More
    spot_img
    SportsSLC-Women's U23 District Tournament ශූරතාව ගම්පහට

    SLC-Women’s U23 District Tournament ශූරතාව ගම්පහට

    -

    spot_img

    SLC-Women’s U23 District Tournament ශූරතා දිනා ගැනීමට ගම්පහ, ගාල්ල, යාපනය, අනුරාධපුර, සහ මහනුවර යන දිස්ත්‍රික් කණ්ඩායම් සමත්වූහ. මෙම තරඟාවලිය සංවිධානය කර තිබුනේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙනුයි. තරඟාවලියේදී ශූරතාව දිනූ කණ්ඩායම් 5 ම අපරාජිතව එම කුසලාන දිනා ගැනීමද කැපී ‌පෙනිණ. මෙහි ඇති විශේෂත්වය වූයේ බස්නාහිර පළාත නියෝජනය කරමින් තරග වැදි කණ්ඩායම් අතරින් ශූරතාව කොළඹින් ගම්පහට රැගෙන යෑමට සමත්වීමයි.

    එම ශූරතාව වෙනුවෙන් අද කොළඹ දකුණු පිලට එරෙහිව අද පැවැති තරගය තීරණාත්මක විය. එම තරගයේදී ගම්පහ කණ්ඩායම විසින් ලකුණු 05 ක තියුණු ජයක් වාර්තා කරමින් අභිනව දිස්ත්‍රික් තරගාවලියේ ශූරතාව ගම්පහට රැගෙන ගියේය.

    අද තරගයේ ලද ජයත් සමඟ ගම්පහ කණ්ඩායම් මූලික තරග වටයේ සහභාගිවූ තරග 6 න් 3 ක් ජය ගනිමින් ශූරියන් ලෙසින් කිරුළු පැළඳූවේ සෙසු තරග 3 ම විසඳුමකින් තොරව අවසන් වූ බැවිනි. එම කාණ්ඩයේ තරග වැදි කොළඹ දකුණ සහ, කොළම උතුරු කණ්ඩායම් ජයග්‍රහණ 2 බැගින් ලබද්දී කලුතර කණ්ඩායම ජයග්‍රහණ 2 ද් වාර්තා කළහ.

    මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ගම්පහ කණ්ඩායම පන්දුවාර 20 දී කඩුලු 5 ට ලකුණු 130 ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේදී කොළඹ දකුනු කණ්ඩායමට නියමිත පන්දුවාර 20 දී රැස් කරගත හැකි වූයේ කඩුලු 8 ට ලකුණු 125 ක් පමණි.

    මේ අතර අද පැවැති සෙසු තරග 3 දී කෑගලු කණ්ඩායම විසින් මඩකලපු කණ්ඩායම ලකුණු 133 කින්ද, කුරුණෑගල පිල විසින් පුත්තලම් පිල ලකුණු 57 කින්ද සහ කලුතර කණ්ඩායම විසින් කොළඹ උතුරු කණ්ඩායම කඩුලු 4 කින්ද (ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව) ජය වාර්තා කළහ.

    කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂ ක්‍රීඪිකාවන් සොයා ගැනීම මෙන්ම ශක්තිමත් දෙවැනි පෙළ කණ්ඩායමක් සූදානම් කර ගැනීමේ අරමුණු කොට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙම තරගාවලිය සංවිධානය කරන ලදී. ඒ අනුව ශ්‍රී ලංකාවම නියෝජනය වන පරිදි දිස්ත්‍රික්ක 26 ක් මෙම තරගාවලිය සඳහා මූලික වටයේදී තරග වැදුණහ. එහීදී බස්නාහිර පලාත නියෝජනය කරමින් කණ්ඩායම් 4 ක්, දකුණු පළාත නියෝජනය කරමින් කණ්ඩායම් 6 ක්, උතුරු පළාත නියෝජනය කරමින් කණ්ඩායම් 5 ක්, උතුරු මැද සහ වයඹ පළාත් නියෝජනය කරමින් කණ්ඩායම් 6 ක් සහ මධයම සහ නැගෙනහිර පලාත් නියෝජනය කරමින් කණ්ඩායම් 6 ක් මෙවර තරගාවලියේදී තරග වැදිණ.

    ගම්පහ පිලට ලකුණු 05 ක ජයක්

    ගම්පහ කාන්තා පිල පන්දුවාර 20 කදී කඩුලු 5 ට ලකුණු 130 යි – (නිමේෂා තරුනි 23, නෙත්මි ගුණරත්න 34, සඳලි වීරසිංහ 22, නිකේෂා විජේසේකර 12, විදුෂිකා පෙරේරා 10)

    කොළම දකුණ පන්දුවාර 20 කදී කඩුලු 8 ට ලකුණු 125 යි – (ශිකාරි ද සිල්වා 66, හරිනි පෙරේරා 20, ඉමල්ෂි යසාරා 12, විදුෂිකා පෙරේරා 27/2, සඳලි වීරසිංහ 12/2, නිකේෂා විජේසේකර 29/2, හසිනි විජේසිංහ 16/2)

    කෑගල්ලට ලකුණු 133 ක ජයක්

    කෑගල්ල කාන්තා පිල පන්දුවාර 20 කදී කඩුලු 4 ට ලකුණ 170 යි – (රුවනි වත්සලා 35, ඩිල්ෂානි කුමාරසිරි 28, රන්දි වාසනා 59, ජුලියාන් ජෙසුදාසන් 30/2)

    මඩකලපුව කාන්තා කණ්ඩායම ප්දුවාර 15.1 කදී ලකුණු 37 යි – (රන්දි වාසනා 10/4, නදීෂානි සෙනෙවිරත්න 09/3, ඩිල්ෂානි කුමාරසිරි 08/2)

    කුරුණෑගලට පිලට ලකුණු 57 ක ජයක්

    කුරුණෑගල කාන්තා පිල පන්දුවාර 20 කදී කඩුලු 5 ට ලකුණු 130 යි – (චමෝදයා දෙවින්ද්‍යා 33, නෙත්මි උපේක්ෂා 20, අශානි කෞෂලයා 41)

    පුත්තලම කාන්තා පිල පන්දුවාර 19.4 කදී සියලු දෙනා දැවී ලකුණු 73 යි – (ෂෙහාරා රෝෂිනී 27)

    කලුතර පිලට ඩක්වර්ත් ලුවිස් නයායට අනුව කඩුලු 4 ක ජයක්

    කොළඹ උතුරු කණ්ඩායම පන්දුවාර 20 කදී කඩුලු 8ට ලකුණු 119 යි – (මනුදි නානායක්කාර 44, ‌ශෂානි අයේසිකා 11, දනුජි ප්‍රනාන්දු 13, සාවින්දි කුරේ 18/2)

    කලුතර කාන්තා කණ්ඩායම පන්දුවාර 14 කදී කඩුලු 6 ට ලකුණු 97 යි – (‌රශිනි පෙරේරා 10, නවෝද්‍යා නෙත්මිනී 31, සාවින්දි කුරේ 12, තුක්ෂි සංසලා 16, දනුජි ප්‍රනාන්දු 16/2)

    Latest news

    IMF අනුරට බැරි ඇයි..?

    IMF - "පොහොසත් රටක් ලස්සන ජිවිතයක්" සිය ප්‍රත්පත්තිය ලෙස ප්‍රකාශයට පත් කරන හිටපු කෘෂිකර්ම අමාත්‍ය අනුර කුමාර දිසානායකට සහ...

    Local Government Elections නාම යෝජනා නැවත කැඳවන යෝජනාවක්!

    Local Government Elections - 2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා කැඳවා ඇති නාම යෝජනා ආපසු කැඳවා 2024 ඡන්ද...

    Nandalal Weerasinghe ගමන වෙනස් වුණොත් රට නැවත වැටෙනවා

    Nandalal Weerasinghe - ශක්තිමත් මූල්‍ය ප්‍රතිපත්ති හා තීන්දු තීරණ හේතුවෙන් අපේක්ෂා කළාට වඩා වැඩි වේගයකින් ශ්‍රී ලංකාව පැවතී ආර්ථික...

    Cannabises රජයේ ගංජා වගාව මීරිගම සහ මහනුවර

    Cannabises - මෙරට දෙවැනි කර්මාන්ත කලාපය වන ත්‍රිකුණාමලයේ කප්පල්තුරේ කර්මාන්ත කලාපයට ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක පමණ ආයෝජනයක් ලබාගැනීමට රජය...
    - Advertisement -spot_img

    New Zealand vs Sri Lanka ටෙස්ට් තරගාවලිය ගාල්ලේදී

    New Zealand vs Sri Lanka තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සැප්තැම්බර් 18 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට...

    Hima Mal Renu හිම මල් රේණු – 58

    Hima Mal Renu හිම මල් රේණු නදීරා කුමක් කියන්නට යනවාද කියා මා සිතේ වූයේ කුතුහළයකි. "ඔයාම කියනවනේ ආරණ්‍යා ...අනුරාග් හොඳ කෙනෙක්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page