SportsSLC-Women's U23 District Tournament ශූරතාව ගම්පහට

SLC-Women’s U23 District Tournament ශූරතාව ගම්පහට

-

spot_img

SLC-Women’s U23 District Tournament ශූරතා දිනා ගැනීමට ගම්පහ, ගාල්ල, යාපනය, අනුරාධපුර, සහ මහනුවර යන දිස්ත්‍රික් කණ්ඩායම් සමත්වූහ. මෙම තරඟාවලිය සංවිධානය කර තිබුනේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙනුයි. තරඟාවලියේදී ශූරතාව දිනූ කණ්ඩායම් 5 ම අපරාජිතව එම කුසලාන දිනා ගැනීමද කැපී ‌පෙනිණ. මෙහි ඇති විශේෂත්වය වූයේ බස්නාහිර පළාත නියෝජනය කරමින් තරග වැදි කණ්ඩායම් අතරින් ශූරතාව කොළඹින් ගම්පහට රැගෙන යෑමට සමත්වීමයි.

එම ශූරතාව වෙනුවෙන් අද කොළඹ දකුණු පිලට එරෙහිව අද පැවැති තරගය තීරණාත්මක විය. එම තරගයේදී ගම්පහ කණ්ඩායම විසින් ලකුණු 05 ක තියුණු ජයක් වාර්තා කරමින් අභිනව දිස්ත්‍රික් තරගාවලියේ ශූරතාව ගම්පහට රැගෙන ගියේය.

අද තරගයේ ලද ජයත් සමඟ ගම්පහ කණ්ඩායම් මූලික තරග වටයේ සහභාගිවූ තරග 6 න් 3 ක් ජය ගනිමින් ශූරියන් ලෙසින් කිරුළු පැළඳූවේ සෙසු තරග 3 ම විසඳුමකින් තොරව අවසන් වූ බැවිනි. එම කාණ්ඩයේ තරග වැදි කොළඹ දකුණ සහ, කොළම උතුරු කණ්ඩායම් ජයග්‍රහණ 2 බැගින් ලබද්දී කලුතර කණ්ඩායම ජයග්‍රහණ 2 ද් වාර්තා කළහ.

මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ගම්පහ කණ්ඩායම පන්දුවාර 20 දී කඩුලු 5 ට ලකුණු 130 ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේදී කොළඹ දකුනු කණ්ඩායමට නියමිත පන්දුවාර 20 දී රැස් කරගත හැකි වූයේ කඩුලු 8 ට ලකුණු 125 ක් පමණි.

මේ අතර අද පැවැති සෙසු තරග 3 දී කෑගලු කණ්ඩායම විසින් මඩකලපු කණ්ඩායම ලකුණු 133 කින්ද, කුරුණෑගල පිල විසින් පුත්තලම් පිල ලකුණු 57 කින්ද සහ කලුතර කණ්ඩායම විසින් කොළඹ උතුරු කණ්ඩායම කඩුලු 4 කින්ද (ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව) ජය වාර්තා කළහ.

කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂ ක්‍රීඪිකාවන් සොයා ගැනීම මෙන්ම ශක්තිමත් දෙවැනි පෙළ කණ්ඩායමක් සූදානම් කර ගැනීමේ අරමුණු කොට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙම තරගාවලිය සංවිධානය කරන ලදී. ඒ අනුව ශ්‍රී ලංකාවම නියෝජනය වන පරිදි දිස්ත්‍රික්ක 26 ක් මෙම තරගාවලිය සඳහා මූලික වටයේදී තරග වැදුණහ. එහීදී බස්නාහිර පලාත නියෝජනය කරමින් කණ්ඩායම් 4 ක්, දකුණු පළාත නියෝජනය කරමින් කණ්ඩායම් 6 ක්, උතුරු පළාත නියෝජනය කරමින් කණ්ඩායම් 5 ක්, උතුරු මැද සහ වයඹ පළාත් නියෝජනය කරමින් කණ්ඩායම් 6 ක් සහ මධයම සහ නැගෙනහිර පලාත් නියෝජනය කරමින් කණ්ඩායම් 6 ක් මෙවර තරගාවලියේදී තරග වැදිණ.

ගම්පහ පිලට ලකුණු 05 ක ජයක්

ගම්පහ කාන්තා පිල පන්දුවාර 20 කදී කඩුලු 5 ට ලකුණු 130 යි – (නිමේෂා තරුනි 23, නෙත්මි ගුණරත්න 34, සඳලි වීරසිංහ 22, නිකේෂා විජේසේකර 12, විදුෂිකා පෙරේරා 10)

කොළම දකුණ පන්දුවාර 20 කදී කඩුලු 8 ට ලකුණු 125 යි – (ශිකාරි ද සිල්වා 66, හරිනි පෙරේරා 20, ඉමල්ෂි යසාරා 12, විදුෂිකා පෙරේරා 27/2, සඳලි වීරසිංහ 12/2, නිකේෂා විජේසේකර 29/2, හසිනි විජේසිංහ 16/2)

කෑගල්ලට ලකුණු 133 ක ජයක්

කෑගල්ල කාන්තා පිල පන්දුවාර 20 කදී කඩුලු 4 ට ලකුණ 170 යි – (රුවනි වත්සලා 35, ඩිල්ෂානි කුමාරසිරි 28, රන්දි වාසනා 59, ජුලියාන් ජෙසුදාසන් 30/2)

මඩකලපුව කාන්තා කණ්ඩායම ප්දුවාර 15.1 කදී ලකුණු 37 යි – (රන්දි වාසනා 10/4, නදීෂානි සෙනෙවිරත්න 09/3, ඩිල්ෂානි කුමාරසිරි 08/2)

කුරුණෑගලට පිලට ලකුණු 57 ක ජයක්

කුරුණෑගල කාන්තා පිල පන්දුවාර 20 කදී කඩුලු 5 ට ලකුණු 130 යි – (චමෝදයා දෙවින්ද්‍යා 33, නෙත්මි උපේක්ෂා 20, අශානි කෞෂලයා 41)

පුත්තලම කාන්තා පිල පන්දුවාර 19.4 කදී සියලු දෙනා දැවී ලකුණු 73 යි – (ෂෙහාරා රෝෂිනී 27)

කලුතර පිලට ඩක්වර්ත් ලුවිස් නයායට අනුව කඩුලු 4 ක ජයක්

කොළඹ උතුරු කණ්ඩායම පන්දුවාර 20 කදී කඩුලු 8ට ලකුණු 119 යි – (මනුදි නානායක්කාර 44, ‌ශෂානි අයේසිකා 11, දනුජි ප්‍රනාන්දු 13, සාවින්දි කුරේ 18/2)

කලුතර කාන්තා කණ්ඩායම පන්දුවාර 14 කදී කඩුලු 6 ට ලකුණු 97 යි – (‌රශිනි පෙරේරා 10, නවෝද්‍යා නෙත්මිනී 31, සාවින්දි කුරේ 12, තුක්ෂි සංසලා 16, දනුජි ප්‍රනාන්දු 16/2)

Chaminda Dissanayaka
Chaminda Dissanayakahttps://thulanamag.lk
Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

Latest news

වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම රජයේ මූලික ප්‍රතිපත්තිමය කැපවීමයි

කොළඹ LNW: ශ්‍රමය සඳහා ලැබිය යුතු නිසි ගෞරවය ලබාදීම සහ සියලු වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වත්මන් රජයේ මූලික ප්‍රතිපත්තිමය...

විදුලි ගාස්තු කීයකින් වැඩි වෙයිද?

විදුලි ගාස්තු කීයකින් වැඩි වෙයිද? සංශෝධිත විදුලි ගාස්තු පිළිබඳ තීරණය මැයි මස 9 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිත බැව් ශ්‍රී...

අල්ලස් දඩයක්කරුවන් දඩයම් කිරීමේ ඛේදවාචකය

කොන්දේසි විරහිතව දූෂණය පිටුදකින බවට කටමැද දොඩා බලයට පැමිණි AKD ගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගය (NPP), දැන් අඛණ්ඩ...

හෑෂ් සහ කුෂ් ගෙනා භික්ෂූන්ට අත්වන ඉරණම

හෑෂ් සහ කුෂ් ගෙනා භික්ෂූන්ට අත්වන ඉරණමගුවන්තොටුපොළේ දී භික්ෂූන් වහන්සේලා අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහානායක ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනා මත...
- Advertisement -spot_img

රත් දෝතළු – 80

රත් දෝතළු - 80 අහස් සමඟ මා මුහුණ පා ඇති ගැටළුව මම නොවළහා පැවසුවෙමි. ඔහු නිහඬවම අසා සිටියේ මට බාධා...

Time Loop යනු සැබෑවක්ද?

Time Loop යනු සැබෑවක්ද? - Sambhavam Adhyayam Onnu පසුගිය මාර්තු මස තිරගත වීම ඇරඹූ Sambhavam Adhyayam Onnu වෙනස්ම කතා තේමාවක්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you