NovelsRath Dothaluරත් දෝතළු - 58

රත් දෝතළු – 58

-

spot_img

රත් දෝතළු – 58

විහඟ මා සිටි දෙසට එනු දුටු මම වහා බංකුව මතින් නැඟී සිටියේ ඔහු මඟහැර ගෙතුළට ඒමට වුවද ඔහු පියවර කීපයකින් මවෙත ළංවූයේ මම පැන යනු ඇතැයි සිතා මෙනි. ඔහු දෙස බැලීමට හෝ මා තුළ කැමැත්තක් නැත. සතර අතින් කෙමෙන් අඳුර ගලා එන්නට විය. නිවසේ පහන් දැල්විය යුතුය. මම ඔහු මඟ හැර ඉවත යෑමට සැරසෙන විට විහඟ මඟ අවුරා සිට ගත්තේය.

“අරවින්දි මං ආව නිසාද යන්න හැදුවේ…?”

ඔහු විමසන විට මම හිස ඔසවා ඔහු දෙස එක එල්ලේම බැලුවෙමි.

“ඔව්… කෝ ඉතින් යන්න දුන්නැයි… මඟ අවුරලා හිටගත්තනේ…”

නොමනාපය මුසුව මම කීවේ ඔහුගේ මුහුණට දමාගසන්නාක් මෙනි. උදෑසන සිදුවූ පිළිකුල් සහගත දසුන දැක ගෙවී ගියේ පැය කීයද.? ඔහුට නම් එහි කිසිදු වගේ වගක් නැති සෙයකි.

“ඔච්චර නපුරු ඇයි අරවින්දි… ඔය අහිංසක මූණට ඔය නපුරුකම ගැළපෙන්නේ නැහැ…”

“ඔය බොරු වර්ණනා ඕන නැහැ විහඟ සර්…”

“ම්හ්හ්… ඔයාට හිතෙන්නේ බොරු කියලා…”

“බොරු හරි ඇත්ත හරි මට වැඩක් නැහැ… මට යන්න ඉඩදෙනවද… කරුණාකරලා…”

“හොඳයි… හැබැයි ඊට කලින් මට ඔයාට කියන්න දෙයක් තියනවා…”

“ඒත්… විහඟ සර්… මට අහන්න ඕන නැහැ…”

“ඒ ඇයි…?”

“අද දවසේ මං අහගත්තු දේවලුයි… දැකපු දේවලුයි… හොඳටම මදෑ…”

මම ඇනුම්පදයක් එල්ල කළෙමි.

“පුංචි පහේ ඊර්ෂ්‍යාවකුත් තියනවා නේ එහෙනම්…?”

මම තිගැස්මෙන් යුතුව ඔහු දෙස බැලීමි. ඒ මුහුණේ වූයේ කට කොණින් පෑ අප්‍රසන්න සිනහවකි. පිළිකුළක් මා සිතේ ඇතිවන විට මට අඩියක් පසුපසට තැබිමි.

“ඒ මොකටද මං ඊර්ෂ්‍යා වෙන්නේ…?”

“වෙන කෙනෙක් මට තුරුළු වෙලා ඉන්නවා දැක්කාම… ඔයාට ඊර්ෂ්‍යාවක් වගේම දුකක් ඇති නොවුණා කියලා නම් කියන්න එපා අරවින්දි…”

මම කෝපයෙන් රතුව ඔහු දෙස බැලීමි.

“විහඟ සර්… හොඳ සිහියෙන්ද ඉන්නේ… එහෙම ඊර්ෂ්‍යාවක් ඇති වෙන්න ඔයා මගේ කවුද… මට එච්චර පිස්සුවක් නැහැ… එක එකා ළඟ එක එක දවසට හුරතල් වෙන සර්ගේ ලිස්ට් එකේ ඉන්න ගෑණු ගාණට මං ගැන හිතන්න එපා… මට ඇති ඊර්ෂ්‍යාවක් නැහැ… අප්පිරියාවක් මිසක්…”

පරිසරයේ වූ මඳ අඳුරේ වුවද මට ඔහුගේ මුහුණ අඳුරුව යන සැටි පෙනිණි. නමුත් එය සුළු මොහොතකට පමණි. අඳුරු වළාවකින් සඳ එබෙන්නාක් මෙන් යළිත් ඒ මුහුණ බැබළිණි.

“හොඳයි… හොඳයි… එහෙම වුණාවේ… හැබැයි ඉතින් මං අහන්නේ මං ගැන පුංචිම හරි ආදරයක් තියන නිසා නේද දුවන් ඇවිත් නිව්ස් එක දුන්නේ…?”

මා මුවේ නැඟි උපහාසාත්මක සිනහව ඔහුගෙන් සඟවාගන්නට මට වුවමනා නොවිණි.

“ඔය මොළෙන් හිතන්න පුළුවන් ඔය වගේ මෝඩ දහස් විතරද… මට වෙන වැඩ නැතුවටද… විහඟ සර් හිතන් ඉන්නේ එහෙමද… එහෙනම් ඔය වැරදි වැටහීම් ඔළුවෙන් අයින් කරගන්න… මං ඒ දේ කළේ සර්ට ඇති ලව් එකක් නිසා නෙවේ…. මැඩම් නිසා… සර්ගේ අම්මා ඕවා දැක්කා නම් දොස් කියන්නේ සර්ට නෙවේ… මැඩම්ට… එයාත් දැනුවත්වම සර් ගේ ඇතුළට…”

කීමට ගිය දේ මම වහා වළකා ගතිමි.

“මේ ගේ ඇතුළේම ඔහොම හැසිරෙනවා කියලා මැඩම්ටයි දොස් අහන්න වෙන්නේ… උදේ වුණත් බැන්නේ මැඩම්ටනේ… මතක ඇතිනේ… අන්න ඒ නිසා තමා මං ඒක කියන්න ආවේ…”

මම එක දිගටම කියවගෙන ගියෙමි.

“සොරි.. සොරි අරවින්දි… ඔයා කළ දේ මම අගේ කරනවා… අම්මා ඔයාට දොස් කීවාට මට සමාවෙන්න… එයා තේරුම් ගත්තේ වැරදියට…”

“සර් කියන කතාව ඇත්ත… විශාකා මැඩම් තේරුම්ගත්තේ වැරදියට තමා… එයා දොස් කීවේ මට නෙවේ… එයා තාම සර් ගැන දන්නේ නැහැ… දැන් නම් දැනගත්තා කියලා ඇති වැඩකුත් නැහැ… මොකද එයා දැනගත්තත් කරන්නේ ඔයාගේ සුදු හුණු ගාලා ඔයාව සුදනා කරන එක… සමහරවිට අද ඕක අතටම අහුවුණා නම් වෙන්න තිබ්බේ ඒක තමා… සර් හොඳ වෙයි… අර ආපු කෙල්ල ජරා ගෑණියෙක් කියලා හවංඩු ගහයි… පිරිමියට කවුද වැරදි පැටෙව්වේ..?”

විහඟ බර සුසුමක් හෙළූ අතර නොකියූ කතාවක් ඒ සුසුමේ සිරවී තිබෙන්නට ඇතැයි කියා මට නිකමට මෙන් සිතිණි.

“මෙච්චර කාලෙකට මට කවුරුවත් ඔහොම දොස් කියලා නැහැ අරවින්දි… එහෙම කියලා මාව හදාගන්න කාටවත් වුවමනා වෙන්න නැතුව ඇති…”

“අනේ විහඟ සර්… ඔයා හොඳට රඟපානවා… සර්ගේ සුදු මම්මා සර්ට දෙන්න ඕන අවවාද සේරම දීලත්… සර් හැදුණද… සර්ගේ අම්මාගෙන් බැනුම් අහං හරි හැදෙන්න එපැයි…”

“අම්මෝ අරවින්දි ඔයා නම්… අපේ අම්මා බනින ඒවත් මට දැන් ගාණක් නැහැ…”

“සර්ට බනින්නේ ආදරේට වෙන්නැති… කොයි අම්මා වුණත් කැමති වෙන්නේ නැහැ දරුවෝ නන්නාත්තාරෙ යනවට…”

මම යළිත් ඇනුම්පදයක් එල්ල කළෙමි.

“වදින්න ගහනවානේ… ඔයා…?”

මම පිළිතුරක් නොදුන්නෙමි. මෝටර් රථයක පහන් එළි නිවස වෙතට විහිදෙන විට ඒ අහස් පැමිණි බව දැන මම විහඟ මඟහැර වහා ගෙතුළට ආවේ ඔහු නිවසට ඒමට පෙරය. මුළුතැන්ගෙයට දිව ආ මම වතුර කේතළය ළිප මත තැබීමි.

“මම බැලුවා කෝ මේ ළමයා කියලා…”

විනිෆ්‍රීඩා මහත්මිය මුළුතැන්ගෙයට පැමිණියේ එසේ පවසමිනි.

“නිරූ එක්ක කතා කර කර හිටියා මැඩම්…”

“ආහ්… දැන් ඔය සංජීව් ඒ ළමයාව මැරි කරනවද…?”

ඈ විමසන විට මා සිතේ ඇති වූයේ තිගැස්මකි.

“අනේ මං ඒ ගැන ඇහුවේ නැහැ මැඩම්…”

පැකිළෙමින් වුවත් මම කීවෙමි.

“හ්ම්ම්… අපිට ඒ ගැන අහන්න අයිතියක් නැහැ තමා… දැන් නම් ඉතින් ඕන තරම් ලිවින් ටුගෙදර ජීවත් වෙනවනේ… එකාතකින් ඒක හොඳයි… කසාඳ බැඳලා දික්කසාද වෙනවට වඩා…”

“මම නම් කැමති නැහැ මැඩම්… මොකටද එහෙම ජීවත් වෙන්නේ… අදහස් ගැළපුණේ නැත්නම්…? කාලයක් ලිවින් ටුගෙදර් ඉඳලා… වෙන්වෙලා… ආයේම වෙන කෙනෙක් එක්ක එහෙම ජීවත් වෙන්නද… කී පාරක් කියලා ඔහොම කරන්නද…?”

“ඒකත් ඇත්ත…”

අහස් එහි පැමිණි නිසා අපේ කතාබහ නැවතිණි.

“අම්ම ආවද සුදු මම්මා…?”

ඔහු අසුනක් හැද හිඳගනිමින් අසන විට මා අනෙක් පස හැරී ඉඟුරු ගෙඩියක පොතු හැරියෙමි. විශාකා මහත්මිය ඔහු සමඟ කුමක් හෝ කියා ඇතිවාට සැක නැත. ඔහු එසේ අසන්නේ ඒ නිසාය.

“ඔව්… ඇවිත් ගියේ… මොකද ළමයෝ ඔයා ආව ගමන් එහෙම ඇහුවේ…?”

මම සවන් දීගෙන සිටියෙමි. ඔහු දෙස බලන්නට නොහැකිය.

“මෙහෙ හරි හරි චණ්ඩිනේ ඉන්නේ සුදු මම්මා…”

ඒ කීවේ නම් මටය. මා මුවට සිනහවක් නැඟිණි. මා ඔහුට පිටුපා සිටීම වාසනාවකි.

“අම්මා කතාකරලා මට යුද්දේ ප්‍රකාශ කළා… මං අහන්න ගියේ නැහැ… මං ෆෝන් එක කට් කළා… එයාගේ කතාවල් අහන්න ගියොත් මගෙ ඔළුව නරක් වෙනවා…”

එසේනම් ඔහු කිසිත් දන්නේ නැත.

“චණ්ඩි වැඩ කරන්නේ ඔයාගේ මල්ලි තමා… අද තමා මං එයාට දෙන ලාස්ට් චාන්ස් එක…”

විනීෆ්‍රීඩා මහත්මිය කීවේ දැඩි හඬකිනි.

“බලු වලිගේ ඇද අරින්න පුළුවන් වෙයි කියලද සුදු මම්මා හිතන්නේ…?”

“ඇද අරින්න බැරි වුණොත් ඉතින් වළිගේ කපලා හරි දානවා…”

ඈ කීවේ විහිළුවට නම් නොවේ. මෙවර නම් විහඟ හොඳ පාඩමක් ඉගෙනගනු ඇත.

“මොනවද සුදු මම්මා කපල දාන්නේ…?”

විහඟ පැමිණියේ එසේ අසාගෙනය.

“තමුන්ගේ බෙල්ල…”

“අහවල් දේකටද බෙල්ල කපන්නේ…?”

“ඔයා බබානේ…”

ඈ නොසතුටෙන් කීවාය. තේ පිළිගන්වා මම වහා පිටතට පැමිණියෙමි. ඔවුන්ගේ කතා බස් අසමින් එහි සිටින්නට මට වුවමනා නැත.

-හෙටත් හමුවෙමු-

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

ආබාධ සහිත පුද්ගලයින් සඳහා ප්‍රමුඛතා බස් සේවාව හෙට (21) සිට

ආබාධ සහිත පුද්ගලයින් සඳහා පහත් මහලේ ප්‍රමුඛතා බස් සේවාවක් හෙට (21) මාකුඹුර බහුමාධ්‍ය මධ්‍යස්ථානයෙන් (MMC) ආරම්භ කරන බව ප්‍රවාහන,...

2026 අලුත් අවුරුදු නැකැත් සීට්ටුව

හෙට (14) දිනයේ පූර්වභාග 09.32 ට සිංහල අලුත් අවුරුද්ද උදාවීමට නියමිතව තිබේ. අවුරුදු උදාවට අදාළ නැකැත් සහිතව බුද්ධශාසන, ආගමික හා...

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...
- Advertisement -spot_img

තේ වෙලාවට චොක්ලට් ස්විස් රෝල්

තේ වෙලාවට - Chocolate Swiss Roll තේ වෙලාවට ගැළපෙනම දෙයක් තමයි ස්විස් රෝල් කියන්නෙ. රසම රස චොක්ලට් ස්විස් රෝල් එකක්...

ආබාධ සහිත පුද්ගලයින් සඳහා ප්‍රමුඛතා බස් සේවාව හෙට (21) සිට

ආබාධ සහිත පුද්ගලයින් සඳහා පහත් මහලේ ප්‍රමුඛතා බස් සේවාවක් හෙට (21) මාකුඹුර බහුමාධ්‍ය මධ්‍යස්ථානයෙන් (MMC) ආරම්භ කරන බව ප්‍රවාහන,...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you