Interviewsමම ආසම ගර්ල් ෆ්‍රෙන්ඩ් එක්ක කේක් හදන්න

මම ආසම ගර්ල් ෆ්‍රෙන්ඩ් එක්ක කේක් හදන්න

-

spot_img

මම ආසම ගර්ල් ෆ්‍රෙන්ඩ් එක්ක කේක් හදන්න Jake Gyllenhaal

කලා පවුලකින් පැවත එන ඔහු රංගනයට අවතීර්ණ වූයේ කුඩා අවධියේදීමයි. දශක තුනකට අධික රංගන ජීවිතයේදී Jake Gyllenhaal ජනප්‍රියත්වය සේම වාණිජ වශයෙන්ද එක ලෙසින් සාර්ථක වූ රංගන ශිල්පියෙක්. චිත්‍රපට නිෂ්පාදකවරයෙක්. ඔහු රඟපෑ Zodiac, Prisoners, Wildlife, Stronger ඇතුළු චිත්‍රපට අතිශය ජනප්‍රිය වුණා. එමෙන්ම The Day after tomorrow, Love and other drugs, The Guilty, Spider Man: Far from Home වැනි චිත්‍රපට වාණිජමය වශයෙන් විශාල සාර්ථකත්වයක් ළඟා කර ගත්තා. ඉදිරියේදී In the Grey, The bride සහ M Night Shyamalan ගේ Remain ඇතුළු චිත්‍රපට කිහිපයකින්ම ඔහු රසිකයින් හමුවීමට නියමිතයි. රංගනයට අමතරව තමා ඉවුම් පිහුම්වලට ආදරේ බවයි ඔහු පවසන්නේ. මේ Jake Gyllenhaal සමගින් ප්‍රශ්න විස්සක්. 

Jake Gyllenhaal

1. ඔයා උයනවද?

මම උයන්න ආසයි. cookbooks එකතු කරන එකත් මගෙ ආසාවක්. මම හැමදාම අලුත් දේවල් ඉගෙන ගන්නවා. මම මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් එක්ක කේක් හදන්න ආසයි. අපි Yossy Arefi ගෙ රෙසපිවලට තමයි ගොඩක් ආදරේ. එයාගෙ ලෙමන් කේක් රෙසපි එකක් තියෙනවා. ඒක මරු. ළඟදි මම Sharon Wee ගෙ Growing up in a Nonya Kitchen කියන පොතයි, Bee Wilson ගෙ The Secret of Cooking කියන පොතයි ගත්තා. ඒ රෙසපි ට්‍රයි කරනකං මට ඉවසිල්ලක් නැහැ.

2. කෝපි හෝ තේ? ඔයා මොනවටද කැමති?

Black coffee. මම කැමතියි ලස්සන Ginori cup එකක ඒව බොන්න. මට දැන් Rival Brothers කියන නියම තැන තියෙනව coffee beans මිලට ගන්න. එතන ගොඩක්ම හොඳයි.

3. හොඳ ඉරිදා දවසක් ගෙවෙන්නෙ කොහොමද? 

එලාම් නැතිව උදේ නැගිටින එකෙන්. මගෙ බල්ලව එලියෙ ඇවිදින්න එක්කගෙන යන එක. යාළුවො, ගිණි උදුනත් දැල්වෙද්දි, පවුලෙ අය එක්ක රසවත් ලන්ච් එකක් ගන්න එක.

Jake Gyllenhaal

4. යාළුවෙක්ට බලන්න කියලා ඔයා recommend කරන ෆිල්ම් එක මොකක්ද?

Ken Loach ගෙ විශිෂ්ට චිත්‍රපටය My Name is Joe සහ Steven Zaillian ගෙ Searching for Bobby Fischer

5. ඔයාට රඟපාන්න ඕනෙ කියලා ඉස්සෙල්ලම දැණුනෙ කවදද?

මම මුලින්ම ලොස් ඇන්ජලීස්වල A Young Actors Space කියන කලා පාසලට ගියා. පොඩි කාලෙ. කලාව, කතන්දර ජීවමාන කරන එකට මිනිස්සුන්ව සතුටු කරන්න පුළුවන් කියලා එතනදි මට තේරුණා.

6. රඟපාන්න වැඩිපුරම කැමති චරිතයක් තියෙනවද?

නළුවෙක් විදිහට මම හොඳ කතාවක් හොයනවා. නිර්මාණය කිරීමේ ක්‍රියාවලිය රස විඳින්නත් මම කැමතියි. කලාකරුවෙක් වෙන්න ලැබීම ලොකු වාසනාවක්. කොහොම වුණත් මම කරන දෙයින් මටත් විනෝදයක් ඕනෙ. විනෝදය කියන්නෙ නිතරම හිනා වෙවී ඉන්න එක නෙමේ. මම එක්ක වැඩ කරන අය අවංකව, වැඩේට ආදරෙන් වැඩ කරන අය වෙන්න ඕනෙ. නළුවෙක් විදිහට මුල්කාලෙ මම අනුමැතිය වෙනුවෙන් වෙහෙසුණා. ඒත් ඒක නිශ්ඵල දෙයක්. ඔයා ඔයා ගැනම ඇත්ත ලබා දෙන්නෙ නැත්තම් කලාවෙ විශිෂ්ටත්වයක් නැහැ. අනිත් අයට වඩා අපි දේවල් ඔප්පු කරන්න උත්සාහ ගන්නෙ තමන් වෙනුවෙන්මයි. මම ඒ දේ තේරුම් ගත්තා.

7. Set එකකින් ලැබුණු ලස්සනම මතකයක් කියන්න.

පසුගිය ශීත ඍතුවේ ඔතෙලෝ වල අධ්‍යක්ෂක කෙනී ලියොන් සහ අපූරුම නළු නිළියන් පිරිසක් එක්ක වැඩ කරන්න ලැබීමේ සතුට විඳින්න ලැබුණා. හැමදේකටම වඩා ඩෙන්සල් වොෂින්ටන්! මගේ acting idol එකක් එක්ක වැඩ කරන්න ලැබීම අමතක නොවෙන අත්දැකීමක්.

Jake Gyllenhaal

8. ඔයා නළුවෙක් නොවුණා නම්, මොනව කරයිද?

එහෙනම් මම කුක් කෙනෙක්.

9. ආසම සිංදුව – පද රචනය?

මට ආසම සිංදුවක් නැහැ. නමුත් මට ඒක තෝරන්නම වුණොත්, සමහරවිට ඒ J Cole ගෙ Love Yourz කියන්න පුළුවන්.

10. ඔයාගෙ ආසම මෙමරි එක?

මගේ තාත්තත් එක්ක වැලි මාලිගා හැදුව විදිහ.

11. ඔයාව වැඩිපුරම බිය ගන්වන්නේ කුමක්ද?

කුතුහලය නැතිවීම.

12. ඔයා ගැන කවුරුවත් දන්නෙ නැති දෙයක් කියන්න.

ආහා! හොඳ උත්සාහයක්!

13. ඔයා කවදා හරි ලන්ඩන් පබ් එකකට ගිහින් තියෙනවද ? මොනවද ඕඩර් කරේ?

ඔව් ඇත්තටම. Pilsner

14. ඔයාගෙ විනෝදාංශ මොනවද?

මම ටෙනිස් වලට කැමතියි.

15. ඔයා ඉස්කෝලේදි කොහොමද?

මේ ඉන්නවට වඩා තරුණයි.

Jake Gyllenhaal

16. ඔයාගෙ ආසම පොත මොකක්ද?

මගේ ආසම පොත JD Salinger ගෙ Nine Stories. මම මගේ නිෂ්පාදන සමාගමටත් ඒ නම තිබ්බා.

17. ඔයාට මොකක් හරි මන්ත්‍රයක් තියෙනවද?

හුස්ම ගන්න අමතක නොකරන්න.

18. අවුරුදු තුනක් තිස්සෙ ඔයා Ginori 1735 හි තානාපතිවරයෙක් වෙලා ඉන්නවා. මේ brand එකත් එක්ක වැඩ කරන්න කැමති ඇයි?

එය දිගුකාලීන, ශිල්ප කේන්ද්‍ර කරගත් සමාගමක්. ඔවුන් විස්තර කෙරෙහි ලොකු ඇල්මක් දක්වනව. හැම දෙයක්ම පැය ගණනක්, සමහරවෙලාවට අවුරුදු ගණනක් වුනත් වෙහෙස මහන්සිවෙලා, සැළසුම් කරලා නිර්මාණය කරනවා.

19. ඔයාගෙ festive traditions මොනවද?

මම බිග් සුර් බේකරියෙ කෑම ඕඩර් කරලා මුළු නත්තල් දවසෙම ඒවා කෑවා.

20. ඔයාගෙම තරුණ කාලෙට උපදෙසක් දෙන්න.

කුතුහලයෙන් ඉන්න.

Another ඇසුරිනි –

Latest news

2026 අලුත් අවුරුදු නැකැත් සීට්ටුව

හෙට (14) දිනයේ පූර්වභාග 09.32 ට සිංහල අලුත් අවුරුද්ද උදාවීමට නියමිතව තිබේ. අවුරුදු උදාවට අදාළ නැකැත් සහිතව බුද්ධශාසන, ආගමික හා...

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...
- Advertisement -spot_img

රත් දෝතළු – 68

රත් දෝතළු - 68 විහඟට සූපයක් සාදමින් සිටි මා තිගැස්මෙන් හැරී බැලුවේ සුපුරුදු විලවුන් සුවඳක් දැනුණ නිසාය. අහස් මා පිටුපස...

බත් එක රසවත් කරන – බිලිං අච්චාරු

බත් එක රසවත් කරන - බිලිං අච්චාරු ලංකාවෙ කොයි කවුරුත් ආසම කෑමක් තමයි බිලිං අච්චාරු කියන්නෙ. බත් එක රසවත් කරන...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you