Artපවතින ක්‍රමය වීරයො උපන්ගෙයිම මරනවා

පවතින ක්‍රමය වීරයො උපන්ගෙයිම මරනවා

-

spot_img

පවතින ක්‍රමය වීරයො උපන්ගෙයිම මරනවා – The Death of Robin Hood

රොබින්හුඩ් යනු දශක කිහිපයක පටන් ලෝකයේ සෑම තැනකම ලොකු කුඩා කාගෙත් සිත්වල ලැගුම්ගත් වීරයෙක්. වනය තුළ සැඟවී සිට, පොහොසතුන්ගේ ධනය සොරකම් කර ඒවා දුප්පතුන්ට බෙදා දුන් දුප්පතුන්ගේ හිතවතෙක්. ඒ තමයි ලෝකයක් දන්න රොබින්හුඩ්. නමුත් මේ කතාව ලෝකය නොදන්න රොබින්හුඩ් කෙනෙක් පිළිබඳව ගෙතුණක්. රොබින්හුඩ් ඔය කියන තරම්ම වීරයෙක්ද? 

The Death of Robin Hood

කාලය වේගයෙන් ඉගිල ගිහින්. සොබාදහම් නියතයට අනුව ෂර්වුඩයේ රොබින්හුඩ් වියපත්ව ගොසින්. කාලයත් සමග ඔහු තුළ වූ වීරත්වය ක්‍රම ක්‍රමයෙන් වියැකී ගිහින්. වීරයො වියපත් වෙන්න නරකයි. එවිට ලෝකයට ඔවුන්ව ඉක්මන්ටම අමතකව යන නිසා. මිනිස්සු වයසට යනකොට තරුණ කාලෙ කෙරුව වීරකම් වැඩි වැඩියෙන් සිහිපත් වෙන්න ගන්නව. රොබින්හුඩ්ටත් ඒ හැඟීම එලෙසම දැණුනා. ෂර්වුඩය පෙර සේ ලෙංගතුව දැනුනේ නැහැ. එය අයිති අතීත මතකවලට පමණයි. ඔහුගේ සගයින් සමහරෙක් මිය ගිහින්. සමහරු අතීතය අමතක කර දමා සාමාන්‍ය ජීවිතයකට අනුගත වෙලා. නමුත් රොබින්හුඩ් අතීතයත් වර්තමානයත් අතර සැරිසරමින් දින ගෙව්වා. වැඩිපුරම අතීත මතක අතර සැරිසරමින්.

The Death of Robin Hood

කතාව ඇරඹෙන්නෙ අසල ගම්මානයක ජීවත්වෙන ජනතාවට මුහුණ දෙන්න සිද්ධ වෙන අසාධාරණයක් එක්ක. රොබින්හුඩ් තීරණය කරනව ඉස්සර වගේම මිනිස්සුන්ට උදව් කරන්න. පරණ වීරකම්වලින් ප්‍රශ්නෙ විසඳන්න පුළුවන් වග සිතුවත් ලොකු සටනකට පස්සෙ ඔහුට ඉක්මනටම වැටහෙනව වේගයෙන් වෙනස්වෙන ලෝකයේ ඔහුගේ අතීත වීරකම් තවදුරටත් වලංගු නැති වග. එවකට සතුරන් එක්ක මුහුණට මුහුණ සටන් කරලා ජයග්‍රහණය කරත්, නොපෙනෙන අතකින්, පද්ධතියකින් පාලනය වෙන සාමාන්‍ය ජනතාව පීඩාවට පත් කරන බලවේග එක්ක තනි මිනිහෙක්ට සටන් කරන්න තියා හිතන්නවත් බැරි වග ඔහු බොහොම ඉක්මනින් අවබෝධ කර ගන්නව. මතකයන් එක්ක සැරිසරමින් ඉන්නකොට ඔහුට තේරෙනෙව තමා නම් වූ පුරාවෘත්තය මේ වෙද්දි මිය ගොස් අවසන් වග. අතීත මතක හිතට ගෙනාවෙ බරක්. සමහරවිට සිදුකෙරුව දේවල් ගැන කලකිරීමක්. වීරයා මිය ගිහින්. රොබින්හුඩ්ට සිද්ධ වුනා යථාර්ථය එක්ක සටන් වදින්න. එයට මුහුණ දෙන්න. කඩු කිණිසි අරන් සතුරෙක් සමග සටන් කරනවාට වඩා යථාර්ථයට මුහුණ දීම වේදනාකාරී වගත් ඉන් ඇතිවන තුවාල අතිශයින් වේදනාකාරී වගත් ඔහුට දැණුනා. වියපත්ව ගිය ෂර්වුඩයේ රොබින්හුඩ් ජීවිතය මොකක්දැයි වටහා ගැනීමේ සටනක නියැලී සිටියා. හුදකලාවම!

The Death of Robin Hood

පෙර සේ නොව වත්මන් සමාජය තුළ සමාජ අසාධාරණය සැඟවී තිබුණේ system එක තුළ. නීතිය, ආර්ථිකය, පාලන ව්‍යුහ මේ හැමදේම එකට බැඳී තිබුණා. ඒ තුළ වීරයන්ට ඉඩක් කොයින්ද? පවතින ක්‍රමය වීරයො උපන්ගෙයිම මරා දමාවි. නවීකරණය වූ සමාජය තුළ සාධාරණය උදෙසා තිබෙන්නේ බොහොම අඩු ඉඩක් බව ඔහු වටහා ගන්නවා. ඔය අතරවාරයෙ සිදුවන Sister Brigid ගෙ මුණගැහීම රොබින්හුඩ්ගෙ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යයක් බවට පත්වෙනව. ඇය නිසා ඔහුගෙ ජීවිත දැක්ම යම් තරමකින් හෝ වෙනස් වෙන්න ගන්නව. සමහරවෙලාවට අපි ජීවත්වෙන්නෙ අපි විසින්ම නිර්මාණය කරගත්තු මිථ්‍යාවකට අහු වෙලා. සුරංගනා කතාවක පැටලිලා. ඒක ඇතුළෙ අපි තරම් වීරයෙක් තවත් කොහෙන්ද?

The Death of Robin Hood

මධ්‍යකාලීන යුරෝපයේ පසුබිම් වූ අඳුරු පැහැ ශීතල වනාන්තර සහ නිහඬ දර්ශන නිසා ප්‍රේක්ෂකයව මායාකාරී ලෝකයකට කැටුව යන්න මේ චිත්‍රපටය සමත්වෙලා තියෙනව. වියපත් රොබින්හුඩ්ට පණ දෙන Hugh Jackman ගේ රංගනය කාලයත් සමග වියැකී ගිය වීරයෙකුගේ චිත්ත ස්වභාවය බොහොම අපූරුවට ගෙනහැර පාන්න සමත්වෙලා තිබෙනවා. මෙම වසරේ ජුනි මස තිරගත වූ The Death of Robin Hood චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Michael Sarnoski විසින්. Hugh Jackman, Jodie Comer, Bill Skarsgård,Murray Bartlett, Noah Jupe ඇතුළු රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් දායක වෙනවා. මිනිත්තු 122 ක් පුරා දිවෙන මේ කතාව මග හැර නොගත යුතු සිනමා අත්දැකීමක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

ඩෙංගු මදුරුවා විදින වෙලාව වෙනස් වෙලා

ඩෙංගු මදුරුවා විදින වෙලාව වෙනස් වෙලා ඩෙංගු මදුරුවා සක්‍රීය වන සහ දෂ්ට කරන කාලසීමාවේ පැහැදිලි වෙනසක් සිදුව ඇති බව අලුත්ම...

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි‎ මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ උණුසුම් තත්වය පාලනය කර, රැඳවියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා රැඳවියන් 700කට ආසන්න පිරිසක්...

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මරණ 26 ක්. 6 දෙනෙක් ජේලර්වරු

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මරණ 26 ක්. 6 දෙනෙක් ජේලර්වරු මීගමුව බන්ධනාගාරයේ ඊයේ (05) සිට රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ...

රේගුව ආදායම් සීමා ඉක්මවයි

රේගුව ආදායම් සීමා ඉක්මවයි - Exceeds income limits ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව වසරේ මේ දක්වා වූ කාලය ඇතුළත රුපියල් බිලියන...
- Advertisement -spot_img

ජනප්‍රිය තායි කෑමක් හදමු – පයිනැපල් ෆ්‍රයිඩ් රයිස්

ජනප්‍රිය තායි කෑමක් හදමු - පයිනැපල් ෆ්‍රයිඩ් රයිස් (Pineapple Fried Rice) Pineapple Fried Rice කියන්නෙ ලෝකෙ හැමතැනම ජනප්‍රිය තායි කෑමක්....

මිස්ටර්ස්ලාගේ කොත්තු සම්බාහන

මිස්ටර්ස්ලාගේ කොත්තු සම්බාහන මානුෂිය කෝදුව දමා මැනීමේදී පොදු ව්‍යවහාරයේ "අපි හැමෝම එකයි" කියා කීවද, ලොව ඕනෑම සත්වයකු ලිංග භේදයට යටත්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you