More
    Interviewsරොමෑන්ටික්ම ෆිල්ම් හදපු මං තාම තනිකඩයි

    රොමෑන්ටික්ම ෆිල්ම් හදපු මං තාම තනිකඩයි

    -

    spot_img

    රොමෑන්ටික්ම ෆිල්ම් හදපු මං තාම තනිකඩයි – Karan Johar

    බොලිවුඩ් සිනමාවේ අතිශයින් ජනප්‍රිය වූ රොමෑන්තික චිත්‍රපට ගණනාවක්ම ඔහු විසින් අධ්‍යක්ෂණය කළා. Karan Johar චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් පමණක් නොවේ. නිවේදකයෙක්, චිත්‍රපට නිෂ්පාදකවරයෙක්ට අමතරව ඔහු චිත්‍රපට සඳහා සිය රංගන දායකත්වයද ලබා දුන්නා. ෆිල්ම් ෆෙයාර් ඇතුළු සම්මාන රැසකින් පිදුම් ලැබූ ඔහු 2020 වසරේදී පද්ම ශ්‍රී සම්මානයෙන් ද පිදුම් ලැබුවා. 

    Karan Johar

    53 හැවිරිදි Karan තවමත් තනිකඩයි. සිය තනිකඩ බවට හේතු දක්වමින් කරන් පවසන්නේ දෙවියන් වහන්සේ තමාට කිසිවෙකු නිර්මාණය කර නැති බවයි. එමෙන්ම සිය විවාහක මිතුරන් සමඟ කාලය ගත කිරීමට තමන් අකමැති බවත් ඔහු පවසනවා.

    Karan Johar

    “එයාලා මගේ ඉස්සරහ ආදරේ කරනකොට මට හිතෙනව එයාලව මරලා දාන්න”
    දශක තුනකට ආසන්න සිනමා ජීවිතය තුළ ඔහු ලබාගත් ජයග්‍රහණ බොහොමයි. කරන් සිය පළමු සම්මානය දිනා ගන්නා විට ඔහුට වයස අවුරුදු 27 යි. එම මොහොතේ ඔහුගේ පියා Yash Johar ඔහු අසල සිටියා. නමුත් මෑතක National Award එක පිරිනමන මොහොතේදී තමාට හිස්කමක් දැනුන බව සානියා මිර්සා සමග අදහස් දක්වමින් කරන් පවසා සිටියා.

    Karan Johar

    “ඔවුන් මගෙන් සහකරුවෙක් / සහකාරියක් ගැන ( මිත්‍රයෙක් හෝ ) ඇහුවා. මට කවුරුත් හිටියෙ නැහැ. අපිට තනිකම වැඩිපුර දැනෙන්නෙ අපේ පරාජයන්ටත් වඩා ජයග්‍රහණ වලදි. ඔයාගෙ දුර්වල තැන්වල ඔයාට පවුලේ අය, යාළුවො ඉන්නවා. මටත් ඥාති සහෝදරියන් දෙන්නෙක් ඉන්නවා. අපි ගොඩක් සමීපයි. ඒ වගේම මට යාළුවො ඉන්නවා. නමුත් සමහර තැන්වල අපි තනියි. මට සම්මානය ලැබෙනව කියලා දැනගන්න ලැබුණා. මම කෝල් එක කට් කරලා කල්පනා කරේ ‘අද රෑ මම මොකද කරන්නේ? මම කාගේ ගෙදරටද යන්නේ? මම කාගේ අතද අල්ලගෙන ඉන්නේ කියලා? මට ඕනෙ වුණේ සතුටින් ඉන්න. මම සම්මාන උළෙලට ගියාම ඔවුන් මගෙන් ඇහුවා මම කවුරු එක්කද ඉන්නෙ කියලා, මට කවුරුත් හිටියේ නැහැ. හැමෝම ඔවුන්ගේ සහකරුවන් සමඟ කතා කරමින් හිටියා, මගේ අම්මව හරි එතන්ට එක්කන් යන්න තිබුණත් ඇය සෞඛ්‍ය සම්පන්නව නෙමෙයි හිටියෙ..මම දැන් හොඳින්. මට ආදරය, මිත්‍රත්වයක් ඕනෙ වුණ කාලයක් තිබුණා. මේ හැමදේමත් එක්ක මම චිත්‍රපටි හැදුවා. ඒව මාව සුවපත් කළා. මිනිස්සු මාව මොන විදිහට පිළිගනියිද කියන සැකය මට තිබුණා”
    එදිනෙදා ජීවිතයේදී තනිකමට මුහුණ දෙන ආකාරය පිළිබඳවත් ඔහු මෙලෙස පවසා තිබුණා.

    Karan Johar

    “තනියෙන් කෑම කන එක පවා හරි අමාරුයි. ගොඩක් වෙලාවට මම කෑම මේසෙට යන්නේ නෑ. මොකද, ඒක තත්ත්වය තවත් නරක අතට හරවනවා. මම මගේ කාමරේ ඉඳගෙන කෑම කනවා. හිස්කම නැති කරගන්න මම උත්සාහ කරනව. Partner කෙනෙක්ගෙ ආදරය ඔයාගේ දෙමව්පියන්ගේ, දරුවන්ගේ ආදරයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. ඒක තමයි හවුල්කාරිත්වය කියන්නෙ. දෙන්නෙක් ඉන්න ඕන. අපිට කවදාවත් තනියම පියාසර කරන්න බෑ. ගොඩක් වෙලාවට මට තනිකමක් දැනෙනවා. කාටහරි කතාකරන්න ඕනෙ වෙනවා. මට කතා කරන්න ගොඩක් යාළුවෝ ඉන්නවා, නමුත් ඒ හැමෝම විවාහකයි. ඒ නිසා මම ඔවුන්ට කරදරයක් වෙන්න යන්නෙ නැහැ. මම තනිකඩ අය ළඟට යන්නෙ එයාලට මාව ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් නිසා. මට කවදාවත් couple එක්ක එළියට යන්න ඕන නෑ. මගේ ඉස්සරහ එයාලා සමීපව හැසිරෙන්න ගත්තම මට එයාලව මරන්න හිතෙනවා. මම එයාලට කියනවා ‘කරුණාකරල කාමරයක් ගන්න!’” කියලා.”
    වයස 53 දීත්, කරන් තවමත් ප්‍රේමයක් බලාපොරොත්තු වෙමින් පසුවෙනවා.
    “ශාරුක් වගේ දෑත් විහිදගෙන මම බලාගෙන ඉන්නවා. මම බොලිවුඩ්වල රොමෑන්ටික්ම ආදර කතා හැදුවා. ඒත් අවාසනාවට මට ආදරේ හමුවුණේ නැහැ “
    The Indian Express ඇසුරිනි –

    Latest news

    ඉරාන යුද්ධය නිමාවන කාලය ගැන ට්‍රම්ප් කතා කරයි

    අමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාර එල්ල කිරීමත් සමග ගල්ෆ් කලාපයේ ඇති වූ යුද ගැටුම් තවදුරටත් උත්සන්න වී තිබෙනවා.එම ගැටුම්...

    ට්‍රම්ප්ගේ යුද බලතල සීමා කිරීමේ යෝජනාව සෙනට් සභාවේදී පරදී

    ඉරානයට එරෙහි යුද්ධය සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපතිවරයාට සීමා පැනවීම සඳහා අමෙරිකා එක්සත් ජනපද සෙනට් සභාවට ඉදිරිපත් වූ යෝජනාව පරාජයට පත්ව...

    ඉරානයේ මිය ගිය ගණන 780 ඉක්මවයි

    ඉරානය තුළ නව ප්‍රහාර රැල්ලක් ක්‍රියාත්මක කල බව ඊශ්‍රායලය පවසනවා. ටෙහෙරාන් අගනුවර යටිතල පහසුකම් ද ඉලක්ක කර ගනිමින් එම ප්‍රහාර...

    අයතුල්ලා අලි කමේනිගේ බිරිඳව ඝාතනය කෙරේ

    ඉරානයේ උත්තරීතර නායක අලි කමේනිගේ බිරිඳ වන මන්සුරේ කොජාස්ටේ බගර්සාඩේ (Mansoureh Khojaste Bagherzadeh) නිවසේ දී ඝාතනය කර ඇතැයි ඉරාන...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 44

    රත් දෝතළු - 44 මේ හේතුව යැයි කියා ස්ථීරවම පැවසිය නොහැකි හැඟීම් ගොන්නකින් මසිත පිරී තිබිණි. විනීෆ්‍රීඩා මහත්මියගේ රාත්‍රී බෙහෙත්...

    ටෙහෙරානයේ කුඩා කම්මල්කරුවකුගේ ඉංජිනේරු පුතා

    ටෙහෙරානයේ කුඩා කම්මල්කරුවකුගේ ඉංජිනේරු පුතා - Ahmadinejad ඉරානයට එල්ල කෙරූ අමෙරිකානු - ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හේතුවෙන් ඉරානයේ හයවැනි ජනපතිවරයා වූ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page