NewsCeftriaxone බෙහෙත් විෂ වීමෙන් තවත් රෝගියෙකු මියයයි

Ceftriaxone බෙහෙත් විෂ වීමෙන් තවත් රෝගියෙකු මියයයි

-

spot_img

Ceftriaxone – ඖෂධ ආසාත්මිකතාවයක් හේතුවෙන් පේරාදෙණිය රෝහලේදී 57 හැවිරිදි රෝගියෙකු මියගොස් තිබෙනවා. කෑගල්ල ශික්ෂණ රෝහලේදී මියගිය 21 හැවිරිදි තරුණියගේ මරණයට හේතුවූ ප්‍රතිජීවක ඖෂධයම ආසාත්මිකතා වීම හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

Ceftriaxone

මෙම පුද්ගලයාට Ceftriaxone නම් ප්‍රතිජීවක මාත්‍රා දහහතරක් වෙන් වෙන් වශයෙන් ලබා දී තිබුණු අතර ඇතිවූ උදරාබාධයක් හේතුවෙන් රෝහල්ගත කර තිබුණා. ප්‍රතිජීවක ඖෂධය නිසා ඔහුට ජුලි 17 වෙනිදා ආසාත්මිකතා තත්වයක් ඇතිවූ බවත්,නිධන්ගත රෝගවලින් පෙළෙන අයෙක් වූ නිසා දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කළ රෝගියා ජුලි 18 වැනිදා මිය ගිය බවත් රෝහල් අධ්‍යක්ෂිකා වෛද්‍ය මිහිරි ප්‍රියංගනී පවසා සිටියා. වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය කියා සිටියේ රෝගියා නිධන්ගත රෝගවලින් පෙළෙන අයෙක් වූ නිසා මරණයට හේතුව ආසාත්මිකතාවමදැයි නිශ්චිතවම පැවසිය නොහැකි බවයි. ආසාත්මික ප්‍රතික්‍රියාව නිසාවෙන් මෙම මරණය සිදුවූ බව වෛද්‍යවරුන්ගේ අනුමානය බව පැවසු රෝහල් අධ්‍යක්ෂකවරිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුවෙමින් පවතින බව සඳහන් කර සිටියාය.

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

ස්වර්ග සිහින

ස්වර්ග සිහින - Licorice Dreams බෙනඩික්ට් මියගියේ ස්වර්ගයට යෑමේ අපේක්ෂාවෙනි. ඔහු සාන්තුවරයෙකු නොවීය. ඔහු ඉඳහිට තම සහෝදරයා සමග මත්පැන් පානය...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you