More
    Newsඩේසිගේ නඩු කටයුතු සඳහා මානසික වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන...

    ඩේසිගේ නඩු කටයුතු සඳහා මානසික වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නියෝගයක්.

    -

    spot_img

    මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ලබා සිටින යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අය නඩුවකට පෙනී සිටීම සඳහා සුදුසු මානසික තත්ත්වයක පසු වන්නේදැයි පරික්ෂා කර බලා, මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවන ලෙසට කොළඹ මහාධිකරණය අද කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියම කර තිබෙනවා.

    මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග ඉදිරියේ කැඳවනු ලැබුණු අතර, එහිදී ඇප මත මුදා හැර සිටින යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරස්ට් යන විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටි බවයි වාර්තා වන්නේ.

    මෙම නඩුව මීට පෙර කැඳවූ අවස්ථාවේදී විත්තිකාර ඩේසි ෆොරස්ට් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා විසින් අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් සිය සේවාදායිකාව වයස අවුරුදු 98 ක තැනැත්තියක් බවත්, ඇය ඩිමෙන්ෂියා සහ ඇල්සයිමර් නමැති රෝගී තත්වයන්ගෙන් පෙළෙන බවත්, ඇයට ඇයට මෙම නඩුවේ විත්ති වාචකය ඉදිරිපත් කිරීමට තරම් යහපත් මානසික තත්ත්වයක් නොමැති බවත් සඳහන් කර තිබුණා.

    ඒ අනුව, ඩේසි ෆොරස්ට් යන අයට විත්ති වාචකය ඉදිරිපත් කිරීමට තරම් සුදුසු මානසික තත්ත්වයක් තිබේද යන කරුණු පිළිබඳව විශේෂඥ මානසික වෛද්‍යවරයෙකු ලවා පරීක්ෂා කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියෝග කරනු ලැබූ අතර, පැමිණිල්ල විසින් දැනුම් දෙන දිනයක කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියා හමුවේ පෙනී සිටින ලෙසත් අධිකරණය විසින් විත්තිකාරියට දැනුම් දුන්නා.

    ඉන් අනතුරුව මෙම කටයුතුවල ප්‍රගතිය විමසීම සඳහා නඩුව ජනවාරි මස 22 වැනිදා කැඳවන ලෙසත් විනිසුරුවරයා නියෝග කළා.

    රුපියල් මිලියන 73 කට ආසන්න වත්කම් හා දේපළ අයථා ලෙස අත්පත් කර ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කොට, යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා.

     

    Latest news

    නුවරඑළියේ සිදු කළ පරීක්ෂාවකදී ධාවනයට නුසුදුසු වාහන 73 ක් ධාවනයෙන් ඉවත් කරේ

    නුවරඑළියේ සිදු කළ හදිසි වායු විමෝචන පරීක්ෂාවකදී, වාහන 73 ක් දින 14 ක කාලයක් සඳහා තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට...

    අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනපති වෙත සිය අක්තපත්‍ර භාර දෙයි

    මෙරටට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය අක්තපත්‍ර භාරදී තිබෙනවා. 01 - කොළඹ...

    වැල්ලවායේ කුඩු බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට

    වැල්ලවාය ප්‍රදේශයට හොරොයින් මත්ද්‍රව්‍ය බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ, පොලීසිය විසින් වැල්ලවාය නගරයේ සිදුකළ වැටලීමකදීයි. සැකකරු සන්තකයේ තිබී අළෙවි...

    ජනපති අනුර රටවල් කිහිපයක නායකයින් නවදිල්ලියේදී හමුවෙයි

    නවදිල්ලි නුවර පැවැත්වෙන ්ෂ ඉම්පැක්ට් 2026 සමුළුවට සහභාගිවී සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටවල් කිහිපයක නායකයින් සමග ද්විපාර්ශ්වික...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 38

    රත් දෝතළු - 38 අහස් යනු අමුතුම අයෙකු යැයි කියා මට සිතිණි. වරෙක රළු ලෙසින් කතාබහ කළද සැනෙකින් මෘදු වන්නේ...

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක්

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක් - Homebound සමහර මිතුරුකම් ලේ නෑකම්වලට වඩා ප්‍රභලයි. අම්මා තාත්තටත් වඩා හදවතට සමීපයි. යහළුවෙක්ට...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page