ආණ්ඩුව අලුතෙන් බදු නෑ කිව්වට රටට බඩුම තමයි
රජය විසින් අලුතින් බදු පනවා නැති බවත්, සිදුව ඇත්තේ පවතින ක්‍රමවේදයන් යාවත්කාලීන කිරීම පමණක් බවත් ප්‍රකාශ කළ ද, පසුගිය වසර දෙකක කාලය තුළ මෙරට ජනතාව සහ ව්‍යාපාරික ක්ෂේත්රය මත දැඩි මූල්‍ය පීඩනයක් එල්ල කරමින් ප්‍රධාන බදු සංශෝධන 12ක් ක්‍රියාවට නංවා ඇති බව ආර්ථික හා දේශපාලන ක්ෂේත්රයේ දැඩි අවධානයට ලක්ව තිබේ. ශ්‍රී ලංකා මානව හිමිකම් හා පර්යේෂණ කේන්ද්‍රය (CHR Sri Lanka) විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක් මඟින් මෙම බදු සංශෝධන 12 පිළිබඳ සවිස්තරාත්මක කරුණු ප්‍රසිද්ධියට පත් කර ඇත. මෙමඟින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (SMEs), ස්වාධීන වෘත්තිකයන් මෙන්ම සාමාන්‍ය පාරිභෝගිකයා ද දැඩි බලපෑමකට ලක්ව ඇති බව එම ආයතනය පෙන්වා දෙයි. පොදු ජනතාවගේ එදිනෙදා ජීවන වියදමට, ආහාර, සෞඛ්‍ය, ප්‍රවාහනය සහ ඩිජිටල් ගනුදෙනුවලට සෘජුවම බලපාන, රජය නිල වශයෙන් අවධාරණය නොකළ එම බදු සංශෝධන 12 පහතින් දැක්වේ.

1. මත්පැන්, දුම්කොළ සහ වාහන මත සුරාබදු ඉහළ දැමීම
මත්පැන්, සිගරට්, දුම්කොළ නිෂ්පාදන, පැණිරස බීම මෙන්ම මෝටර් රථ සඳහා පනවා තිබූ සුරාබදු (Excise Duties) 6% කින් පමණ ඉහළ නංවන ලදී.
2. විද්‍යුත් වාහන (EV) බදු දෙගුණ කිරීම
පරිසර හිතකාමී විද්‍යුත් වාහන (Electric Vehicles) ප්‍රවර්ධනය කරන බව පැවසුව ද, ඒවා සඳහා පැවති බදු අනුපාත 100% කින් (දෙගුණයකින්) වැඩි කිරීමට පියවර ගැනුණි.
3. වාහන ආනයන බදු සහන අහෝසි කිරීම
මීට පෙර පැවති රේගු බදු නිදහස් කිරීම් සහ සහන ක්‍රමවේදයන් ඉවත් කර, 20% ක ආනයන බද්දක් සහ 50% ක අධිභාරයක් (Surcharge) පැනවීම මඟින් සමස්ත බදු බර 30% සිට 45% දක්වා ඉහළ දැමීය.
4. බැංකු තැන්පතු පොලී මත රඳවා ගැනීමේ බද්ද (WHT)
සාමාන්‍ය ජනතාව බැංකුවල තැන්පත් කර ඇති ස්ථාවර තැන්පතු (Fixed Deposits) සහ ඉතිරි කිරීමේ ගිණුම්වල පොලී ආදායම මත අය කළ රඳවා ගැනීමේ බද්ද 5% සිට 10% දක්වා දෙගුණ කරන ලදී.
![]()
5. මහා පරිමාණ සමාගම්වල සංස්ථාපිත ආදායම් බද්ද
මත්පැන්, දුම්කොළ, ඔට්ටු ඇල්ලීම් සහ සූදු ව්‍යාපාරවල (Gambling) නිරත සමාගම් සඳහා වන සංස්ථාපිත ආදායම් බද්ද (Corporate Income Tax) 40% සිට 45% දක්වා ඉහළ නංවන ලදී.
6. සේවා අපනයන (Service Exports) සහ විදේශීය ආදායම් මත බදු
මීට පෙර බදුවලින් නිදහස් කර තිබූ, මෙරට සිට විදේශීය සමාගම්වලට සේවා සපයන ආයතන සහ පුද්ගලයන් විදේශීය මූලාශ්‍රවලින් ලබන ආදායම් සඳහා 15% දක්වා ආදායම් බද්දක් හඳුන්වා දෙන ලදී.
7. නව රේගු ආනයන තීරු බදු ව්‍යුහය
පැවති රේගු බදු ක්‍රමවේදය සංශෝධනය කර 0%, 10%, 20% සහ 30% ලෙස නව තීරු බදු අනුපාත හඳුන්වා දීමට කටයුතු කර ඇත.
8. සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCL) වාහනවලටත්
මෙතෙක් පැවති 2.5% ක සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCL) වාහන ආනයනය සඳහා ද දීර්ඝ කිරීමට පියවර ගන්නා ලදී.
9. ප්‍රාග්ධන ලාභ බද්ද (Capital Gains Tax) ඉහළ දැමීම
පුද්ගලයන් සහ හවුල් ව්‍යාපාර තම දේපළ හෝ වත්කම් විකිණීමේදී ලබන ලාභය මත අය කරන බද්ද 10% සිට 15% දක්වා ද, භාර (Trusts), අන්‍යෝන්‍ය අරමුදල් සහ රාජ්‍ය නොවන සංවිධාන (NGOs) සඳහා එය 30% දක්වා ද ඉහළ නංවා ඇත.




