Featuresඊශ්‍රායල ඩ්‍රෝන ගනුදෙනුව පිටුපස කොමිස් කුට්ටියක්?

ඊශ්‍රායල ඩ්‍රෝන ගනුදෙනුව පිටුපස කොමිස් කුට්ටියක්?

-

spot_img

ඊශ්‍රායල ඩ්‍රෝන ගනුදෙනුව පිටුපස කොමිස් කුට්ටියක්?

හොර පාරෙන් බිලියන 4.26ක් එළියට!

“ශ්‍රී ලංකාවේ භූමිය හෝ මුහුදු තීරය ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන කිසිදු කටයුත්තක් සඳහා යොදා ගැනීමට ඉඩ නොදෙමු.” ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2024 දෙසැම්බර් මාසයේදී නවදිල්ලියේදී ලබා දුන් මෙම ප්‍රතිඥාව සහ 2026 නොවැම්බර් මාසයේදී රුපියල් බිලියන 4.26ක් වැය කරමින් ඊශ්‍රායලයෙන් හමුදා ඩ්‍රෝන යානා (UAV) මිලදී ගැනීමට ගත් තීරණය අතර ඇත්තේ ඕනෑම අයෙකුට ඕනෑම දෙයක් සල්ලි වලට දෙන න්‍යායද ? නැතහොත් එය ඉන්දියන් සාගරයේ බල අරගලය වෙනුවෙන් ශ්‍රී ලංකාව පාවා දෙන රහසිගත ගනුදෙනුවක කොටසක්ද?

පාර්ලිමේන්තුවට හෙළි නොකළ ඉන්දු – ලංකා ආරක්ෂක ගිවිසුම්වල සිට ටෙන්ඩර් පටිපාටියකින් තොරව සිදු කෙරෙන ඊශ්‍රායල ඩ්‍රෝන ගනුදෙනුව දක්වා දිවෙන සිදුවීම් පෙළ විමසා බලන විට, මෙය හුදු ආරක්ෂක මිලදී ගැනීමකට එහා ගිය බරපතළ “අතයට ගේමක්” බවට සැක මතුවේ.

Israeli drone deal?

රටට හොරෙන් අත්සන් කළ නවදිල්ලි ගිවිසුමේ සැබෑ මුහුණුවර!

2024 දෙසැම්බර් සංචාරයේදී ජනාධිපතිවරයා ලබා දුන් ප්‍රතිඥාවේ සැබෑ ඉලක්කය වූයේ ශ්‍රී ලංකාවේ වරායන් වෙත පැමිණෙන චීන පර්යේෂණ නෞකා නතර කිරීම බව අමුතුවෙන් කිව යුතු නැත . ඉන් අනතුරුව 2025 සහ 2026 වසරවලදී ඉන්දියාව සමඟ අත්සන් කෙරුණු ආරක්ෂක සහයෝගීතා ගිවිසුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර සඟවා තබා ගැනීම කොතරම් අපූරුවට කළේ ද යත් එය අදටත් රහසකි. රජය ප්‍රකාශ කළේ එම ගිවිසුම් හුදෙක් ආරක්ෂක පුහුණු සහ තාක්ෂණික නඩත්තු කටයුතුවලට පමණක් සීමා වන බවයි. එහෙත්, ඉන්දියන් සාගරයේ ආරක්ෂක තොරතුරු හුවමාරු කර ගැනීමේදී ශ්‍රී ලංකාව ඉන්දියාවේ ආරක්ෂක උපායමාර්ගික සැලසුම්වලට රහසිගතව ගැටගසා ඇති බව ස්ථීරය.

ටෙන්ඩර් කැඳවීම් නැති “හදිසි” කොමිස් කුට්ටිය කාටද ?

ඉන්දියාව සමඟ ආරක්ෂක බැඳීම් තර වෙමින් පවතින පසුබිමක, 2026 නොවැම්බර් 05 වන දින රුපියල් මිලියන 4,261ක පරිපූරක ඇස්තමේන්තුවක් හරහා ඊශ්‍රායලයේ Blue Bird Aero Systems සමාගමෙන් ඩ්‍රෝන යානා හතරක් මිලදී ගැනීමට රජය පියවර ගත්තේය. විවෘත ටෙන්ඩර් කැඳවීමකින් තොරව, රාජ්‍යයන් දෙකක් අතර ගිවිසුමක් ලෙස මුවා වී රුපියල් බිලියන 4කට අධික මහජන මුදලක් ඊශ්‍රායල සමාගමකට ලබා දීමට ඇති හදිසිය කුමක්ද? මෙය පිටුපස දැවැන්ත කොමිස් ගනුදෙනුවක් ක්‍රියාත්මක වන්නේද යන්න පිළිබඳව පාර්ලිමේන්තුව තුළදී පවා සෘජුවම ප්‍රශ්න කෙරිණි.

Israeli drone deal?

ඇමරිකාවට සහ ඉන්දියාවට ඔත්තු සපයන කොන්ත්‍රාත්තුවක්ද?

මෙම සැකසහිත ගනුදෙනුව හරහා කලාපීය බලවතුන්ගේ න්‍යාය පත්‍රයකට ශ්‍රී ලංකාව හසු වී ඇති ආකාරය පැහැදිලිය.

ඉන්දියා – ඊශ්‍රායල ඇම

ඊශ්‍රායලය යනු ඇමරිකාවේ සමීපතම මිතුරා මෙන්ම ඉන්දියාවේ ප්‍රධානතම ආරක්ෂක තාක්ෂණික සැපයුම්කරුවෙකි. ශ්‍රී ලංකාව සිය සාගර කලාපය නිරීක්ෂණය කිරීමට ඊශ්‍රායල ඩ්‍රෝන පද්ධතියක් ස්ථාපිත කිරීම යනු, ඉන්දියන් සාගරයේ නිරීක්ෂණ දත්ත වක්‍රාකාරව බටහිර සහ ඉන්දීය ආරක්ෂක ජාලයන් වෙත විවෘත කිරීමකි.

ඉරාන නෞකා පාවා දීමේ සැලසුම

මැදපෙරදිග අර්බුදය හමුවේ ඉන්දියන් සාගරයේ සැරිසරන ඉරාන නෞකා පිළිබඳව ඇමරිකාවට ඔත්තු සැපයීමට මෙම යානා යොදා ගන්නේදැයි පාර්ලිමේන්තුවේදී චෝදනා එල්ල විය. එවැනි තත්ත්වයක් ඇති වුවහොත්, ශ්‍රී ලංකාවේ තේ වෙළඳපොළට සහ බලශක්ති ක්ෂේත්‍රයට සමීප මිතුරෙකු වන ඉරානය සමඟ පවතින සබඳතා සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනු ඇත.

Israeli drone deal?

චීනයේ උදහසට

හම්බන්තොට වරාය සහ කොළඹ වරාය නගරය හරහා ශ්‍රී ලංකාවේ දැවැන්ත ආයෝජන සිදු කර ඇති චීනය, තම නෞකාවල ගමන් මග ඊශ්‍රායල ඩ්‍රෝන යානා මගින් නිරීක්ෂණය වීම කිසිසේත්ම සැහැල්ලුවෙන් නොතකනු ඇත.

“ධීවරයින් සෙවීම” පිටුපස සැඟවුණු සත්‍යය!

රජය පවසන්නේ ඉන්දියාව සමඟ අත්සන් කළේ සාමාන්‍ය අවබෝධතා ගිවිසුම් බවත්, ඊශ්‍රායලයෙන් ඩ්‍රෝන ගෙන්වන්නේ අතුරුදන් වූ ධීවරයින් සෙවීමට සහ ගංවතුර බැලීමට බවත්ය. ධීවරයින් සෙවීමට සහ ගංවතුර බැලීමට ටෙන්ඩර් පටිපාටියටත් පිටින් ගොස් රුපියල් බිලියන 4.26ක් වියදම් කර ඊශ්‍රායලයෙන් හමුදා ඩ්‍රෝන ගෙන්වන්නට තරම් ආණ්ඩුවට ඇති වූ හදිසිය කුමක්ද? ජනතාවට බොරු සුරංගනා කතා කියමින්, රටේ ස්වෛරීභාවය සහ නොබැඳි ප්‍රතිපත්තිය බලවතුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් උකසට තබන මෙම “අතයට ගනුදෙනුවල” සැබෑ තොරතුරු වහාම රටට හෙළි කළ හැකිවනුයේ වෙනත් ආණ්ඩුවක් යටතේය. එවිට සියල්ල සිදුවි හමාරය.

✍️තරංග හර්ෂණ ආතාවුද විසිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

ආණ්ඩුව අලුතෙන් බදු නෑ කිව්වට රටට බඩුම තමයි

ආණ්ඩුව අලුතෙන් බදු නෑ කිව්වට රටට බඩුම තමයි රජය විසින් අලුතින් බදු පනවා නැති බවත්, සිදුව ඇත්තේ පවතින ක්‍රමවේදයන් යාවත්කාලීන...

ස්ත්‍රී දූෂණ සහ ලිංගික අතවර වරදට හොලිවූඩ් නළුවාට වසර 10 ක සිරදඬුවමක්

ස්ත්‍රී දූෂණ සහ ලිංගික අතවර වරදට හොලිවූඩ් නළුවාට වසර 10 ක සිරදඬුවමක් Hollywood විනෝදාස්වාද ලෝකය කැළඹූ Russell Brand ට එල්ල...

බිලියන 528ක් ඉවරයි! තවම මළකුණ කරේ

බිලියන 528ක් ඉවරයි! තවම මළකුණ කරේ පසුගියදා ඉදිරිපත් කෙරුණු 2027 අයවැය කතාවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුව හමුවේ තැබූ එක්...

උපයන හැම රුපියල් 100 න්ම 43 ක් යන්නෙ ණයවලට පොලී ගෙවන්න

උපයන හැම රුපියල් 100 න්ම 43 ක් යන්නෙ ණයවලට පොලී ගෙවන්න 2027 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත හෙවත් අයවැය...
- Advertisement -spot_img

රාජ්‍ය ආයතන 33 ක් සම්පූර්ණයෙන්ම වසා දැමීමට යයි

රාජ්‍ය ආයතන 33 ක් සම්පූර්ණයෙන්ම වසා දැමීමට සැරසෙයි ? මුදල් අමාත්‍යාංශය සහ ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කර ඇති නවතම...

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ තක්කඩි වැඩ

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ තක්කඩි වැඩ ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී සිටින දරුණුතම ආර්ථික සහ සාමාජීය අර්බුද හමුවේ, රටේ උසස් අධ්‍යාපන...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you