Interviewsමගේ ගෙදර රාත්තල් දෙසීයක බැටළුවෙක් හිටියා

මගේ ගෙදර රාත්තල් දෙසීයක බැටළුවෙක් හිටියා

-

spot_img

මගේ ගෙදර රාත්තල් දෙසීයක බැටළුවෙක් හිටියා – Millie Bobby Brown

සුප්‍රකට Stranger Things කතා මාලාවේ රංගනයට එක් වෙන විට ඇයට වයස අවුරුදු 10 ක්. ජනප්‍රිය නිළි Millie Bobby Brown මේ වන විට නිෂ්පාදකවරියක් මෙන්ම ව්‍යාපාරික කාන්තාවක් ද වෙනවා. වයස අවුරුදු 14 දී යුනිසෙෆ් සංවිධානය සිය ලාබාලතම සුහද තානාපතිනිය ලෙසින් ඇයව නම් කළා. 21 හැවිරිදි මිලී මේ දිනවල මවක් ලෙසින් කාර්යබහුල ජීවිතයක් ගත කරනවා.

Millie Bobby Brown

මීලී ඇගේ සැමියා Jake Bongiovi සහ දියණිය සමග මේ දිනවල ජීවත්වෙන්නෙ ජෝර්ජියාවේ ඇට්ලන්ටා සමීපයේ ගොවිපොලක. Stranger Things කතාමාලාවට අමතරව Netflix චිත්‍රපට ගණනාවකටම ඇය රඟපෑවා. රූපලාවන්‍ය නිෂ්පාදන සහ කෝපි සඳහා වන Florence by Mills වෙළඳ සන්නාමයේ හිමිකාරිය ඇයයි. මේ වන විට ඇයගේ Instagram followers ගණන මිලියන 64 කට අධිකයි. බොහෝ දෙනා පවසන්නේ ඇය ආත්ම විශ්වාසයෙන් යුතු, ප්‍රායෝගික චරිතයක් බවයි. කුඩා දියණියගේ වැඩවලට අමතරව මිලීගේ අළුත් ජීවිතය බල්ලන් 11 දෙනෙක්, පූසන් 4 දෙනෙක් සහ බැටළුවන් ඇතුළු සතුන් 40 ක් සමග කාර්යබහුල වී තිබෙනවා.

Millie Bobby Brown

“ඉස්සර මගේ ගෙදර රාත්තල් 200 ක බැටළුවෙක් හිටියා, එයා මගේ තිර රෙදි එහෙම ඉරලා දානවා. “
ඇය පවසයි. ඔවුන්ගේ දියණිය හදාවඩා ගැනීමට ගත් දරුවෙක්. ඇය දරුවන් කිහිප දෙනෙක්ගේම මවක වීමට බලාපොරොත්තුවෙන් සිටින බව සඳහන්.
“මට ඇත්තටම ලොකු පවුලක් අවශ්‍යයි. තමන්ටම දරුවෙකු ලැබීම සහ දරුවෙක්ව දරුකමට හදා ගැනීම අතර වෙනසක් මට පේන්නෙ නැහැ. ඒක ලස්සන, විශ්මයජනක අත්දැකීමක්. ඒක අපිට ගොඩක් දේවල් උගන්නනවා. ජීවිතයේ පුංචි දේවල් හරි ලස්සනයි. අපි දෙන්නගෙ දවස් බබාගෙ හුරතලයෙන්, ආදරෙන් සහ හිනාවෙන් පිරිලා. ඒක කියල ඉවර කරන්න බැරි සතුටක්. අපි දෙන්නා හවුල් වෙලා බබාගෙ වැඩ කරනවා. ඔහු වගේ සැමියෙක් ලැබීම ගැන මට හරිම සතුටක් තියෙන්නෙ. ඔහු හොඳ තාත්තා කෙනෙක්.” 

Millie Bobby Brown

හොඳ පවුල් ජීවිතයක් ගෙන යෑමේ ආදර්ශය ඇයට ලැබුණේ ඇගේ දෙමාපියන්ගෙන් වෙන්නට ඇති. මිලීගේ පවුලේ අය දේශීය වෙළඳපොලේ පලතුරු සහ එළවළු විකිණීම සඳහා වඩාත් ප්‍රසිද්ධ උදවියයි. තමන් දෙමාපියන් සමඟ සිටීමට ගොඩක් කැමති දරුවෙක් බවත්, ඇගේ ජීවිතයේ ඇය ගන්නා සෑම තීරණයක් පිටුපසම ඔවුන් සිටින බවත් මිලී පවසනවා. කුඩා කාලයේ සිටම, රංගනයට අවතීර්ණ වෙනවිට, තම පියා තමන් පිළිබඳ දැඩි විශ්වාසයකින් පසුවූ බැව් ඇය පවසනවා. හොලිවුඩ්වල මුල් කාලය ඇයට ලේසි පහසු එකක් වුණේ නැහැ. අවසානයේ Stranger Things ඇයට වාසනාව උදා කළා. ඇය හොලිවුඩයට වඩා ජෝර්ජියාවට යෑම මිලීගේ දෙමාපියන්ගේ කැමැත්ත වුණා.
“ඔවුන්ට මා ඒ ලෝකයේ හැදී වැඩෙනවා දකින්න අවශ්‍ය වුණේ නැහැ. මම කරන දේට මම ආදරෙයි, නමුත් ඒ දේවල් මාව නිර්වචනය කරන්නේ නැහැ. පෞද්ගලික ජීවිතය පිළිබඳ අරමුණක් අපි හැමෝටම තිබෙනවා.” 

Millie Bobby Brown

හොලිවුඩයේ පුවත්පත් බොහෝවිට ඇයව අපහසුතාවයට පත් කළ බැව් පැවසෙනවා. වරෙක පැපරාසීන් ඇයව ලුහුබැඳ ගොස් ලිෆ්ට් එකක් තුළ ඇයව කැමරාවට අසුකර ගෙන තිබුණා. එවකට 13 හැවිරිදි තමා බොහෝ බිය වූ බව ඇය පැවසුවා. පුවත්පත් බොහෝවිට ඇය ඉක්මනින් වයසට යන බව පවසමින් හාස්‍යයට ලක් කළා.
“මම පුවත්පත් කලාවට ගරු කරනවා. මගේ ප්‍රියතම පුද්ගලයින් පිළිබඳ ලිපි කියවීමට සහ ඔවුන් කරන දේ ඇසීමට මම කැමතියි. පැපරාසීන් සිටින බව මම දන්නවා. ඔවුන් ආක්‍රමණශීලී වුණත්, ජරාවක් කියලා දැණුනත්, මම දන්නවා ඒක ඔවුන්ගේ රැකියාව කියලා. නමුත් මාතෘකාවේ ආරම්භයේදීම මට බනින්න එපා. ඒක හරි වැරදියි, හිරිහැරයක්. විශේෂයෙන්ම මේ Industry එකට එන අලුත් ගැහැණු ළමයින්ට.”
හොලිවුඩයෙන් සමුගෙන නැතත්, ජීවන රටාව වෙනස් කරමින් පෞද්ගලික ජීවිතයට වැඩි ඉඩකඩක් ලබා දීමේ ඇගේ තීරණයට බොහෝ දේ බලපාන්නට ඇත. 2021 වසරේ දී ඇයට සිය සැමියා Jake මුණගැහුන අතර ඉන් වසර තුනකට පසු ඔවුන් විවාහ වුණා. වැඩිහිටියෙකු වන තුරු තම දියණියව ජනප්‍රියත්වයෙන් ඈත් කර තබන බව ඇය පවසන්නේ කවදා හෝ ඇයට ජනප්‍රිය වීමට අවැසිනම් එය ඇගේ තීරණයක් වනු ඇති බව පවසමින්. ඔවුන් දියණියගේ නම පවා හෙළි කර නැහැ.
– Vogue ඇසුරෙනි –

Latest news

වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම රජයේ මූලික ප්‍රතිපත්තිමය කැපවීමයි

කොළඹ LNW: ශ්‍රමය සඳහා ලැබිය යුතු නිසි ගෞරවය ලබාදීම සහ සියලු වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වත්මන් රජයේ මූලික ප්‍රතිපත්තිමය...

විදුලි ගාස්තු කීයකින් වැඩි වෙයිද?

විදුලි ගාස්තු කීයකින් වැඩි වෙයිද? සංශෝධිත විදුලි ගාස්තු පිළිබඳ තීරණය මැයි මස 9 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිත බැව් ශ්‍රී...

අල්ලස් දඩයක්කරුවන් දඩයම් කිරීමේ ඛේදවාචකය

කොන්දේසි විරහිතව දූෂණය පිටුදකින බවට කටමැද දොඩා බලයට පැමිණි AKD ගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගය (NPP), දැන් අඛණ්ඩ...

හෑෂ් සහ කුෂ් ගෙනා භික්ෂූන්ට අත්වන ඉරණම

හෑෂ් සහ කුෂ් ගෙනා භික්ෂූන්ට අත්වන ඉරණමගුවන්තොටුපොළේ දී භික්ෂූන් වහන්සේලා අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහානායක ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනා මත...
- Advertisement -spot_img

රත් දෝතළු – 80

රත් දෝතළු - 80 අහස් සමඟ මා මුහුණ පා ඇති ගැටළුව මම නොවළහා පැවසුවෙමි. ඔහු නිහඬවම අසා සිටියේ මට බාධා...

Time Loop යනු සැබෑවක්ද?

Time Loop යනු සැබෑවක්ද? - Sambhavam Adhyayam Onnu පසුගිය මාර්තු මස තිරගත වීම ඇරඹූ Sambhavam Adhyayam Onnu වෙනස්ම කතා තේමාවක්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you