Featuresඉර එළිය මෙච්චර තිබිලත් අපට විටමින් D අඩු ඇයි?

ඉර එළිය මෙච්චර තිබිලත් අපට විටමින් D අඩු ඇයි?

-

spot_img

ඉර එළිය මෙච්චර තිබිලත් අපට විටමින් D අඩු ඇයි?

සමකයට ආසන්න රටක අපි සිටින්නෙමු. වසර පුරාම ඉතාමත් හොඳින් හිරුඑළිය ලැබේ. හිරු එළියෙන් අපට ලැබෙන වාසි ගැන දන්නවාද? හිරු එළිය ලබා ගෙන ගහ කොළ ආහාර නිෂ්පාදනයට බොහෝ දායකත්වයක් ලබා දෙන අතර එවැනි අහාරවලින් අපගේ පෝෂණ අවශ්‍යතා සැපිරේ. ඒත් එවැනි ආහාරවලින් පෝෂණය නොගත්තත් හිරු එලිය කෙළින්ම අපට ලබා දීමට උරදෙන පෝෂකයක් ගැන ඔබ දන්නවාද?

වටිනම පෝෂකයක් ගැන කතාවක්

අපේ ශරීරයට අවශ්‍ය පෝෂක ගැන කතා කරද්දී විටමින් D වැදගත් මෙහෙයක් ඉටු කරනු ලැබේ. විටමින් D සිරුරට ලබා ගැනීමට හිරු එළිය උපකාරී වේ. අපට අවශ්‍ය විටමින් D ප්‍රමාණයෙන් සියයට 90ක් පමණම නිසියාකාරයෙන් හිරු එලියට නිරාවරණය වුණොත් ලබා ගත හැකි බවට ඔබ දැනුවත්ද? එනම් හිරු එළියේ ඇති සමහර කිරණ වර්ග සමට පතිත වූ විට විටමින් D නිෂ්පාදනය කෙරේ. යම් හෙයකින් අපේ සම හිරු එළියට නිරාවරණය නොවුණොත් මේ අවස්ථාව නැතිවේ.

Vitamin D deficiency

 

D විටමනය මෙතරම්ම වටින්නෙ ඇයි?

විටමින් D යනු මේදයේ දියවෙන විටමිනයකි. ආහාර මාර්ග පද්ධතියෙන් කැල්සියම්, පොස්පරස්, මැග්නීසියම් වැනි පෝෂක ශරීරයට උරා ගැනීමට විටමින් D උදව් වේ. එමගින් අස්ථි කැල්සිභවන ක්‍රියාවලිය නිසි අයුරින් සිදුවීම. අස්ථි වර්ධනය, අස්ථිවල සිදුවන වෙනස් වීම් යථාවත් කිරීම සිදුවේ. කුඩා අවදියේ විටමින් D අඩු වුණොත් “රිකට්ස්” නම් රෝගී තත්වය ඇති විය හැකි අතර වැඩිහිටි වියේදී අස්ථි හරි හැටි කැල්සිභවනය නොවීම නිසා ඔස්ටියොමැලේෂියා සහ ඔස්ටියොපොරෝසිස් තත්වය උද්ගත වී අස්ථි බිඳීයාම (භග්න) සිදුවිය හැකිය.

එමෙන්ම විටමින් D අඩුවීම මාංශපේෂි සංකෝචන ඉහිල්වීම් ක්‍රියාවලි නිසි අයුරින් සිදු නොවීමට ද හේතුවේ. එසේම විටමින් D වලින් ඇති අනෙකුත් ප්‍රයෝජන වන්නේ ශරීරයට ඇතුළු වන ආගන්තුක ද්‍රව්‍යවලට ඇතිවන ප්‍රතිරෝධය නිසා සිරුර ඉන් ආරක්ෂා කිරීමත්, සෛල වර්ධනය ස්නායු – පේශි සමායෝජනය සහ ප්‍රතිශක්ති පද්ධතියේ මෙන්ම ග්ලුකෝස් පරිවෘත්තිය ක්‍රියාවලීන්ට ඇති කරන බලපෑමයි. එමෙන්ම පිළිකා ඇතිවීම වැළැක්වීම සඳහාද විටමින් D උපකාරී වේ. විටමින් D-2 සහ විටමින් D-3 ශරීරයට අවශ්‍ය වන ක්‍රියාකාරී කොටස්ය.

 

විටමින් D අඩුවීමේ රෝග ලක්ෂණ ?

තෙහෙට්ටුව, අස්ථි වේදනාව, මාංශ පේශී වේදනාව, වැඩිපුර හිස කෙස් යාම, නිතර ආසාදනවලට ලක්වීම, මානසික ආතතිය සහ ඒ සම්බන්ධ ගැටළු සඳහන් කළ හැකිය. විශේෂිත නොවන රෝග ලක්ෂණ ලෙස රුධිර සංසරණ පද්ධතියේ සංකූලතා, නින්දට ඇතිවන බාධාවන් ද සඳහන් කළ හැකිය.

Vitamin D deficiency

විටමින් D අඩුවන්නේ කෙසේද ?

පර්යේෂණවලට අනුව නම් ලංකාවේ බොහෝ දෙනකුගේ විටමින් D රුධිර මට්ටම තිබිය යුතු ප්‍රමාණයට වඩා අඩු මට්ටමක පවතින බව වාර්තාවේ. මීට හේතු වී ඇති කරුණු කාරණා මොනවාද ? මූලික වශයෙන්ම හිරු එළියට නිරාවරණය වීම අඩුවීම සඳහන් කළ හැකිය. දැන් බොහෝ දෙනෙකුම තම නිවෙස් තුළම හෝ කාර්යාල තුළම ගත කිරීම හේතුවෙන් එළිමහනේ ගත කිරීම බොහෝ දුරට අඩුවීම නිසා හිරු එළිය සමට වැටී විටමින් ඩී නිෂ්පාදනය වීම අඩපණ වී ඇත. කුඩා දරුවන් බොහෝවිට එළිමහනේ සෙල්ලම් නොකිරීම, ඒ වෙනුවට මාර්ගගත ඉගෙනුම් ක්‍රමවලට යොමු වීම, පරිගණක සේම ස්මාර්ට් ෆෝන් භාවිතය නිසා පරිඝණක ක්‍රීඩාවන්ට මුහුණු පොතට යොමුවී කාලය නිකරුණේ ගෙවා දැමීම නිසා මොවුන්ට නිවසෙන් බැහැර වීම පවා අමතකව ඇත. තරුණ වියේ පසු වන්නන්ද නිවසේ සිට මාර්ගගත ක්‍රමයට රැකියාවට යොමුවීම, දොර ජනෙල් විවෘතව තැබුවද හිරු එළිය ශරීරයට පතිත නොවීම නිසා විටමින් D නිෂ්පාදනය අඩපණවී ඇත.

එසේම අප ගන්නා ආහාරයේ විටමින් D අඩුවීම. එනම් විටමින් D අන්තර්ගත සත්ව ආහාර අඩුවීම , ධාන්‍ය , පළා වර්ග ආහාරයට අඩුවෙන් එකතු කර ගැනීම මීට හේතුවයි. තවද සමහර රෝගී තත්ව නිසාද සිරුරේ විටමින් D අඩුවීමට පුළුවන. එනම් ආහාර ජීරණ පද්ධතියේ, වකුගඩුවල සහ අක්මාවේ හට ගැණෙන විවිධ රෝගී තත්ත්ව නිසාද විටමින් D අඩුවේ. එසේම විටමින් D අඩුවීම සඳහා අධික තරබාරු බවද හේතුවේ. ඉහත කුමන කරුණ සඳහන් කළද වඩා වැදගත් වන්නේ හිරු එළියට හරි හැටි නිරාවරණය නොවීමයි.

රුධිරයේ තිබිය යුතු විටමින් D මට්ටම රුධිරය මිලි ලීටරයකට විටමින් D නැනෝග්‍රෑම් 30-50කි. (30-50 නැනෝ ග්‍රෑම් / මිලි) දිනකට නිර්දේශිත විටමින් D ප්‍රමාණය වයස අවුරුදු 1ත් 70ත් අතර අන්තර්ජාතික ඒකක 600 (600 IU) වයස අවුරුදු 70 ට වැඩි අන්තර්ජාතික ඒකක 800 (800 IU) අවුරුදු 1ට අඩු අන්තර්ජාතික ඒකක 400 (400 IU) රුධිරයේ තිබිය යුතු විට විටමින් D මට්ටම හා සෞඛ්‍ය තත්වය මිලි ලීටරයකට නැනෝග්‍රෑම් දොළහට අඩු නම් විටමින් D ඌනතාව මිලි ලීටරයකට නැනෝග්‍රෑම් 12ත් 20ත් අතර නම් විටමින් D මට්ටම ප්‍රමාණවත් නැත . මිලි ලීටරයකට නැනෝග්‍රෑම් 30ත් 50ත් අතර නම් විටමින් D මට්ටම ප්‍රමාණවත්ය. මිලි ලීටරයකට නැනෝග්‍රෑම් 50ට වැඩි නම් අහිතකර මට්ටම නිසා අහිතකර ප්‍රතිඵල ඇතිවීමට පුළුවන.

Vitamin D deficiency

විටමින් D ඌනතාව අඩු කරගන්නා හැටි

මෙහිදී මූලික වශයෙන්ම සූර්යාලෝකයට නිරාවරණය වීම සිදුකළ යුතුය. විශේෂයෙන්ම උදේ දහයේ සිට සවස තුන අතර කාලයේ විනාඩි පහක් තිහත් අතර කාලයක් හිරු එළියේ සිටීම. අඩුම වශයෙන් සතියකට දින දෙකක්වත් නිරාවරණය විය යුතු වේ. දරුවන් නම් විනාඩි දහයක්, විස්සක් බැගින්වත් හිරු එළියේ සෙල්ලම් කිරීමට සැලැස්වීම. කාර්යාලවල මාර්ගගත ක්‍රමයට රැකියාවල නියුතු වන්නන් ඉහත කාල වේලාව ඇතුළතදී විනාඩි පහළොවක් විස්සක්වත් හිරු එළියේ සිටීමට හැකි වන සේ තම කාර්යයක නිරත විය හැකිය. වායු සමනය කළ කාමරවල සිටින්නන් හිරු එළියේ ඉහත අයුරින් ගත කිරීමට සැලසුම් ක්‍රියාත්මක කිරීම.

විටමින් D බහුල ආහාර ගැනීම

තෙල් සහිත මාළු වර්ග එනම් සැමන්, සාඩින්, මැකරල් වැනි මාළු වර්ග අපට ආහාරයට ගත හැකිය . බිත්තර කහ මදය සතියකට දෙවරක්වත් ආහාරයට එකතු කර ගැනීම. ධාන්‍ය වර්ග එනම් කුරක්කන්, මෙනේරි, බඩ ඉරිඟු, ඕට්ස් ආදිය ඉතාමත් ගුණදායකය . බල කරණය කරන ලද ආහාර අතිරේක විශේෂයෙන් විටමින් A සහ විටමින් D අඩංගු ආහාර අතිරේක එකතු කර ගත හැකිය. නිවිති, හතු, සෝයා, කව්පි වැනි ඇට වර්ග ආහාරයට එකතු කර ගැනීම. විටමින් D අති⁣රේකව ලබා ගැනීම වෛද්‍ය උපදෙස් අනුව කළ හැකිය.

සංවාද සටහන
ධාරා අබේනායක

Dr.Shanthi Gunawardane
ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශාන්ති ගුණවර්ධන

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

හය වසරේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 

හය වසරේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ  අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ප්‍රගතිය විමසා බැලීමට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන උසස් අධ්‍යාපන...

පුද්ගලික විශ්වවිද්‍යාලවලට  ප්‍රතිපත්ති මාලාවක්

පුද්ගලික විශ්වවිද්‍යාලවලට  ප්‍රතිපත්ති මාලාවක් රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල සහ අනුබද්ධ විශ්වවිද්‍යාල ගුණාත්මක තත්වයෙන් යුතුව පවත්වාගෙන යෑම සඳහා වෙනම ප්‍රතිපත්ති මාලාවක් සහ...

කතානායකට විශ්වාසභංගයක්

කතානායකට විශ්වාසභංගයක් - No-Confidence Motion කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්...

සුරේෂ් සලේට හෘදයාබාධයක්

සුරේෂ් සලේට හෘදයාබාධයක් ජාතික බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජනරාල්, සුරේජ් සලේ හට ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ...
- Advertisement -spot_img

කතානායකට විශ්වාසභංගයක්

කතානායකට විශ්වාසභංගයක් - No-Confidence Motion කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්...

ස්වරූප සරසා ගැනීම

ස්වරූප සරසා ගැනීම ස්වභාවයෙන් අප සියල්ලෝම තම පෙනුමට ආශා කරති. බොහෝ අය ඇඳුමේ පැළදුමේ සිට, රූපලාවන්‍ය කටයුතු දක්වා සිය බාහිර...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you