Artමිනිසෙකු සතු ලොකුම වේදනාව සිය පවුලයි

මිනිසෙකු සතු ලොකුම වේදනාව සිය පවුලයි

-

spot_img

මිනිසෙකු සතු ලොකුම වේදනාව සිය පවුලයි – Is God Is

”පළිගැනීම” යනු සිනමාවට අලුත් තේමාවක් නොවේ. දශක ගණනාවක් පුරාවටම ලොව පුරා සිනමා නිර්මාණ තුලින් අසාධාරණය, අයුක්තිය සහ ඒ වෙනුවෙන් පළිගැනීම විවිධ කතා තේමා ඔස්සේ සිනමාවට නගා ඇත. ඒ අතර සමහර චිත්‍රපට ක්‍රියාදාම ගණයට අයත් සටන් පිරුණු ත්‍රාසජනක අත්දැකීමක් ප්‍රේක්ෂකයාට ලබා දෙන අතර, තවත් සමහර නිර්මාණ මිනිස් මනස තුළ සැඟවී ඇති අඳුරු පැතිකඩ ගවේෂණය කිරීමට උත්සාහ කරයි. මෙම වසරේ මැයි මස තිරගත වූ Is God Is චිත්‍රපටය මේ දෙකෙහිම එකතුවකි. Revenge thriller කතාවක් ලෙස හැඳින්විය හැකි මෙය පවුල තුළ ඇති බැඳීම, මුහුණදීමට සිදු වූ අමිහිරි අත්දැකීම් තම අනන්‍යතාවය සහ යුක්තිය උදෙසා පෙනී සිටීම යනාදී තේමා ගවේෂණය කර තිබේ. 

Is God Is

ළමා වියේදී ඔවුන්ගේ පියා විසින් ඇති කළ ගින්නකින් දරුණු ලෙස පිළිස්සුම් තුවාල ලැබූ රේසින් සහ අනායා යන නිවුන් සහෝදරියන් දෙදෙනා වටා මෙම කතාව ගෙතී තිබේ. ළමා වියේ ඇතිවූ තුවාල, පිලිස්සුම් කැළැල් සමග උස් මහත් වන්නට සිදු වූ මේ දෙදෙනාගේ ජීවිත සමවයස් ගැහැණු ළමයින්ගේ ජීවිතවලට වඩා වෙනස් ස්වභාවයක් ගන්නේ මේ සිදුවීමත් සමගයි. වසර ගණනාවක් ගෙවී ගොස් වර්තමානයේදී රේසින්ට සහ අනායාට ඔවුන්ගේ මවගෙන් ලිපියක් ලැබෙන අතර ඒ ලිපිය සහෝදරියන් දෙදෙනාගේ ජීවිත නැවත වෙනස් කරන්නට සමත් වේ. මව හමුවෙන මේ දෙදෙනා ඔවුන් මෙතෙක් නොදැන සිටි පවුලේ අතීතය පිළිබඳ රහස් දැනගන්නා අතර තමාව සහ දියණියන්ව විනාශ කළ පුද්ගලයා මරා දමන ලෙස මව දියණියන්ගෙන් ඉල්ලා සිටියි. ඒ ඇගේ අවසාන ඉල්ලීමයි. වටාය. රේසින් සහ අනායා තම පියාව සොයා යන්නේ ඉන් පසුවයි. ඒ යන ගමනේදී ඔවුන්ට පියා නැමති දුෂ්ට මිනිසා විසින් ජීව්ත විනාශ කරන ලද යන තවත් මිනිසුන්ව මුණගැසෙයි. සැබැවින්ම එය පළිගැනීම මතින් අතීතයේ වේදනා තව තවත් එක් රැස් වෙමින් ගොඩගැහෙන වේදනාකාරී ගමනකි. අතීතයේ වේදනාකාරී අත්දැකීම් සමගින් අනාගතය යහපත් කර ගැනීමට ඔවුන්ට හැකිවෙයිද?

Is God Is

Is God Is හි වඩාත්ම කැපී පෙනෙන ලක්ෂණය වන්නේ එහි කතාකරණයේ ස්වභාවයයි. එය ප්‍රේක්ෂකයාට සැම දෙයක්ම මුල සිට සරලව පැහැදිලි කරන චිත්‍රපටයක් නොවේ. ඒ වෙනුවට සංකේත සහ අර්ථකථන සඳහා ඉඩ තබා ගනිමින් කතාව ඉදිරියට ඇදෙන්නේ එය යථාර්ථවාදී ලෝකයකට වඩා ජනප්‍රවාදමය හෝ කාව්‍යමය ලෝකයකට අයත් බවක් හඟවමිනි. චිත්‍රපටය පුරා දිවෙන ප්‍රධාන තේමාවක් වන්නේ කැළැල්ය. කැළැල් යනු මිනිස් සිරුරේ ඉතිරි වන සලකුණු පමණක් නොව අතීත අත්දැකීම් තුළින් ඉතිරිවූ අමිහිරි මතකයන්ද එයට ඇතුළත්ය. කාලයත් සමග වේදනාව අඩු වුවත් ඒ කැළැල් අපිව සදාකාලයටම අත්හැර යන්නේ නැත. මිනිසුන් ලෝකය දෙස බලන ආකාරය පවා හැඩගස්වන්නේ ඔවුන් ලැබූ අත්දැකීම් ඔස්සේය. Is God Is මෙම අදහස ඉතා ප්‍රබල ලෙස ඉදිරිපත් කරයි. එනම් අතීතය කිසිදා සම්පූර්ණයෙන්ම අවසන් නොවන බවත් එය නිරන්තරයෙන් වර්තමානය තුළ ජීවත් වෙමින් මිනිසුන්ගේ ජීවිතවලට බලපෑම් කරන බවත් ය.

Is God Is

කෝපය මෙහි මූලිකම තේමාවකි. බොහෝ නිර්මාණ කෝපය පෙන්වන්නේ ජයගත යුතු දුර්වලතාවයක් ලෙසය. නමුත් Is God Is එසේ නොකරමින් කෝපය යනු මිනිසුන්ගේ ජීවිත විනාශ කළ අසාධාරණයන්ට ලැබෙන ස්වාභාවික ප්‍රතිචාරයක් බව හඟවන්නේ එය සරලව හොඳ හෝ නරක ලෙස විනිශ්චය නොකරමින්. කෝපය විනාශකාරී නමුත් එය එය මිනිසුන්ට ඉදිරියට යාමට අවශ්‍ය උත්තේජනයක් ලබා දෙන අවස්ථාද තිබිය හැක. සාමාන්‍යයෙන් “දෙවියන්” යන සංකල්පය සමාව, කරුණාව සහ ආරක්ෂාව හඟවන නමුත් මෙහිදී එම සංකල්පය වෙනස් ආකාරයකින් ඉදිරිපත් කරන්නේ යුක්තිය යනු සැමවිටම සදාචාරාත්මක දෙයක්ද? සමාව දීම සැමවිටම උතුම් තේරීමද? යන ප්‍රශ්න ප්‍රේක්ෂක සිත්වල ඉතිරි කරමිනි.

Is God Is

චිත්‍රපටයේ භූමි දර්ශන සහ පරිසරය කතාවට ගැළපෙන ලෙස ගොඩනඟා තිබේ. එය නපුරු සිහිනයක් සහ සැබෑව අතර ගමනකි. පවුල පිළිබඳ චිත්‍රපටයේ අදහස් ද සිත්ගන්නා සුළුය. සාමාන්‍යයෙන් සිනමාවේ පවුල ආරක්ෂාව සහ ආදරය සංකේතවත් කරයි. නමුත් Is God Is පෙන්වන්නේ පවුල ඇතැම් විට මිනිසෙකු සතු ලොකුම වේදනාව විය හැකි බවයි. ලේ බැඳීම් තිබුණ පමණින් ආදරය, ගෞරවය හෝ ආරක්ෂාව සහතික නොවන බව මේ කතාව පවසන්නේ පවුල පිළිබඳ සාම්ප්‍රදායික අදහස් අභියෝගයට ලක් කරමිනි. එමෙන්ම සහෝදර බැඳීම. ලෝකය කෙතරම් කුරිරු වුවද බැඳීමකට කුරිරුබව අසාධාරණකම් පරාජය කළ හැකි බවත් පෙන්වයි. Is God Is යනු පළිගැනීම පිළිබඳ කතාවක් ලෙස ආරම්භ වී, මිනිස් ස්වභාවය පිළිබඳ ගැඹුරින් විමසන කතාවකි. එය කෝපය උත්කර්ෂයට නගන්නේ නැතිවාක් සේම වේදනාව සඟවන්නේද නැත.

Is God Is

මිනිත්තු 100 ක් පුරා දිවෙන මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ Aleshea Harris විසින්. Kara Young, Mallori Johnson, Janelle Monáe, Erika Alexander, Mykelti Williamson, Josiah Cross, Vivica A. Fox, Sterling K. Brown ඇතුළු රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් දායක වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

සතොසින් අඩු මිලට බඩු

සතොසින් අඩු මිලට බඩු වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ උපදෙස් මත අද (18) සිට ක්‍රියාත්මක වන පරිදි...

යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට

යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට යෝෂිත රාජපක්ෂ අල්ලස් කොමිසම මගින් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගනු ලැබිණි. ඔහු ශ්‍රී ලංකා නිවාක හමුදාවට...

ඩෙංගු මරණ අනුපාතය ඉහළට රටේ රෝහල් ධාරිතාව පහළට

ඩෙංගු මරණ අනුපාතය ඉහළට රටේ රෝහල් ධාරිතාව පහළට ඩෙංගු රෝගය මැඩලීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන ජාතික ඩෙංගු මර්දන සතිය  ඊයේ (15)...

රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම 7.3%කින් පහළ වැටිලා

මෙරට රෙදිපිළි හා ඇඟලුම් ක්ෂේත්‍රයේ අපනයන ආදායම 2026 වසරේ මුල් මාස හතර තුළ පහත වැටී ඇති බව ශ්‍රී ලංකා...
- Advertisement -spot_img

ඩෙංගු මරණ අනුපාතය ඉහළට රටේ රෝහල් ධාරිතාව පහළට

ඩෙංගු මරණ අනුපාතය ඉහළට රටේ රෝහල් ධාරිතාව පහළට ඩෙංගු රෝගය මැඩලීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන ජාතික ඩෙංගු මර්දන සතිය  ඊයේ (15)...

තේ මේසෙට හොඳම කෑමක් පොල් කේක්

තේ මේසෙට හොඳම කෑමක් පොල් කේක් තේ මේසෙට තියන්න හොඳම කෑමක් තමයි පොල් කේක්. ලංකාවෙ රසට, නිවැරදිව පොල් කේක් එකක්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you