NovelsShort Storiesලෙමනේඩ්

ලෙමනේඩ්

-

spot_img

ලෙමනේඩ් – Lemons

“ජීවිතය ඔබට ලෙමන් ලබා දෙන්නේ නම්, ඔබ එයින් ලෙමනේඩ් හදන්න.”

“ජීවිතය හැමවිටම ඔබට ලෙමන් ලබා දෙන අතර ඉන් හැමදාම ලෙමනේඩ් සැදිය නොහැක”

හැමදාමත් දවල් වී අවදි වූ ප්‍රකාශ් එලෙස සිතුවේය. ඔහුට නිරතුරුව නොසන්සුන් බවක් සහ බියක් දැණුනි. ඔහු සිය අපිළිවෙල කාමරය දෙස බැලුවේය. තමා හරියට ආත්මයක් නොමැති අයෙක් මෙනි. ඔහු දවස ගෙවා දැමීමටත්, ආදරය ලැබීමටත් ක්‍රමයක් සෙව්වේය. බොහෝ දෙනෙකුගේ මෙන්, පවුලේ අය කෙරෙන් ඔහු දුරස්ව ඇත. ඔවුන්ව රැක බලාගන්නට, තියෙන දේ සමග කටයුතු කරන්නට වී තිබුණත් ඔහුට කිසිවක්ම නොතිබුණේය. ඔහු කැඩපත දෙස බැලුවේය. සියල්ල අහිමි වීමට ඔන්න මෙන්න කියා සිටින, තමාගෙන් යැපෙන පිරිසක් සිටින නිසා වැඩ කළ යුතු අයෙකුගේ ප්‍රතිබිම්බය එහි ඇඳී තිබුණි. ඉතින් ඔහු අද දිනය වෙනුවෙන් පියවරක් තැබුවේය. ප්‍රකාශ් ජීවත් වුණේ නල ජලය නොමැති නිවසකය. සෑම දිනකම වතුර පුරවා ගැනීමට ඔහු ටැංකිය අසළට යයි. එතනට හරියටම වෙලාවට යා යුතුය. කොතරම් වේලාසන ගියත්, නිරතුරුවම එහි මිනිසුන් පෝලිම් ගැසී සිටියි. පමා වුණොත් වතුර නොලැබී යනු ඇත. එනිසා ප්‍රමාද නොවිය යුතුය. වාසනාවකට මෙන් ඔහු කලින් වතාවේ දවස් දෙකකට සෑහෙන ලෙස වතුර ගබඩා කර ගත්තේය. ඔහු මෑතකදී මිලට ගත් කුඩා උදුනෙන් වතුර රත් කර, සීතල වතුර හා උණු වතුර කවලම් කර පරිස්සමින් පාවිච්චි කිරීමට වග බලා ගත්තේය.

Lemons

ඇඳුම් ඇඳගත් ප්‍රකාශ් ලැප්ටොප් බෑගයද රැගෙන වැඩ මුරය වෙනුවෙන් කාර්යාලයට ගියේය. ඔහුගේ කාර්යාලය, ගණන් කළ නොහැකි ව්‍යාපෘතිවල වැඩ කරමින් සිටි කාර්යබහුල තැනක් විය. සියල්ලෝම වැඩ කරමින් සිටියි. “මෝඩයෝ” ඔහු සිතුවේය. සමච්චල් සහගතව හිස වැනූ ඔහු තම අසුන වෙත ගියේය. ප්‍රකාශ් දවසේ කැමතිම මොහොත වූයේ හවස ටී බ්‍රේක් එකේදී කොෆි මැෂින් එක අසලදී මායා හමුවන මොහොතයි. වරින්වර ඇයව සිතට නැඟේ. ඇය දකින හැම විටෙකම ඔහු ඇය අසල ගැවසුණේය. ඔහු ඇය අසළින් එහෙ මෙහෙ වෙමින් සිටියද කිසි දිනෙක මායාට සමීප වූයේ නැත. දිනක්, ඇය තමාට අත වනන ආකාරය දුටු විට ඔහුට සතුටක් දැනුන මුත්, මොහොතකට පසු ඇය සැබවින්ම ඔහුට පිටුපස සිටින කෙනෙකුට අත වනන බව වැටහුණි. කලකිරුණු ප්‍රකාශ් ලෙමන් තේ එකක් රැගෙන තම කුටියට ගියේය. මොහොතකට පසු, මායා ආවේගශීලීව කාර්යාලයට කඩා වදින අයුරු දක්නට ලැබුණි. ඇය ප්‍රධානියාගේ මේසය උඩට කඩදාසි මිටියක් වීසි කළාය. ප්‍රකාශ් තිගැස්සී ගියේ මින් පෙර කවදාවත් ඇය ඒ අන්දමට හැසිරී නොමැති නිසාවෙනි. සියල්ලෝම තුෂ්ණිම්භූතව මේ සිදුවීම දෙස බලා සිටියහ.

Lemons

“මෙතන මල ජරාවක්. මේක හිරගෙයක් විතරයි. අපි මෙතන ඉන්නකං මුන් අපෙන් ඌරන්ගෙන් වගේ වැඩ ගන්නවා. අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි එක්ක සෙල්ලම් කරනවා. අපි මුන්ගෙ වහල්ලු වගේ. උඹලා කාටහරි දියුණු වෙන්න ඕනෙනං මාත් එක්ක එනවලා. දැන්වත් අපේ කතාව අපිට ඕනෙ විදිහට ලියන්න ඕනෙ”

මායා කෝපයෙන් කෑ ගසමින් එළියට ආවාය. ප්‍රකාශ්ට දුක සිතුණි. ඉන්පසු ඇය කුණාටුවක් ලෙසින් කාර්යාලයෙන් පිටව ගියාය. තමා බලාපොරොත්තුවෙන් සිටි අවස්ථාව මෙය බව ප්‍රකාශ්ට වැටහුණි. ඇය ඔහුට මෙතෙක් කල් කිරීමට ධෛර්යය නොතිබූ දෙයක් කළාය. නැගී සිටි ඔහු, ‘ මම රස්සාවෙන් අස් වුණා’ යැයි තමාටම මුමුණා මායා කළ ලෙසින්ම කාර්යාලයෙන් ඉවතට ආවේය. ප්‍රකාශ් පාරට ආවේය. මායා ඈතට වී සිගරට්ටුවක් බොමින් සිටින අයුරු ඔහුට දකින්න ලැබුණි. තමාද රැකියාවෙන් ඉවත්වූ බව ඇයට කිව යුතුය. නමුත් ඔහු ඇය වෙතට යද්දීම ඇගේ හිතවතුන් ඈ වට කරගෙන, රැකියාවෙන් ඉවත්වීමට තිබූ ධෛර්යයට ප්‍රශංසා කළෝය. අනතුරුව ඇය මර්සිඩීස් AMG රියක නැගී පිටව ගියාය.

Lemons

ජීවිතය ප්‍රකාශ්ට ලෙමන් ගෙඩියක් ලබා දුන්නාක් මෙන් ඔහුගේ හදවත වේගයෙන් ගැහෙන්නට විය. ඒ මොහොතේ ඔහුට ඔහු වටා ඇති ලෝකයේ තමාගේ තැන තේරුම් ගියේය. ටිකෙන් ටික ඔහු සන්සුන් විය. තම ජීවිතයේ වඩා වැදගත් දේවල්, පවුල, අරමුණු ඔහුට සිහිපත් වුණි. ‘ඉවත් වීම’ වරප්‍රසාද ලත් අයගේ දෙයක් බව ඔහුට වැටහිණි. ඔහු වැන්නවුන්, තැලෙමින්, මිරිකෙමින් දරා ගත යුතුය. නොඑසේ නම් ඉදිරි ගමනක් නැත. නැවත කාර්යාලයට යන විට ඔහුගේ සිතේ ඇති වූ අවසාන සිතුවිල්ල වූයේ,

“සමහර විට මේක එච්චර අමාරු දෙයක් නෙමේ වෙන්න ඇති. තව ටික කාලෙකින් මට අයින් වෙන්න පුළුවන්. මේ ඒකාකාරී ගතිය ජීවිතේම කොටසක්. ඒක එච්චර නරක දේකුත් නෙමේ.”

එලෙස සිතූ ප්‍රකාශ්, තිබහ නිවීම සඳහා පාර අයිනේ ලෙමනේඩ් විකුණන වෙළෙන්දෙකු අසළින් ඉදිරියට ඇවිද ගියේය.

[ Reedsy වෙබ් අඩවියෙහි පළවූ Shreyas CM විසින් රචිත Lemons නම් කෙටිකතාව ඇසුරින් සිදුකළ අනුවර්තනයකි ]

Latest news

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා රටපුරා ඇති ජනාධිපති මන්දිර තම පාලන කාලය තුළ සිය වුවමනාවන් සදහා භාවිතා නොකරන...

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව...

පළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කෙරේ

පළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කෙරේ පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස දෙමළ දේශපාලන පක්ෂ හයක නායකයෝ රජයෙන් ඉල්ලීමක්...

මහ බැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක්

මහ බැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක් වර්තමානයේ දී රට යම් ස්ථාවර මට්ටමකට පැමිණ ඇත්තේ වැරැදි නිවැරැදි කරමින් විනිවිද භාවයකින් යුතුව කටයුතු...
- Advertisement -spot_img

ඩෙංගු එන්නත ගැන දැනුවත් වෙමු

ඩෙංගු එන්නත ගැන දැනුවත් වෙමු - Dengue vaccine ඕනෑම කාලයකදී හිස එසවිය හැකි මෙන්ම රෝගීන් බොහෝ ප්‍රමාණයක් වාර්තා කළ හැකි...

විනාඩි පහෙන් මගේ හදවත එළියට එනවා

විනාඩි පහෙන් මගේ හදවත එළියට එනවා - Janhvi Kapoor ඇය සිනමාව උරුමයක් කරගෙනම මෙලොවට පැමිණියා යැයි පැවසුවොත් වඩාත් නිවැරදිය. ඒ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you