NovelsRath Dothaluරත් දෝතළු - 36

රත් දෝතළු – 36

-

spot_img

රත් දෝතළු – 36

ඇඟ පත සෝදා ගත් මා සුළු මොහොතකින් යළි පිටතට එනවිට විනීෆ්‍රීඩා මහත්මිය සිටියේ ආලින්දයේය. ඇගේ උකුළ මත නවකතා පොතක් වූ අතර ඈ එය කියවන බවක් නම් පෙනෙන්නට නොතිබිණි. ඈ දොරින් පිටතට දෑස් දල්වා බලා සිටියේ කුමක් හෝ දෙයක් ගැන දැඩිව කල්පනා කරමින් මෙනි.

“මැඩම්… පොතක් කියවනවද… නැත්නම් පොත තියන් භාවනාවක්ද…?”

ඈ මඳක් තිගැස්මෙන් මෙන් වහා හැරී මදෙස බැලුවාය.

“අනේ… ඔව් අරවින්දි… මං ආසම දේ තමා පොත් කියවන එක… වෙන මොනවා කියලා කරන්නද…? වෙලාවකට මට එපා වෙනවා මේ බිත්ති හතරේ කොටු වෙලා ඉඳලම…”

ඈ එකදිගටම කියවන් ගියේ මට ඈ ඉදිරියේ වූ අසුනේ හිඳගන්නැයි සන් කරමිනි. ඒ හඬේ යම් තරමකට හෝ ශෝකයක් තැවරී තිබෙන්නට ඇතැයි කියා මට සිතිණි.

“අහස් සර් ඇරුණාම මෙහෙ වෙන කවුරුත් නැත්ද මැඩම්…?”

අනුකම්පා මුසු හඬකින් මම ඇසුවේ ඈ මෙහි ගතකරන්නේ සාංකූල ජීවිතයක් යැයි හැඟුණු නිසාය.

“අහස් ඇරුණාම විහඟ පුතා ඉන්නවා… ඒත් එයා වැඩි හරියක් මෙහෙ නැහැ… එක එක දවසට එක එක රටවල… වොලට් එක නැතිකරගත්තදා මිනිහ ඉන්දියා ගිහින්…”

“හරි පුදුමයි නේ… ඉතින් එහෙම නොකියාම යනවද…?”

පුදුමයෙන් මම ඇසීමි. අපි අසල් නිවසකට ගියද ඒ බව නිවැසියන්ට දැනුම් දෙන්නෙමු.

“එයා එහෙම තමා අරවින්දි… එනවා දන්නෙත් නැහැ… යනවා දන්නෙත් නැහැ… එකාතකින් ඒකට ඒ ළමයට දොස් කියන්නත් බැහැ…”

“එතකොට අහස් සර්ගේ අම්මයි තාත්තයි…?”

“එයාලා ඉන්නේ වෙන ගෙදරක… ඉඳලා හිටලා මෙහෙ ඇවිත් යනවා… මේ දවස් වල නම් ටුවර් එකක් ගිහින්…”

ඒ කොහේද කියා මම අසන්නට නොගියෙමි. පරිසරය තුළ වූයේ නිහැඬියාවකි. නිර්මාණිගේ නවාතැනේ මෙන් මෙහි එතරම් රථවාහන හඬ ඇසෙන්නේ නැත. එම නිහැඬියාවට නම් මම ආසා කළෙමි.

“අහස්ගෙ අම්මයි… මායි සහෝදරියෝ…”

ඈ යළිත් කතා බහ කරන්නට වූවාය.

“අපේ පවුලේ හිටියේ අපි දෙන්නා විතරයි… තාත්තා නැති වුණේ අපි පොඩි කාලෙදිමයි… අපි දෙන්නා බලාගන්න අම්මා නොවිඳපු දුකක් නැහැ… ඒ ලෙවල් කරපු ගමන්ම වගේ මට ජොබ් එකක් හොයාගන්න පුළුවන් වුණා… ප්‍රයිවට් කම්පැණි එකක සෙක්‍රටි කෙනෙක් විදියට තමා මට වැඩ කරන්න වුණේ… මගේ බොස් හරිම හොඳ කෙනෙක්… එයාලට අයිති කම්පැණි කීපයක්ම මෙහේ තිබුණා… පවුල් ව්‍යාපාර… ටික කාලයක්.මං එතන වැඩකරන් හිටියා… ඒ අතරේ තමා මට ප්‍රොපෝසල් එකක් ආවේ… ඔයා හිතන්නේ ඒ කාගෙන් කියලද…?”

ඈ මදෙස බලා ඇසුවාය.

“අනේ මන්දා මැඩම්…”

දෙවුර සළමින් මම කීවෙමි. මේ වනතුරුම මා සිතා සිටියේ ඈ අවිවාහක අයෙකු කියාය.

“මගේ බොස්ගේ පුතා…”

ඈ සිනහසෙමින් කීවාය.

“නැහැ… ඉතින් මැඩම් කැමති වුණාද…?”

මම පුදුමයෙන් ඇසීමි.

“කැමති වුණාද…? අම්මෝ… මං ඒක අහලා හොඳටම බය වුණා… අපි ගොඩාක් දුප්පත් අය අරවින්දි… අම්මා නොවිඳපු දුකක් නැහැ… මට ජොබ් එක හම්බුණාට පස්සේ තමා අපි යාන්තම් ඔළුව උස්සන් ආවේ… ජොබ් එක හම්බුණ ගමන් මං කළේ අම්මව රස්සාවට යන එක නවත්තපු එක…”

මට හීල්ලිණි. අම්මා සිහි වී මා දෑසට කඳුළ උනා ආවද මම ඇසිපිය සළමින් එය වළකා ගතිමි.

“මෙහෙම ප්‍රොපෝසල් එකක් ආවාම බය වෙන එක සාධාරණ නැත්ද…?”

ඈ මා විමසුවද ඒ පිළිතුරක් බලාපොරොත්තුවෙන් නොවේ.

“ඉතින් මම මුලින් අකමැති වුණා… පස්සේ මගේ බොස් මට දිගමටම කතා කළා… එයා මං ගැන හුඟක් පැහැදීමෙන් ඉඳලා තියෙන්නේ… එයාගේ පුතාට ගැළපෙන්නේ මාවම කියලා එයා කොහොම හරි මාව කැමති කරගත්තා…”

ඈ මොහොතක් නිහඬ වූවාය. අතීතය ඇයට යළිත් අලුතින් දෑසේ මැවී පෙනුණා වන්නට ඇත.

“මම එයාව කවදාවත් දැකලා තිබුණේ නැහැ… මොකද ඩෙරික් ලංකාවේ නෙවේ හිටියේ… පිටරට… ඉතින් එයා ආවා මාව බලන්න… එයා හරි හැන්ඩ්සම්… මම එයාට කැමති වුණා… ඒත් බයක් හිතුණා එයා මට කැමති නැති වෙයිද කියලා… කොහොම හරි එයා හිතලා තිබුණෙත් එහෙම තමා… අපි ඉතින් මැරි කළා… ඔය අතරේ අපේ අම්මා නැති වුණා… නංගිව තනියම ගෙදර තියන්න බැහැනේ… එයාත් මෙහෙ මං ගාවට ආවා… එතකොට මේ ගේ මෙහෙම නෙවේ තිබ්බේ… එකටමයි… පස්සේ තමා මෙහෙම සෙපරේට් කරලා හැදුවේ… ඩෙරික් හිටියේත් පිටරට නිසා නංගී ආවාම මට පාළුවක් දැනුණේ නැහැ… ඩෙරික්ගේ අම්මාලාත් ඉඳලා හිටලා ආවා ගියා… එයාත් විහඟ පුතා වගේ… එනවා යනවා… සමහර දාට මාත් යනවා… එයා ලංකාවට ආවාම හැමදාම මෙහේ පාර්ටීස්… යාළුවෝ එකතු වෙනවා… කනවා බොනවා… ඕවා තමා… හරිම ලස්සන කාලයක්…”

ඈ මොහොතක් දෑස් පියාගත්තාය. බිත්තියේ එල්ලා ඇති උඩුකය ඡායාරූපය ඇගේ සැමියාගේ වන්නට ඇත. ඔහු කඩවසම්ය.

“අපි මැරිකරලා අවුරුදු දෙකක් විතර ගියාට අපිට දරුවෝ හිටියේ නැහැ… මොකද එයා වැඩි හරියක්ම හිටියේ පිටරට… දවසක් ඩෙරික්ගේ බාප්පාගේ පුතා පාර්ටි එකකට ආව වෙලේ අපේ නංගිව දැකලා එයාට කැමති වෙලා ඒක ගැන අපෙන් ඇහුවා… නංගිගෙත් අකමැත්තක් තිබුණේ නැහැ… ඉතින් එයාලා මැරි කළා… අහස් පුතා හම්බෙලා අවුරුද්දයි නංගිට විහඟ හම්බෙන්න… ඒ කාලේ ඩෙරික්ගේ තාත්තා නැති වෙලා නිසා ඩෙරික් වැඩිහරියක් හිටියේ ලංකාවේ…. මං අහස් පුතා මං ගාවට ගෙන්න ගත්තා… නංගිට අමාරු නිසා… අහස් ඩෙරික්ට හරි ආදරෙයි… ඩෙරිකුත් ඒ වගේ… විහඟ හම්බෙච්ච මුල් දවස්වලම දැන ගත්තා මාත් ප්‍රෙග්නන්ට් කියලා…”

කුතුහළයෙනුත් සතුටිනුත් මා සිත ඇවිස්සෙන්නට වූයේ මෙවිටය.

“ඩෙරික්ට හරිම සතුටුයි… එයා අහස් කරේ තියන් ගේ පුරා දිව්වා සතුටට… ඔන්න පුතේ ඔයාට නංගියෙක් එන්න යන්නේ… කියා, කියා…”

“ඉතින්…?”

“ඉතින්… හැමදේම හොඳින් තිබුණා… ඩෙරික්ගේ බණ්ඩාරවෙල ටී ෆැක්ට්‍රි එකක් තිබුණා… ඉඳලා හිටලා එයා ඒවා බලන්නත් යනවා… ඉතින් දවසක් එයා යන්න යනකොට මාත් ගියා එයා එක්ක… මොකද ඒ දවස් වල මෙහෙ හරිම රස්නේ දවස්… ඉස්සර ඉතින් ගෙවල්වල ඒ. සී සිස්ටම් තිබ්බේ නැහැනේ… වාහනේ යන නිසා ඩෙරිකුත් කැමති වුණා… මට ඩිලිවරි එකට තව මාස ගාණක් තිබ්බනේ… අහස් හිටියේත් නංගි ළඟ… මොකද ඒ වෙනකොට මට අහස්ව බලාගන්න අමාරුයිනේ…”

ඈ යළිත් නිහඬ වූවාය. මා පසුවූයේ සිතේ වූ බලවත් කුහුළකිනි.

“අපි බණ්ඩාරවෙල සතියක් වගේ හිටියා… ඒ ඉඳලා ආයේ එනකොට…”

“මොකක්ද මැඩම්…?”

මා සිතේ කුතුහළය මට ඉස්සර විය. කුමක් හෝ වරදක් සිදුව ඇති බව මට වැටහිණි.

“අපේ කාර් එක ඇක්සිඩන්ට් වුණා… ලොරියක හැප්පුණා… ඩ්‍රයිවර්ට නින්ද ගිහින්…”

“දෙයියනේ…!”

එවැන්නක් මා කිසිවිටක සිතා තිබුණේ නැත.

“මට සිහියක් තිබුණේ නැහැ… සිහිය ඇවිත් දවසස් ගාණකට පස්සේ මම දන්නේ ඩෙරික් නැතිවෙලා කියලා… මගේ දරුවත් දෙන්නම…”

මා දෑසින් කඳුළු ගලා ගියේ මාද නොදැනුවත්වමය. විනිෆ්‍රීඩා මහත්මියද අලුත් කඳුළක් පිස ගත්තාය.

“මගේ කකුලක් ඩැමේජ් වෙලා… අනික් කකුළත් ටිකක් අමාරුයි… ඒ ඇරෙන්න මට ලොකු අනතුරක් වෙලා තිබුණේ නැහැ… ඩෙරික් උත්සාහ කරන්න ඇත්තේ අපිව බේරන්න… ඇවිදින්න බැරිව මම සෑහෙන්න කාලයක් එක්තැන් වෙලා හිටියා… ඒ අමාරුව තමා මට මේ සැරෙන් සැරේ ඉස්මතු වෙන්නේ…”

මට හීල්ලිණි. සියල්ල අහිමි වූ ගැහැණියක් තනිව වේදනා විඳිමින් මෙපමණ කාලයක් ජීවත් වීමත් පුදුමයකි.

“මට ලැබෙන්න හිටියේ දුවෙක්…”

ඈ යළිත් කඳුළක් පිස ගත්තාය.

“අනේ…”

“ඔව්… දරුවෝ… ඔයා දැකපු වෙලේ මට හිතුණේම… මගේ නැති වුණ දරුවා මාව හොයාගෙන ආවා කියලා…”

මම ඇගේ අතින් අල්ලාගතිමි. ඈ හඬන්නට වන විට මම ඇයව කුමක් කියා සනසම්දැයි සිතාගනු නොහැකිව ළතැවෙමින් සිටියෙමි.

-හෙටත් හමුවෙමු-

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

කුෂ් සමග සැකකරුවන් දෙදෙනෙකු කටුනායකදි අත්අඩංගුවට

“ කුෂ්“ මත්ද්‍රව්‍ය ”, සම පැහැපත් කිරිමට යොදා ගන්නා “ කොලැජන් සහ “ විටමින් සී “ පෙති තොගයක් නීතිවිරෝධී...

ඉරාන නාවික මළසිරුරු දිවයිනෙන් රැගෙන යයි

ශ්‍රී ලංකාවට දකුණු දිගින් වූ මුහුදේදී අමෙරිකානු ප්‍රහාරයකින් ජීවිතක්‍ෂයට පත් වූ 'IRIS DENA' නෞකාවේ සිටි ඉරාන නාවිකයන්ගේ මළ සිරුරු...

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

යුද්ධය අවසන් කරන්න ඉරාන ජනපතිගෙන් කොන්දේසි

පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබෙනවා.එරට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පෙන්වා දෙන්නේ සාමය...
- Advertisement -spot_img

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

ලෙමනේඩ්

ලෙමනේඩ් - Lemons "ජීවිතය ඔබට ලෙමන් ලබා දෙන්නේ නම්, ඔබ එයින් ලෙමනේඩ් හදන්න." "ජීවිතය හැමවිටම ඔබට ලෙමන් ලබා දෙන අතර ඉන්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you