Newsපුද්ගලයින් 15 දෙනෙකුට මරු කැදවූ ගුවන් අනතුර

පුද්ගලයින් 15 දෙනෙකුට මරු කැදවූ ගුවන් අනතුර

-

spot_img

බොලීවියානු ගුවන් හමුදාවට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයන් 15 දෙනෙකු ජිවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

එහිදි තවත් පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

බටහිර එල් ඇල්ටෝ නගරයේදි එම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය ධාවන පථයෙන් ඉවතට පැන අසල වාහනවලද ගැටී ඇති බව එරට ගුවන් සේවා නිලධාරීන් පවසනවා.

අනතුර සිදුවන අවස්ථාවේ සිය සාමාජිකයන් අට දෙනෙකු එම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයේ සිටි බවයි එරට ගුවන් හමුදාපතිවරයා පවසන්නේ.

එම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය බොලිවියානු මහ බැංකුව වෙත මුදල් නෝට්ටු ප්‍රවාහනය කරමින් සිටියදි අනතුරට ලක්ව ඇති බව එරට ආරක්‍ෂක අමාත්‍යාංශය පැවසුවා.

අනතුරවීමත් සමග භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයේ තිබූ මුදල් නෝට්ටු විසිරී ගොස් ඇති අතර ඒවා රැගෙන යාමට එම ස්ථානයට පැමිණි පිරිසක් විසුරුවා හැරීම සදහා පොලීසිය විසින් කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පැවසුවා.

Latest news

බදු වංචාවකට කෝටි 30 ක දඩයක්

බදු වංචාවකට කෝටි 30 ක දඩයක් 2026 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රේගුවට ලබා දී තිබූ ආදායම් ඉලක්කය වන රුපියල් බිලියන...

බුදු දහමට මෙහෙම ගහන වෙන ආණ්ඩු තිබ්බෙ නෑ

බුදු දහමට මෙහෙම ගහන වෙන ආණ්ඩු තිබ්බෙ නෑ ශ්‍රී ලංකාව යනු ලෝකයේ එකම බෞද්ධ රාජ්‍යය බවත් එම බෞද්ධ රාජ්‍යයේ...

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී  මෙම වසරේ (2026) ආරම්භයේ සිට සැප්තැම්බර් මාසය දක්වා වූ ගතවූ මාස...

ගැහැණු සහ පිරිමි දරුවන් අපයෝජන සිද්ධි 9613 ක්

ගැහැණු සහ පිරිමි දරුවන් අපයෝජන සිද්ධි 9613 ක් 2026 සැප්තැම්බර් මාස 30 වෙනිදා වන විට ළමා ආරක්ෂක අධිකාරියට ගැහැණු සහ...
- Advertisement -spot_img

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී  මෙම වසරේ (2026) ආරම්භයේ සිට සැප්තැම්බර් මාසය දක්වා වූ ගතවූ මාස...

ඒ තැන හිත සනසන කෝපි සුවඳින් පිරුණු තැනක්

ඒ තැන හිත සනසන කෝපි සුවඳින් පිරුණු තැනක් - Kalyani Priyadarshan දකුණු ඉන්දීය සිනමාවේ සිටින ජනප්‍රියම තාරකාවන් අතර කල්‍යාණි ප්‍රියදර්ශන්ට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you