටත් පියයුරු පිළිකා පියුයුරු පිළිකා සම්බන්ධව ප්‍රජාව දැනුම්වත් කරන ඒ පිළිබඳව උපදේශන සේවා ක්‍රියාත්මක වන කාල වකවානුවයි මේ. නවතම දත්ත...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you