NovelsRath Dothaluරත් දෝතළු - 53

රත් දෝතළු – 53

-

spot_img

රත් දෝතළු – 53

අහස් තිළිණ කළ ජංගම දුරකථනයෙන් මම නිර්මාණිට ඇමතුමක් ගතිමි. ඔහු එක සමානම ජංගම දුරකථන දෙකක් මිලදි ගෙන තිබුණේ එකක් මටත් අනික නිවසටත් කියාය. මම එය අතට ගත්තේ දෑසේ කඳුළු පුරෝගෙනය. එය විනිෆ්‍රීඩා මහත්මියද දැනුවත්ව සිදු වූ දෙයක් බව මම දැනගත්තේ පසුවය. හඬ වෙනස් කර නිර්මාණි රවටා අමතන්නට ගත් උත්සාහය සාර්ථක නොවූයේ ඈ මගේ හඬ ක්ෂ්ණකයෙන් හඳුනාගත් නිසාය.

“වාව්… ෆෝන් එකක් ගත්තද…? මරුනේ…”

ඈ කැගැසුවේ සතුටිනි.

“අහස් සර් අරන් දුන්නේ…”

“ෂා මරු… ඔය වැටිලා තියෙන්නේ ලස්සනට ට්‍රැක් එකට… ඔහොම යං… ඔහොම යං…”

ඈ ඒ මොහොතේත් කළේ මට විහිළු කිරීමය.

“පිස්සු… මං ගෙදර යන්න හදන්නේ…”

“අපිත් යනවා… අපි එක්ක යමු… කවද්ද යන්නේ…?”

“අපි කිව්වේ කවුද… සංජීව් අංකල්ද…?”

“උඹට මම… නැතුව ඉතින් වෙන කවුරුවත් ඉන්නවැයි…”

“ඔය දෙන්නාට ඩිස්ටර්බ් නේ මං ආවොත්…”

“අනේ මේ… විකාර නොකියා ඉඳින්… උඹ හිතුවද මේ අපි වාහනේ යන ගමනුත් ලව් කර කර යන්නේ කියලා…”

මා මුවින් පිට පැන්නේ උස් සිනහවකි.

“කවුද දන්නේ ඉතින්… ඕවා බල බල යන්න වුණොත් ඉතින්…”

“මං කියන්නැහැ උඹට…”

“හරි…. හරි මැඩම්…. කීයටද යන්නේ…?”

“උදෙන්ම යන්න ඕන… ඔයා ලෑස්ති වෙලා ඉන්නකෝ… සංජීව් එන ගමන් එයි එක්ක යන්න…”

බස් රථවල නැඟගෙන යනවාට වඩා එසේ යෑමට ඇත්නම් ඉක්මනින් මෙන්ම නිදහසේ ගිය හැකි බව මටද වැටහිණි. විනිෆ්‍රිඩා මහත්මියට මේ ගැන කියන විට ඇයද සතුටු වූයේ මා තනිවම බසයේ යනවාට ඇය තුළද කැමැත්තක් නොවූ නිසාය. පසුදින උදෑසනම සංජීව් මා කැඳවාගෙන යෑමට නිවසට පැමිණියේය.

“මෙයා නිකමටවත් එන්නේ නැහැ අපිව බලන්න…”

විනිෆ්‍රීඩා මහත්මිය ඔහුට දොස් කීවාය.

“වැඩ වැඩියි මේ ටිකේ… අදත් මේ බිස්නස් වැඩකට රත්නපුර යන්නේ…”

ඔහු නිදහසට කරුණු කියන්නට විය.

“හරි හරි… මං නිකමට කිව්වේ… පරක්කු වෙන නිසා යන්න…”

මම විනිෆ්‍රීඩා මහත්මියට දණ නමා වැන්දෙමි.

“පරිස්සමින් ගිහින් එන්න…”

ඈ කීවේ මගේ හිස පිරිමදිමිනි. අපි එන විටත් නිර්මාණි සිටියේ පිටතට පැමිණ අප බලාපොරොත්තුවෙනි.

“මේකි ලස්සන වෙලා නේද සංජු…?”

රථයට නැඟුණු නිර්මාණි පිටුපසට හැරී කීවේ මා දෙස බලමිනි. මා දෙකම්මුල් රත්ව යනු මට දැනිණි. සංජිව් පිටුපස බලන කන්නාඩියෙන් මදෙස බලනු මා නෙත ගැටුණි.

“අපි කොහොමත් කැතට හිටියෙ නැහැනේ…”

මුව ඇදකරමින් මම කීවෙමි.

“ආහ්… එහෙමද මැඩම්…”

“මෙයාට හොඳ සැළකිලි එහෙන්..නැත්ද…?”

සංජීව් ද කීවේ නිර්මාණි දෙසට බැල්මක් හෙළමිනි.

“ඒක නම් පේනවා… දැන් පාට වැටිලා…”

එවර නම් මා සිතේ ඇති වූයේ සියුම් ලැජ්ජා මුසු හැඟීමකි. ඔවුන්ගේ කතාබහ වෙනත් දේ කෙරෙහි යොමුවන විට මම කෙටි නින්දකට පිවිසුණෙමි. යළි මා අවදි වූයේ නිර්මාණි මා අමතන හඬිනි. රථය නවතා තිබුණේ කුඩා හෝටලයක් අසලය.

“තේ ටිකක් බීලා යමු…”

සංජීව් කීවේ පිටුපස හැරී මා අමතමිනි. රිය පදවා ඔහුටද මහන්සි ඇතිවා විය යුතුය. ඔවුන් දෙදෙනා සමඟ මමද රථයෙන් බැස ගතිමි. වැඩි වෙලා නොගෙන අපි නැවත ඉක්මනින් පැමිණියේ ඔහුට පමා වන නිසාය. ඔවුන් මා නිවස වෙතම කැඳවාගෙන පැමිණියේ මා මඟින් බසින්නම් යැයි කියා කියන විටදීත්ය. නිවාඩු දිනයක් වූ බැවින් මල්ලීත්, නංගීත් එදින නිවසේ විය. නිවස ඉදිරිපිට රථයක් නවතනු දැක ඔවුන් දෙදෙනම මිදුලට බැස බලා සිටියේ කුහුල් සිත්වලින් බව මම දුර තියා දුටිමි.

“ගේ ළඟටම ආව එකේ තේ ටිකක් බීලා යමුද…?”

සංජීව් එයට එකඟ නොවනු ඇතැයි කියා සැකයක් මා සිතේ වූ මුත් ඔහු එක පයින් එයට එකඟ වූයේය.

“තේ ටිකක් බොමු… නැත්නම් හොඳ නැහැනේ…”

ඔහු මට පෙර රථයෙන් බැස ගත්තේය. පැමිණියේ මා බව දැක නංගීත්, මල්ලීත් සිටියේ සතුටින් පිරීගිය බව මම මුහුණින් බව මම දැකගතිමි. සංජීව් සහ නිර්මාණි නොවූවා නම් ඔවුන් දෙදෙනාම සතුටින් උඩ පනිනු ඇත. අම්මා සාදා දුන් ඉඟුරු දැමූ තේ කෝප්පයක්ද පානය කළ ඔවුන් අපෙන් සමුගත්තෝය.

“හරි හොඳ මහත්තයෙක්…”

ඔවුන්ගේ රථය පිටත්වන දෙස බලා අම්මා කීවාය. නංගී මගේ බඳවටා දෑත යවාගෙන මට තුරුළුව සිටියේ බොහෝ කලකින් මා උණුසුමේ දැවටෙන්නට නොහැකි වූ නිසා එහි අඩුපාඩුව පිරිමහගන්නට මෙනි.

“අක්කලාගෙ බොස්ද ඒ…?”

මෙතෙක් වෙලා නිහඬව සිටි නංගී ඇසුවේ කුහුළින් බව මට වැටහිණි.

“නැහැනේ… බොස්ගේ යාළුවෙක්… රත්නපුරේ යන ගමන් අපිවත් දාන් යන්නම් කීවා…”

“ඒකත් හොඳයි… නැත්නම් ඉතින් බස් එකේ බඩගාන්න එපැයි…”

නංගී කීවාය. මා එසේ පිළිතුරු දුන්නා නම් නංගී ඊලඟට කුමන පැනයක් අසනු ඇතිද කියා මට අනුමාන කරන්නට නොහැකිය. විනිෆ්‍රීඩා මහත්මියට ඇමතුමක් ගෙන අපි පැමිණි බව මම කියා අහස්ටද කෙටි පණිවුඩයක් යවා තැබීමි.
————————————————————————————————————————————————————-
මල්ලීත් නංගීත් සිටියේ සතුටිනි.බොහෝ කලකින් ඔවුනට ලැබුණු තෑගි බෝග දැක අම්මාගේ දෑසුත් සතුටින් දිලිසෙන සැටි දැක මා සිතේද ඇතිවූයේ සතුටකි. මේ සියල්ල විනිෆ්‍රීඩා මහත්මියගේ කරුණාවන්තකමය. සුපුරුදු පරිසරයට පැමිණීමට ලැබීම සිතේ යම් අස්වැසිල්ලක් ඇති කළේය. සුළඟ පවා දැවටුණේ කලකින් හමුවූ අයෙකු මෙන් ලෙංගතු සතුටකින් මෙනි. ඇට්ටේරියා ගස යට බංකුව මතට විත් හිඳගෙන මම ඈතින් පෙනෙන රබර් වතු යාය දෙස බලා සිටියෙමි. රැයේ පිපුණු මල් වල පෙති බිම විසිරී ගොසිනි. ගස යට මල් සුවඳ හැමීය.

“ලොකු දුවේ… බත් ටිකක් කාලා ඉමු…”

අම්මා අමතන හඬ ඇසී මම හැරී බැලීමි. කුසගින්නක් මා තුළ නොවූයේ සිත පිරී තිබූ නිසා වන්නට ඇත. කෙසේ නමුත් අම්මා ඉවූ බත් වේලක රස බැලුවේ බොහෝ කලකට පෙර බව සිහිවී මම මුළුතැන්ගෙයට ගොඩ වුයෙමි. නංගීද ගෙතුළ සිට දිව විත් මා අසල බංකුව මත හිඳ ගත්තාය.

“ඔයාට ගොඩාක් වියදම් නේද ලොක්කාක්කේ…?”

ඈ මා විමසුවේ වැඩුණු අයෙකු මෙනි. අම්මා බත් බෙදා අප දෙදෙනාටම දුන්නේ මා දෙන පිළිතුර කුමක්ද කියා විමසුම් මුසු බැල්මකිනි.

“තෑගි අරන් දුන්නේ අපේ මැඩම්…”

මම කියන විට අම්මාගේ මුහුණ ඔප වැටිණි.

“ගොඩාක් ළමයි ඉන්නවද එතන…?”

අම්මා අසන විට මා සිත දොම්නසින් පිරී ගියේ මා ඇයට නිවසක සේවය කරන බවක් නොකී නිසාය.

“ඔව් අම්මා… මැඩම්ට ෆැක්ට්‍රි කීපයක්ම තියනවා…”

“ලොකු සල්ලිකාරයෝ වෙන්නැති…”

“සල්ලිත් තියනවා… ඊට වඩා මනුස්සකම තියනවා…”

“ඒකනේ අද මිනිස්සු ළඟ නැත්තෙත්…”

සුසුමක් හෙළමින් අම්මා කීවාය. තාත්තාද මුළුතැන්ගෙයට පැමිණි නිසා නංගී නැඟිට ඉවතට ගියේ ඔහුට හිඳගැනීමට ඉඩ සලසමිනි.

“අම්මා අද ජිනපාල මුදලාලිලෑ දිහා යන් නැත්ද…?”

බත් කටක් අනා මුවේ දමාගනිමින් මම ඇසුවේ කේෂව ගැන එකවරම ඇසිය නොහැකි නිසාවෙනි.

“මං දැන් වැඩිය එහෙ යන්නේ නැහැ… මහ ජෝඩුව කේෂවට බෙහෙත් කරන්න යනදාට විතරක් යනවා ගොඩ වෙලා එන්න…”

ඒ ඇසූ මම පුදුම වූයෙමි.

“ඒ ඇයි එකපාරම…?”

“එකපාර නෙවේ… ටික ටික නැවැත්තුවා…”

“කේෂවට මොකද දැන්…?”

“එහෙම්මමයි… කිසි ගුණයක් නැහැ… හොඳම දොස්තරලා ළඟටත් ගෙනිච්චාට වැඩක් නැහැ… ආයි දෙපයින් නම් නැඟිටියි කියලා බලාපොරොත්තු තියාගන්න බැහැ කියලාලු කියන්නේ…”

“ඉතින්…?”

“දැන් ඔය අනුරාධපුර පැත්තේ සිංහල වෙද මහත්තයෙක් ගාවට අරන් යනවා… කටු බිඳිලාලුනේ… ඒවා හදන්න බැරිලු…”

ඔය දඬුවමත් ඔහුට හොඳ වැඩිය. මුළු ජීවිතයම දැන් විඳවමින් සිටින්නට සිදුවනු ඇතැයි කියා සිතන විට මා සිතේ උපන්නේ කුරිරු සතුටකි.

“පහුවෙලා හරි ඔය දඬුවම ලැබුණු එක හොඳයි…”

තාත්තා කීය.

“කේෂව ඔයා ගැනත් ඇහුවා…”

අම්මා කියන විට මම තිගැස්සුණු දෑසින් ඈ දෙස බැලීමි.

-හෙටත් හමුවෙමු-

Latest news

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා රටපුරා ඇති ජනාධිපති මන්දිර තම පාලන කාලය තුළ සිය වුවමනාවන් සදහා භාවිතා නොකරන...

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව...

පළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කෙරේ

පළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කෙරේ පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස දෙමළ දේශපාලන පක්ෂ හයක නායකයෝ රජයෙන් ඉල්ලීමක්...

මහ බැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක්

මහ බැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක් වර්තමානයේ දී රට යම් ස්ථාවර මට්ටමකට පැමිණ ඇත්තේ වැරැදි නිවැරැදි කරමින් විනිවිද භාවයකින් යුතුව කටයුතු...
- Advertisement -spot_img

ඩෙංගු එන්නත ගැන දැනුවත් වෙමු

ඩෙංගු එන්නත ගැන දැනුවත් වෙමු - Dengue vaccine ඕනෑම කාලයකදී හිස එසවිය හැකි මෙන්ම රෝගීන් බොහෝ ප්‍රමාණයක් වාර්තා කළ හැකි...

විනාඩි පහෙන් මගේ හදවත එළියට එනවා

විනාඩි පහෙන් මගේ හදවත එළියට එනවා - Janhvi Kapoor ඇය සිනමාව උරුමයක් කරගෙනම මෙලොවට පැමිණියා යැයි පැවසුවොත් වඩාත් නිවැරදිය. ඒ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you