NewsCeftriaxone බෙහෙත් විෂ වීමෙන් තවත් රෝගියෙකු මියයයි

Ceftriaxone බෙහෙත් විෂ වීමෙන් තවත් රෝගියෙකු මියයයි

-

spot_img

Ceftriaxone – ඖෂධ ආසාත්මිකතාවයක් හේතුවෙන් පේරාදෙණිය රෝහලේදී 57 හැවිරිදි රෝගියෙකු මියගොස් තිබෙනවා. කෑගල්ල ශික්ෂණ රෝහලේදී මියගිය 21 හැවිරිදි තරුණියගේ මරණයට හේතුවූ ප්‍රතිජීවක ඖෂධයම ආසාත්මිකතා වීම හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

Ceftriaxone

මෙම පුද්ගලයාට Ceftriaxone නම් ප්‍රතිජීවක මාත්‍රා දහහතරක් වෙන් වෙන් වශයෙන් ලබා දී තිබුණු අතර ඇතිවූ උදරාබාධයක් හේතුවෙන් රෝහල්ගත කර තිබුණා. ප්‍රතිජීවක ඖෂධය නිසා ඔහුට ජුලි 17 වෙනිදා ආසාත්මිකතා තත්වයක් ඇතිවූ බවත්,නිධන්ගත රෝගවලින් පෙළෙන අයෙක් වූ නිසා දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කළ රෝගියා ජුලි 18 වැනිදා මිය ගිය බවත් රෝහල් අධ්‍යක්ෂිකා වෛද්‍ය මිහිරි ප්‍රියංගනී පවසා සිටියා. වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය කියා සිටියේ රෝගියා නිධන්ගත රෝගවලින් පෙළෙන අයෙක් වූ නිසා මරණයට හේතුව ආසාත්මිකතාවමදැයි නිශ්චිතවම පැවසිය නොහැකි බවයි. ආසාත්මික ප්‍රතික්‍රියාව නිසාවෙන් මෙම මරණය සිදුවූ බව වෛද්‍යවරුන්ගේ අනුමානය බව පැවසු රෝහල් අධ්‍යක්ෂකවරිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුවෙමින් පවතින බව සඳහන් කර සිටියාය.

Latest news

ආණ්ඩුවේ මර්දනකාරි පනත් නිසා වෙළද කලාප සේවක සේවිකාවන්ට දැඩි බලපෑම්

ආණ්ඩුවේ මර්දනකාරි පනත් නිසා වෙළද කලාප සේවක සේවිකාවන්ට දැඩි බලපෑම් ආණ්ඩුව විසින් මර්දනකාරී පනත් ගෙන ඒමට මේ වන විට කටයුතු...

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම්

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම් : යුක්රේන බුද්ධි අංශයට සහාය දෙන රුසියානුවන් රුසියාව තුළ සිටිමින් ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ පාලනයට...

පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව තිස් පහකට සීමා කෙරේ

පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව තිස් පහකට සීමා කෙරේ ඉදිරි වසර තුන ඇතුළත පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව තිස් පහකට සීමා කිරීමට...

රටේ භුමියෙන් 30% ක් නායයෑමේ අවදානමක

රටේ භුමියෙන් 30% ක් නායයෑමේ අවදානමක ඉකුත් දිට්වා සුළි කුණාටුවේදී අධික වැසි තත්ත්වය නිසා නාය යෑමට ලක්වූ ස්ථාන 1,436ක් චන්ද්‍රිකා...
- Advertisement -spot_img

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම්

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම් : යුක්රේන බුද්ධි අංශයට සහාය දෙන රුසියානුවන් රුසියාව තුළ සිටිමින් ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ පාලනයට...

ඩැකෝටා මැෂින්ගන් සමඟ ප්‍රේමයක

ඩැකෝටා මැෂින්ගන් සමඟ ප්‍රේමයක මේ දවස්වල හොලිවුඩ්වලින් අලුත්ම ආදර කතාවක් ගැන අහන්න ලැබෙනවා. ඒ හොලිවුඩ් නිළි Dakota Johnson සහ ගායක...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you