Newsවැලිකඩ රැඳවියාගේ මරණයට බන්ධනාගාර නියාමකවරුන් තිදෙනෙක් අත්අඩංගුවට

වැලිකඩ රැඳවියාගේ මරණයට බන්ධනාගාර නියාමකවරුන් තිදෙනෙක් අත්අඩංගුවට

-

spot_img

මත්ද්‍රව්‍ය චෝදනාවකට අදාළව වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියෙකු මියයාමේ සිද්ධියට අදාළව එම බන්ධනාගාරයේ නියාමකවරුන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

බොරැල්ල පොලීසිය විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා පැවසුවේ.

මියගිය රැඳෙවියා පසුගිය තුන්වන දින වැලිකඩ බන්ධනාගාරයේ පිරිසිදු කිරීමේ කටයුත්තක් අතරතුර පලාගොස් තිබූ අතර එහිදී එම රැදෙවියා බන්ධනාගාර නිලධාරීන් විසින් යළි සිය භාරයට ගෙන තිබුණි.

පසුව රැඳවියා හදිසියේ රෝගාතුර වී තිබූ අතර ඔහු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබුණි.

කෙසේවෙතත් අදාළ රැඳවියාගේ ඥාතීන් චෝදනා කළේ බන්ධනාගාර නිලධාරීන් විසින් ඔහුට පහරදීමක් සිදුකර ඇති බවයි.

ඒ අනුව සිද්ධියට අදාළව වැලිකඩ බන්ධනාගාර නියාමකවරුන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

මත්ද්‍රව්‍ය චෝදනාවකට වරදකරු වී වැලිකඩ බන්ධනාගාරයේ සිර දඬුවමේ නියම වී සිටි අතර ඔහු සිය දඬුවම් කාලයේ අවසන් සාමය ගෙවමින් සිට ඇත.

එලෙස මිය ගියේ බොරැල්ල, මැගසින් පාරේ පදිංචිව සිටි ඕෂධ සංජීව නමැති වයස අවුරුදු 40ක් වූ පුද්ගලයෙකි.

මෙම මරණය සම්බන්ධයෙන් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ලේකම් සුදේශ් නන්දිමාල් පවසන්නේ අදාළ රැඳවියාට පහර දී ඇති බවයි.

මියගිය රැඳවියාට දඬුවම් ලැබී ඇත්තේ මාස තුනකට වන අතර එම දඬුවම් කාලයෙන් මාස එකහාමාරක කාලයක් ගත වී ඇති අතර ඒ අතරතුර රැඳවියා බන්ධනාගාරයෙන් පලාගොස් ඇති අතර ඔහුගේ නිවස ආසන්නයේදී බන්ධනාගාර නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබේ. එම අවස්ථාවේදීද නිලධාරීන් විසින් රැඳවියාට පහර දී ඇති අතර බන්ධනාගාරයට ගෙන ගොස් නැවත පහර දී ඇති අතර අසනීප වීම හේතුවෙන් බන්ධනාගාර රෝහලට ඇතුලත් කර තිබෙන බව සඳහන්.

අනතුරුව බන්ධනාගාර රෝහලේදී ආටඃආආආ ලබමින් සිටියදී මියගොස් තිබුණි.

Latest news

බදු වංචාවකට කෝටි 30 ක දඩයක්

බදු වංචාවකට කෝටි 30 ක දඩයක් 2026 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රේගුවට ලබා දී තිබූ ආදායම් ඉලක්කය වන රුපියල් බිලියන...

බුදු දහමට මෙහෙම ගහන වෙන ආණ්ඩු තිබ්බෙ නෑ

බුදු දහමට මෙහෙම ගහන වෙන ආණ්ඩු තිබ්බෙ නෑ ශ්‍රී ලංකාව යනු ලෝකයේ එකම බෞද්ධ රාජ්‍යය බවත් එම බෞද්ධ රාජ්‍යයේ...

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී  මෙම වසරේ (2026) ආරම්භයේ සිට සැප්තැම්බර් මාසය දක්වා වූ ගතවූ මාස...

ගැහැණු සහ පිරිමි දරුවන් අපයෝජන සිද්ධි 9613 ක්

ගැහැණු සහ පිරිමි දරුවන් අපයෝජන සිද්ධි 9613 ක් 2026 සැප්තැම්බර් මාස 30 වෙනිදා වන විට ළමා ආරක්ෂක අධිකාරියට ගැහැණු සහ...
- Advertisement -spot_img

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී  මෙම වසරේ (2026) ආරම්භයේ සිට සැප්තැම්බර් මාසය දක්වා වූ ගතවූ මාස...

ඒ තැන හිත සනසන කෝපි සුවඳින් පිරුණු තැනක්

ඒ තැන හිත සනසන කෝපි සුවඳින් පිරුණු තැනක් - Kalyani Priyadarshan දකුණු ඉන්දීය සිනමාවේ සිටින ජනප්‍රියම තාරකාවන් අතර කල්‍යාණි ප්‍රියදර්ශන්ට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you