Newsහෑෂ් සහ කුෂ් ගෙනා භික්ෂූන්ට අත්වන ඉරණම

හෑෂ් සහ කුෂ් ගෙනා භික්ෂූන්ට අත්වන ඉරණම

-

spot_img

හෑෂ් සහ කුෂ් ගෙනා භික්ෂූන්ට අත්වන ඉරණමගුවන්තොටුපොළේ දී භික්ෂූන් වහන්සේලා අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහානායක ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනා මත කටයුතු කරන බව ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කොට ඇත.

රුපියල් කෝටි 110ක පමණ වටිනාකමින් යුත් හෑෂ් සහ කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 111ක් සහිත ගමන් මලු 22ක් රැගෙන තායිලන්ත සංචාරයක් නිමකර පැමිණෙමින් සිටියදී පසුගියදා (අප්‍රේල් 25) කටුනායක ගුවන්තොටුපළේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරී පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබිණි.

මේ පිළිබඳව මහව ප්‍රදේශයේදී අදහස් දැක්වූ අමාත්‍යවරයා වැඩි දුරටත් මෙසේ පැවැසීය. “ඉහත සිදුවීම සම්බන්ධයෙන් නීත්‍යනුකූලව ගත යුතු ක්‍රියාමාර්ග ඒ ආකාරයෙන්ම ගැනීමට කටයුතු කරනව. බලයට පත්වූ දින සිට මේ වනතුරුම නීති විරෝධී ක්‍රියාකාරකම් පිළිබඳව ගත හැකි ක්‍රියාමාර්ග උපරිමව ගනිමින් සිටිනවා. එය සිදු කරන්නේ කෙනකුගේ බලපුළුවන්කම, තරාතිරම බලා නොවෙයි. නීතිය ඉදිරියේ සියලු දෙනාම සමානයි කියන ක්‍රමය කවුරුත් දන්නවා. දුබලයාට එක නීතියකුත් බලවතාට තව නීතියකුත් ක්‍රියාත්මක වීමට ඉඩකඩක් නෑ . කිසියම් හෝ පුද්ගලයෙක් නීතිය හාස්‍යයට ගෙන කටයුතු කරනවා නම් ඒ වෙනුවෙන් මැදිහත්වීම් කර ඔහුව නීතිය රැහැණට හසුකර ගැනීමට සියලු පියවර ගන්නවා.”

– ධාරා අබේනායක –

Latest news

ඩෙංගු මදුරුවා විදින වෙලාව වෙනස් වෙලා

ඩෙංගු මදුරුවා විදින වෙලාව වෙනස් වෙලා ඩෙංගු මදුරුවා සක්‍රීය වන සහ දෂ්ට කරන කාලසීමාවේ පැහැදිලි වෙනසක් සිදුව ඇති බව අලුත්ම...

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි‎ මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ උණුසුම් තත්වය පාලනය කර, රැඳවියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා රැඳවියන් 700කට ආසන්න පිරිසක්...

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මරණ 26 ක්. 6 දෙනෙක් ජේලර්වරු

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මරණ 26 ක්. 6 දෙනෙක් ජේලර්වරු මීගමුව බන්ධනාගාරයේ ඊයේ (05) සිට රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ...

රේගුව ආදායම් සීමා ඉක්මවයි

රේගුව ආදායම් සීමා ඉක්මවයි - Exceeds income limits ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව වසරේ මේ දක්වා වූ කාලය ඇතුළත රුපියල් බිලියන...
- Advertisement -spot_img

මී උණෙන් පරෙස්සම් වන්න!

මී උණෙන් පරෙස්සම් වන්න! - Beware of Rat Fever  ලෙඩ රෝග පැතිරීමට වැසි කාලයම විය යුතු නැත. පායන කාලයට එනම්...

ආපසු හැරිය නොහැක

ආපසු හැරිය නොහැක - He Didn’t Look Back මහ වැසි වැටෙමින් තිබේ. ජේ බස්නැවතුම්පොළේ කෙළවරක ඉඳගෙන සිටියේය. ඔහු දැනටමත් බාගෙට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you