Newsනුවරඑළියේ සිදු කළ පරීක්ෂාවකදී ධාවනයට නුසුදුසු වාහන 73 ක්...

නුවරඑළියේ සිදු කළ පරීක්ෂාවකදී ධාවනයට නුසුදුසු වාහන 73 ක් ධාවනයෙන් ඉවත් කරේ

-

spot_img

නුවරඑළියේ සිදු කළ හදිසි වායු විමෝචන පරීක්ෂාවකදී, වාහන 73 ක් දින 14 ක කාලයක් සඳහා තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වායු විමෝචන පරීක්ෂණ අංශය, මධ්‍යම පළාතේ මෝටර් රථ පරීක්ෂකවරුන් සහ නුවරඑළිය පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් සමඟ එක්ව ඊයේ (25) දිනයේ නුවරඑළිය – බදුල්ල ප්‍රධාන මාර්ගයේ හග්ගල සහ නුවරඑළිය – රාගල ප්‍රධාන මාර්ගයේ බොරලන්ද ප්‍රදේශයේදී මෙම හදිසි පරීක්ෂාව සිදු කර තිබෙනවා.

මෙම මෝටර් රථ පරීක්ෂාවේදී එම මාර්ග දෙකේම ගමන් ගත් වාහන 100 කට අධික ප්‍රමාණයක් පරීක්ෂා කර ඇති අතර, එම පරීක්ෂාවේදී අධික ලෙස කළු දුම් පිට වන ලංගම බස් රථ 12 ක්, පෞද්ගලික බස් රථ 25 ක්, ලොරි රථ 16 ක් සහ අනෙකුත් වාහන 20 ක් දින 14 ක කාලයක් සඳහා තාවකාලිකව ධාවනයෙන් ඉවත් කර ඇති බවයි සඳහන් වන්නේ.

එම වාහන අලුත්වැඩියා කර යළිත් පරීක්ෂණයට ඉදිරිපත් කරන තෙක් එම වාහනවල ආදායම් බලපත්‍ර නුවරඑළිය දිස්ත්‍රික් මෝටර් රථ පරීක්ෂකවරයාගේ භාරයට ගෙන තිබෙනවා.

Latest news

බදු වංචාවකට කෝටි 30 ක දඩයක්

බදු වංචාවකට කෝටි 30 ක දඩයක් 2026 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රේගුවට ලබා දී තිබූ ආදායම් ඉලක්කය වන රුපියල් බිලියන...

බුදු දහමට මෙහෙම ගහන වෙන ආණ්ඩු තිබ්බෙ නෑ

බුදු දහමට මෙහෙම ගහන වෙන ආණ්ඩු තිබ්බෙ නෑ ශ්‍රී ලංකාව යනු ලෝකයේ එකම බෞද්ධ රාජ්‍යය බවත් එම බෞද්ධ රාජ්‍යයේ...

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී  මෙම වසරේ (2026) ආරම්භයේ සිට සැප්තැම්බර් මාසය දක්වා වූ ගතවූ මාස...

ගැහැණු සහ පිරිමි දරුවන් අපයෝජන සිද්ධි 9613 ක්

ගැහැණු සහ පිරිමි දරුවන් අපයෝජන සිද්ධි 9613 ක් 2026 සැප්තැම්බර් මාස 30 වෙනිදා වන විට ළමා ආරක්ෂක අධිකාරියට ගැහැණු සහ...
- Advertisement -spot_img

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී  මෙම වසරේ (2026) ආරම්භයේ සිට සැප්තැම්බර් මාසය දක්වා වූ ගතවූ මාස...

ඒ තැන හිත සනසන කෝපි සුවඳින් පිරුණු තැනක්

ඒ තැන හිත සනසන කෝපි සුවඳින් පිරුණු තැනක් - Kalyani Priyadarshan දකුණු ඉන්දීය සිනමාවේ සිටින ජනප්‍රියම තාරකාවන් අතර කල්‍යාණි ප්‍රියදර්ශන්ට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you