Poemsගැහෙන මේ ගෑණු හිත බලහං අයියේ!

ගැහෙන මේ ගෑණු හිත බලහං අයියේ!

-

spot_img

ගැහෙන මේ ගෑණු හිත !

“හිතුවෙ උඔ උඔ ගැනම විතරයි”
ඔයා මට කෑගැහුව මතකයි අයියේ
එල්ලිලා එකෙකුගෙ අතේ
කියනවද උඔ මට ආදරේ
මං ගොනෙක් කියලද උඹෙ හිතේ
පුපුරන ඔයාගේ සද්දෙට බයේ
එකපාර එයාගේ අත පවා
මං අතෑරලා තියනවා අයියේ………

“කෑවද ඔයා” මං අහද්දී
ගෑණු සෝබන කියා හිනැහී
හිතින් මට බනිනවා ඇති ඔයා
බීලා කොහේ හරි වැටෙයිද..?
නොකා ඉඳලා ලෙඩ වෙයිද…?
එයාගේ එහා පස ඉඳගෙන
ඔයාගේ දුක සැප විමසන
ගැහෙන මේ ගෑණු හිත බලහං අයියේ….

කියනව වගෙ ඔයා අයියේ
ගල් හිතක් වෙන්නැති මට ඇත්තේ
ඒ නිසා වෙන්නැති අපේ සෙනෙහේ
මල් පෙති වගේ සුදු,මුදු නොවූයේ
ඔයා පපුව මැද ගල් කටු අනින අතරේ
ඇහුණෙ නෑ නේද මගෙ පපුව ඇතුලේ
ආදරේ ගල් බෝර පුපුරන සද්දේ………..

අඬවැඩියාව කියා ගෑණුන්ගේ
ඔයා රවනව තමා අයියේ
බෙදාගෙන එයා හා ඇඳ සුවසේ
කඳුළු කාගෙන හිටිය අරුමේ
ආදර සටන් ගෑණුන්ට හිමි නෑනේ
ඒත් අඬන නිදහස උන්ට ඕනේ
ගෑණු මෙච්චර බොළඳ වෙන්නේ
පිරිමි හිත් හයිය හින්දද අයියේ……….

Latest news

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින්

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින් 2018 සිට 2024 වර්ෂය දක්වා කාලය තුළ පාසල් හැරගිය ළමයින් 267,138 දෙනෙකු වාර්තා වී...

එල් නිනෝ ලංකාවට එන හැටි

එල් නිනෝ ලංකාවට එන හැටි - El Nino එල් නිනෝ යනුවෙන් හඳුන්වන්නේ මධ්‍යම හා නැගෙනහිර පැසිෆික් කලාපයේ සාගර ජලය මතුපිට...

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල්

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල් කොළඹ මහල් නිවාස විසි හතම අපායන් බවත් ඒවා මිනිසුන්ට ජීවත් විය හැකි පරිදි සකස්...

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්?

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්? රජයේ ආර්ථික කළමනාකරණය ගැන විශ්වාසය ගිලිහී යෑම නිසා රුපියල මත පවතින පීඩනය තවදුරටත් ඉහළ යා හැකි...
- Advertisement -spot_img

ඔයාට තරම් ඔයාව බලාගන්න වෙන කාටවත් බෑ

ඔයාට තරම් ඔයාව බලාගන්න වෙන කාටවත් බෑ - Ananya Panday අනන්‍යා පාණ්ඩේ යනු සමකාලීන බොලිවුඩයේ වඩාත්ම ජනප්‍රිය නිළියන්ගෙන් කෙනෙකි. ඉන්දීය...

එල් නිනෝ ලංකාවට එන හැටි

එල් නිනෝ ලංකාවට එන හැටි - El Nino එල් නිනෝ යනුවෙන් හඳුන්වන්නේ මධ්‍යම හා නැගෙනහිර පැසිෆික් කලාපයේ සාගර ජලය මතුපිට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you