නිරෝගී කෙස් කලඹක් කියන්නෙ අපි හැමෝගෙම හීනයක්. හිසකෙස් හොඳින් රැකබලා ගැනීම, පෝෂ්‍යදායක ආහාර, ගුණාත්මක බවින් යුතු ආලේපන මේ සඳහා හේතු වෙනවා. හිසකෙස් සඳහා අවශ්‍යම දෙයක් තමයි තෙල් වර්ග. නිරෝගී, දිගු කෙස්කළඹක් ලබා දෙන ස්වාභාවික තෙල් වර්ග කිහිපයක් මේ.

• පොල්තෙල්
විටමින් E සහ ප්‍රතිඔක්සිකාරක අඩංගු පොල්තෙල් හිසකෙස් ශක්තිමත් කිරීම, පෝෂණය ලබා දීම සහ හිසකෙස් කැඩී යාම අවම කරනවා. මද උණුසුම් පොල්තෙල් දමා හිස්කබල සම්බාහනය කිරීමෙන් හිසකෙස් වර්ධනය වේගවත් කරගන්න පුළුවන්.

• ආගන් තෙල්
විටමින් E අඩංගු ආගන් තෙල් හිස්කබලේ ස්වභාවික තෙතමනය සුරකිමින් හිසකෙස් ඇතුළතින්ම පෝෂණය කරනවා. හිසකෙස් කැඩීයාම වළක්වා ශක්තිමත් කෙස් කළඹක් ලබා දෙනවා.

• ඔලිව් තෙල්
විටමින් E සහ ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත්. ඔලිව් තෙල් හිසකෙස් ශක්තිමත් කරමින් කැඩී යාම වළක්වනවා. ඒ වගේම තෙතමනය ආරක්ෂා කරමින් නව හිසකෙස් වර්ධනය සඳහා උපකාරී වෙනවා.

• ජොජෝබා තෙල්
විටමින් B සහ E වැනි පෝෂ්‍ය පදාර්ථ රැසක් අඩංගු ජොජෝබා තෙල් හිස්කබලේ ස්වභාවික තෙල් නිෂ්පාදනය සමතුලිත කරමින් තෙතමනය සුරකිනවා. හිසකෙස් කැඩී යෑම සහ ගැලවී යෑම වලක්වනවා.

• රෝස්මරී තෙල්
ප්‍රතිඔක්සිකාරක, පෝශ්‍ය පදාර්ථ වලින් පොහොසත් රෝස්මරී තෙල් හිසකෙස් වර්ධනය උත්තේජනය කරනවා. ඔබට අවශ්‍ය නම් වෙනත් තෙල් වර්ග හා මිශ්‍ර කර ආලේප කරන්නත් පුළුවන්.




