NewsWTC Final ඔස්ට්‍රේලියාව ලකුණු 218 ක් ඉදිරියෙන්

WTC Final ඔස්ට්‍රේලියාව ලකුණු 218 ක් ඉදිරියෙන්

-

spot_img

WTC Final –  ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරගයේ තෙවන දිනය අදයි.

ඒ අනුව දෙවන දිනය සඳහා තරගය නතර කරන විට සිය දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි ඔස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලකුණු 144 ක් ලබා සිටියා.

සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා කණ්ඩායම ලකුණු 138 කට සීමා වූ අතර එහිදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් වාර්තා කළේ, David Bedingham වන අතර ඔහු ලකුණු 45 ක් ලබාගත්තා.

පන්දු යැවීමේදී ඔස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් Pat Cummins කඩුලු 6 ක් බිඳ හෙළීමට සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකා කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 212 ක් ලබා ගත්තා‍.

ඒ අනුව මේ වන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියා කණ්ඩායම දකුණු අප්‍රිකානු පළමු ඉනිමට වඩා ලකුණු 218 ක් ඉදිරියෙන් පසුවනවා.

 

Latest news

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු එල්නිනෝ අනිටු බලපෑම් සහ මැද පෙරදිග අර්බුදය නිසාවෙන් සීනි, ලොකු ළූණු, ආනයනික...

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත්...

නියඟය වැඩි පැතිවලට ආණ්ඩුවෙන් වතුර

නියඟය වැඩි පැතිවලට ආණ්ඩුවෙන් වතුර වියළි, උණුසුම් කාලගුණය නිසා පීඩාවට පත්ව ඇති මඩකළපුව, මොනරාගල සහ අම්පාර ඇතුළු දිස්ත්‍රික්කවල ජනතාවට පානීය...
- Advertisement -spot_img

නිවාඩු කාලෙට සුන්දර චාරිකාවක්

නිවාඩු කාලෙට සුන්දර චාරිකාවක් - සීතාවක උද්භිද උද්‍යානය මෙරට උද්භිද උද්‍යානයක් මුලින්ම නිර්මාණය වන්නේ 1821 දීය. ඒ පේරාදෙණිය රාජකීය උද්භිද...

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු එල්නිනෝ අනිටු බලපෑම් සහ මැද පෙරදිග අර්බුදය නිසාවෙන් සීනි, ලොකු ළූණු, ආනයනික...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you