Featuresමිස්ටර්ස්ලාගේ කොත්තු සම්බාහන

මිස්ටර්ස්ලාගේ කොත්තු සම්බාහන

-

spot_img

මිස්ටර්ස්ලාගේ කොත්තු සම්බාහන

මානුෂිය කෝදුව දමා මැනීමේදී පොදු ව්‍යවහාරයේ “අපි හැමෝම එකයි” කියා කීවද, ලොව ඕනෑම සත්වයකු ලිංග භේදයට යටත් ය. ලියකියවිලි සම්පූර්ණ කිරීමේ සිට සාමාන්‍ය ආමන්ත්‍රණ විලාශය තුළත්, පුද්ගලයකුගේ ස්ත්‍රී, පුරුෂභාවය මූලික කොට සැළකීම සාමාන්‍ය ස්වභාවයකි. නමේ මුලට හෝ අගට යෙදෙන මේ හැඳින්වීම විටෙක අනන්‍යතා ලක්ෂණයක් වන අතර තවත් විටෙක ගෞරවය පෙරදැරි වූවකි. එමෙන්ම එය ග්‍රෝතික මිනිසා ශිෂ්ඨ සම්පන්න වීමක් ලෙසද හැඳින්විය හැකිය. එහෙත් මේ සංස්කෘතික මිනිසා සැබවින්ම ශිෂ්ඨ සම්පන්නද..? නොඑසේනම් තවමත් ගතිකත්ව තුළම කූඩු වූවෙක්ද…?

සදාචාරා සම්පන්න ලෝකය තුළ “මහත්මයෙකු” වීමට වඩා බොහෝ පහසුවෙන් ආටෝප ප්‍රදර්ශන ලෝකය තුළ ඔබට “මිස්ටර්” කෙනෙකු විය හැකිය. බාහිර අලංකරණය සහ යමෙකු වටා එල්ලා ඇති අරුමෝසම් ප්‍රමාණය ඔහුව සමාජය තුළ අනෙකාට වඩා ඉහළින් ඔසවා තැබීමට සමත් ය. බහුතරය “ගුඩ් ලුකින්” කියා මනින්නේ ඔබේ නිශ්චල හා චංචල දේපල ප්‍රමාණය මිස හොඳ හිත හෝ ගුණගරුක බව නොවේ. යමෙකුට ඇති වත්කම් ප්‍රමාණයට සරිලන සමාජ පිළිගැනීමක් ඉබේම නිර්මාණය වේ. එය ප්‍රභූ පන්නයේ, අලංකාරය සහිත දිස්නය දෙන එකකි. මෙම සමාජ වටිනාකම නිර්මාණය කරන්නේ කවුරුන් විසින්ද…? බොහෝවිට “හොඳම වත්කම හිතේ හොඳකම” යනුවෙන් අර්ථ ගන්වන පුද්ගල කොට්ඨාශයක් විසිනි. ප්‍රභූ සන්නාමයෙන් අනෙකාව සම්බාහනය කරමින් නිර්ප්‍රභූ කොත්තු අනුභව කරන්නේ ඔවුන් ය.

ගෙවුණු සතිය වෙන්ව තිබුණේ කොත්තු කඩ සමූහයක “මිස්ටර්” කෙනෙකු ගැන අටුවා, ටීකා, ටිප්පණි බෙදාහදා ගනු සඳහා ය. නිමිත්ත වූයේ මෙම මිස්ටර් විසින් සේවකයකුට පහර දෙන අයුරු දැක්වෙන සී.සී.ටී.වී රූපරාමුවක් සහ පරුෂ වචනයෙන් බැන වදින හඬපට කිහිපයකි. මේ ලංකාවේ ආයතන ප්‍රධානියකු සේවකයෙකුට පහරදෙන හෝ බැනවදින පළමු අවස්ථාව නොවේ. සී.සී.ටී.වී “පීක්” වී, හඬපට “ලීක්” වූ පළමු අවස්ථාවද නොවේ. නමුත් මෙම සිදුවීමට ප්‍රභූන් විසින් නිර්ප්‍රභූන්ව තලන්නේය, පෙළන්නේය යන හැඩයක් සැලසුම් සහගතව එක්කොට තිබිණි. කොත්තු කඩේ මිස්ටර් විසින් යෝෂිත රාජපක්ෂට මයික් අල්ලාගෙන සිටින පිංතූර දමා රාජපක්ෂලාට “කෝචෝක්” කරන අතරම පහර කෑවේයැයි කියන සේවකයාගේ සිට තවත් බොහෝ සේවක කාරකාදීන් මිස්ටර්ව “ෆිනිෂ්” කරන්නට ෆේස්බුක් සටනේ නිරතව සිටියහ. මේ අතර උපුල් ශාන්ත සන්නස්ගලගේ ෆේස්බුක් සටහනක “තමා සිය සේවකයින් පොලුවලින් ගසා පන්නන කාලයේ සී.සී.ටී.වී නොතිබූ” බවද පවසා තිබිණි. අවසානයේ උසාවියෙන් ඇප ලබා, වෙච්චි වැරැද්දට සමාව ඉල්ලා, අලුත් කොත්තුවකින් හමුවෙමු යැයි කියා කොත්තු කඩේ මිස්ටර් ප්‍රභූ, නිර්ප්‍රභූ සැමගේ සිත් සම්බාහනය කොට ගෙදර ගියේය.

ශ්‍රී ලංකා පොලීසීය කැමරාද අටවාගෙන සම්බාහන මාධ්‍යස්ථාන නොහොත් “ස්පා” වැටලීම මෑතක සිට ජයටම කරගෙන යනු ලබයි. මීට සතියකට පමණ පෙර එවන් වැටලීමකදී එහි සේවයේ නියුතුව සිටි කාන්තාවන් “ගණිකා සේවයේ” යෙදුණු බවට කළ ප්‍රකාශ මඟින් තමන්ගේ මානව හිමිකම් කඩවු බව පවසමින් මානව හිමිකම් සංවිධානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවට ප්‍රවෘත්තීන් පළ විණි. මෙම සිදුවීම විෂයෙහි බුකීවාසී මිස්ටර්ලාගේ හැසිරීම වෙනත් මානයකට තල්ලු වී ගිය අයුරු අපුරු ය. කොත්තු කඩේ ගුටි කෑ සේවකයාට මෙන් සේවක අයිතීන්, නීතීය, අමානුෂික බව, ප්‍රභූ, නිර්ප්‍රභූ කිසිවක් එහි නොවිණි. සිද්ධියට දැක්වූ ප්‍රතිචාර අතර, සම්බාහන ආයතනයේ සේවිකාවන්ගෙන් ඉල්ලා තිබුණේ කරන්න රස්සාවක් නැත්තං “හිඟා කන” ලෙස සහ “ගාමන්ට්” යන ලෙස ය. නියත ලෙසම එසේ කියූ බොහෝ උන්දලා විවාහක බිරිඳට හොරෙන් “ඇඟ තලාගන්නට” ස්පා රිංගා තෙරපිස්ට්ලාගෙන් “හැපි එන්ඩ්” එකක් හිඟා කෑ මිස්ටර්ලා බව නොඅනුමාන ය.

තාමත් මේ රටේ පොලීසිය සම්බාහන මධ්‍යස්ථාන වැටලීම සඳහා යොදාගනු ලබන්නේ 1841 තරම් ඈත අතීතයේ බ්‍රිතාන්‍ය ජාතිකයින් මෙරටට හඳුන්වා දුන් පාදඩ සහ අයාල ආඥාපනත් ය. මෙම පනත් හඳුන්වා දී තිබුණේ පොදු ස්ථානවල අශෝභන ලෙස හැසිරෙන පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා ය. මෙහිදී ප්‍රධාන ලෙස ඉලක්කගත පිරිස වුයේ යාචකයින්, මංපහරන්නන් සහ වීදි අභිසරුලියන් ය. පොදු යනු විවෘත ය. කාමරයක් තුළ සිදුවන සියල්ල සංවෘත ය. සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් කාන්තාවන් මිනිස් ජාවාරම්වලට හසුවී, සූරාකෑමට ලක්වේනම්, ඒ සඳහා ගණිකා නිවාස ආඥාපනත (Brothels Ordinance) මඟින් නඩු පැවරිය හැකිය. එසේ තිබියදී “කොන්ඩම්” ටිකක් දැක පුපුරණ ද්‍රව්‍ය හසුවූවා සේ ත්‍රාසයට පත්වන පොලීසියට අනුකම්පා කළ යුතුය. පළමුව පොලීසියට නීතියත්, දෙවනුව අතෘප්තිකර ලිංගික ජීවිතවලින් පෙළෙන ගැහැණු, පිරිමි ටිකට මරණයට පෙර රමණයත් ඉගැන්විය යුතුය.

කොත්තු ගැන කතාබහේදී නිසඟයෙන් මතකයට නැඟෙන්නේ නිහාල් නෙල්සන් ගැයූ ජනප්‍රියම ගීතයක කොටසකි. “ලට්ට,පට්ට එකතු කරල දවසෙ ඉතුරු හරිය… සද්ද, බද්ද දාල හදපු මේක කොත්තු රොටිය…” වත්මන් ආණ්ඩුව හැදී ඇත්තේද ලට්ට, පට්ට එකතුවකිනි. සද්ද, බද්ද ඇසේ. උණුවෙන් කෑ පසු බඩ පිරේ. කිසිදු රසයක්, ගුණයක් නොතේරේ. පහුවදාට බඩේ අමාරුව පමණක් ඉතිරි වේ. මේ රට පොදුවේ පීඩා විදින “සෙක්ස් ඇරියස්” එක සේම ආණ්ඩුවද “පන්ති වෛරයකින්” පීඩා විඳිති. ආණ්ඩුව කායික සහ මානසික යන අන්ත දෙකෙන්ම ලෙඩිනි. ඔවුන් නිතරම ඇත්තේ නඩත්තු කළ ප්‍රතිරූප බිඳේය යන බියෙනි. පොලීසියට නිතරම ස්පාවල “සෙක්ස්” කරතැයි බියක් දැනෙන්නා සේම ආණ්ඩුවට රාජපක්ෂලා තම ආණ්ඩුව හොරකම් කරනු හීනෙන් පෙනී දාඩිය දමාගෙන ඇහැරෙති. ඉදින්, එහෙව් ආණ්ඩුවකට නීතී, සංවර්ධනය, පද්ධතිමය වෙනස වැනි බර වචන බර වැඩිය. කළ යුත්තේ කොත්තුවක් කන්න දී ස්පා රැගෙන යෑමය.

Latest news

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...
- Advertisement -spot_img

පිරිමින්ටත් පියයුරු පිළිකා

පිරිමින්ටත් පියයුරු පිළිකා පියුයුරු පිළිකා සම්බන්ධව ප්‍රජාව දැනුම්වත් කරන ඒ පිළිබඳව උපදේශන සේවා ක්‍රියාත්මක වන කාල වකවානුවයි මේ. නවතම දත්ත...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you