Sportsශ්‍රී ලංකාවට ක්‍රිකට් ජයක් ගෙනා පැතුම්ගේ පිත්ත

ශ්‍රී ලංකාවට ක්‍රිකට් ජයක් ගෙනා පැතුම්ගේ පිත්ත

-

spot_img

කලකට පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට සැනසිලිදායක ජයක් උරුම කිරීමට පැතුම් නිස්සංකගේ පිත්තට ඊයේ රාත්‍රියේ හැකි වුණා.

ඒ, පකිස්ථානයේ පැවැත්වෙන තුන්කොන් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවති තරඟයෙන් කඩ`ලු 09ක විශිෂ්ට ජයකත් වාර්තා කරමින්.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායමට කඩුලු 05ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 146ක් පමණයි. පන්දු යැවීමේදී මහීෂ් තීක්ෂණ හා වනිඳු හසරංග කඩුලු 02බැගින් බිඳි හෙළුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 16යි පන්දු දෙකක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 148ක් ලබා තරඟය ජය ගත්තා.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ පැතුම් නිස්සංක පන්දු 58කදී ලකුණු 98යි.ඊට හතරේ පහර 11ක් සහ හයේ පහර 04ක් ඇතුළත් වුණා.මෙහිදී පැතුම් නිස්සංක ශ්‍රී ලංකාව වෙනුවෙන් නව වාර්තාවක්ද බිහි කළා.

ඒ, විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කළ ශ්‍රී ලාංකික පිතිකරු බවට පත් වෙමින්.පැතුම් මේ වන විට විස්සයි විස්ස පිටියේ ලකුණු 2,326ක් රැස් කරගෙන සිටිනවා.

ඔහු මෙලෙස බිඳ හෙළුවේ කුසල් ජනිත් පෙරේරා ලකුණු 2,305ක් රැස් කර ගනිමින් පිහිටුවා තිබූ වාර්තාවයි.එමෙන්ම වසර තුනකදී විස්සයි විස්ස පිටියේ ලකුණු 500 සීමාව පසු කළ පළමු ශ්‍රී ලාංකික පිතිකරු ලෙසටද පැතුම් වාර්තා අතරට එක්ව ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව 2022, 2024 සහ 2025 යන වසරවලදී පැතුම් නිස්සංක මෙලෙස පන්දුවාර විස්සයි විස්ස පිටියේ ලකුණු 500 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.මේ අතර, ශ්‍රී ලංකාවේදී සහ ඉන්දියාවේදී පැවැත්වෙන 2026 පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ තරඟ කාලසටහනද ඊයේ එළි දැක්වූවා.

ඒ අනුව ශ්‍රී ලංකාව තරඟවදින්නේ බී කාණ්ඩයෙන්.ඕස්ටේ්‍රලියාව, අයර්ලන්තය, සිම්බාබ්වේ සහ ඕමානය එම කාණ්ඩයේ සෙසු රටවල් වනවා

Latest news

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා රටපුරා ඇති ජනාධිපති මන්දිර තම පාලන කාලය තුළ සිය වුවමනාවන් සදහා භාවිතා නොකරන...

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව...

පළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කෙරේ

පළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කෙරේ පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස දෙමළ දේශපාලන පක්ෂ හයක නායකයෝ රජයෙන් ඉල්ලීමක්...

මහ බැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක්

මහ බැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක් වර්තමානයේ දී රට යම් ස්ථාවර මට්ටමකට පැමිණ ඇත්තේ වැරැදි නිවැරැදි කරමින් විනිවිද භාවයකින් යුතුව කටයුතු...
- Advertisement -spot_img

ඩෙංගු එන්නත ගැන දැනුවත් වෙමු

ඩෙංගු එන්නත ගැන දැනුවත් වෙමු - Dengue vaccine ඕනෑම කාලයකදී හිස එසවිය හැකි මෙන්ම රෝගීන් බොහෝ ප්‍රමාණයක් වාර්තා කළ හැකි...

විනාඩි පහෙන් මගේ හදවත එළියට එනවා

විනාඩි පහෙන් මගේ හදවත එළියට එනවා - Janhvi Kapoor ඇය සිනමාව උරුමයක් කරගෙනම මෙලොවට පැමිණියා යැයි පැවසුවොත් වඩාත් නිවැරදිය. ඒ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you