Fashion and Beautyනිරෝගී කෙස් කළඹකට ස්වභාවික තෙල් වර්ග

නිරෝගී කෙස් කළඹකට ස්වභාවික තෙල් වර්ග

-

spot_img

නිරෝගී කෙස් කලඹක් කියන්නෙ අපි හැමෝගෙම හීනයක්. හිසකෙස් හොඳින් රැකබලා ගැනීම, පෝෂ්‍යදායක ආහාර, ගුණාත්මක බවින් යුතු ආලේපන මේ සඳහා හේතු වෙනවා. හිසකෙස් සඳහා අවශ්‍යම දෙයක් තමයි තෙල් වර්ග. නිරෝගී, දිගු කෙස්කළඹක් ලබා දෙන ස්වාභාවික තෙල් වර්ග කිහිපයක් මේ. 

healthy hair

• පොල්තෙල්

විටමින් E සහ ප්‍රතිඔක්සිකාරක අඩංගු පොල්තෙල් හිසකෙස් ශක්තිමත් කිරීම, පෝෂණය ලබා දීම සහ හිසකෙස් කැඩී යාම අවම කරනවා. මද උණුසුම් පොල්තෙල් දමා හිස්කබල සම්බාහනය කිරීමෙන් හිසකෙස් වර්ධනය වේගවත් කරගන්න පුළුවන්.

healthy hair

• ආගන් තෙල්

විටමින් E අඩංගු ආගන් තෙල් හිස්කබලේ ස්වභාවික තෙතමනය සුරකිමින් හිසකෙස් ඇතුළතින්ම පෝෂණය කරනවා. හිසකෙස් කැඩීයාම වළක්වා ශක්තිමත් කෙස් කළඹක් ලබා දෙනවා.

healthy hair

• ඔලිව් තෙල්

විටමින් E සහ ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත්. ඔලිව් තෙල් හිසකෙස් ශක්තිමත් කරමින් කැඩී යාම වළක්වනවා. ඒ වගේම තෙතමනය ආරක්ෂා කරමින් නව හිසකෙස් වර්ධනය සඳහා උපකාරී වෙනවා.

healthy hair

• ජොජෝබා තෙල්

විටමින් B සහ E වැනි පෝෂ්‍ය පදාර්ථ රැසක් අඩංගු ජොජෝබා තෙල් හිස්කබලේ ස්වභාවික තෙල් නිෂ්පාදනය සමතුලිත කරමින් තෙතමනය සුරකිනවා. හිසකෙස් කැඩී යෑම සහ ගැලවී යෑම වලක්වනවා.

healthy hair

• රෝස්මරී තෙල්

ප්‍රතිඔක්සිකාරක, පෝශ්‍ය පදාර්ථ වලින් පොහොසත් රෝස්මරී තෙල් හිසකෙස් වර්ධනය උත්තේජනය කරනවා. ඔබට අවශ්‍ය නම් වෙනත් තෙල් වර්ග හා මිශ්‍ර කර ආලේප කරන්නත් පුළුවන්.

healthy hair

ඔබ කැමති තෙල් වර්ගය ගෙන මදක් උණුසුම් කර හිස් කබලේ ගල්වා සම්බාහනය කරන්න. (මිනිත්තු 5 – 10 පමණ) අවම වශයෙන් විනාඩි 30ක් පමණ තිබෙන්නට හැර සෝදා හරින්න. සතියකට වරක් මෙම තෙල් සත්කාරය සිදු කරන්න.

Latest news

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

මෝටර් රථ අංක තහඩු කොළ පාට වෙයි

මෝටර් රථ අංක තහඩු කොළ පාට වෙයි ප්‍රවාහන අමාත්‍යංශය විසින් ගනු ලැබු තීරණයක් මත සියලු විද්‍යුත් මෝටර් රථ සදහා කොළ...
- Advertisement -spot_img

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

අපි හැමෝම ඇතුලෙ තාම පොඩි ළමයෙක් ජීවත් වෙනව

අපි හැමෝම ඇතුලෙ පොඩි ළමයෙක් ජීවත් වෙනව - Chinna Chinna Aasai පුංචි කාලෙ අපි හිතනව ලොකු වුණාම මෙහෙම කෙනෙක් වෙන්න...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you