Poemsගැහෙන මේ ගෑණු හිත බලහං අයියේ!

ගැහෙන මේ ගෑණු හිත බලහං අයියේ!

-

spot_img

ගැහෙන මේ ගෑණු හිත !

“හිතුවෙ උඔ උඔ ගැනම විතරයි”
ඔයා මට කෑගැහුව මතකයි අයියේ
එල්ලිලා එකෙකුගෙ අතේ
කියනවද උඔ මට ආදරේ
මං ගොනෙක් කියලද උඹෙ හිතේ
පුපුරන ඔයාගේ සද්දෙට බයේ
එකපාර එයාගේ අත පවා
මං අතෑරලා තියනවා අයියේ………

“කෑවද ඔයා” මං අහද්දී
ගෑණු සෝබන කියා හිනැහී
හිතින් මට බනිනවා ඇති ඔයා
බීලා කොහේ හරි වැටෙයිද..?
නොකා ඉඳලා ලෙඩ වෙයිද…?
එයාගේ එහා පස ඉඳගෙන
ඔයාගේ දුක සැප විමසන
ගැහෙන මේ ගෑණු හිත බලහං අයියේ….

කියනව වගෙ ඔයා අයියේ
ගල් හිතක් වෙන්නැති මට ඇත්තේ
ඒ නිසා වෙන්නැති අපේ සෙනෙහේ
මල් පෙති වගේ සුදු,මුදු නොවූයේ
ඔයා පපුව මැද ගල් කටු අනින අතරේ
ඇහුණෙ නෑ නේද මගෙ පපුව ඇතුලේ
ආදරේ ගල් බෝර පුපුරන සද්දේ………..

අඬවැඩියාව කියා ගෑණුන්ගේ
ඔයා රවනව තමා අයියේ
බෙදාගෙන එයා හා ඇඳ සුවසේ
කඳුළු කාගෙන හිටිය අරුමේ
ආදර සටන් ගෑණුන්ට හිමි නෑනේ
ඒත් අඬන නිදහස උන්ට ඕනේ
ගෑණු මෙච්චර බොළඳ වෙන්නේ
පිරිමි හිත් හයිය හින්දද අයියේ……….

Latest news

ආණ්ඩුවේ මර්දනකාරි පනත් නිසා වෙළද කලාප සේවක සේවිකාවන්ට දැඩි බලපෑම්

ආණ්ඩුවේ මර්දනකාරි පනත් නිසා වෙළද කලාප සේවක සේවිකාවන්ට දැඩි බලපෑම් ආණ්ඩුව විසින් මර්දනකාරී පනත් ගෙන ඒමට මේ වන විට කටයුතු...

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම්

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම් : යුක්රේන බුද්ධි අංශයට සහාය දෙන රුසියානුවන් රුසියාව තුළ සිටිමින් ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ පාලනයට...

පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව තිස් පහකට සීමා කෙරේ

පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව තිස් පහකට සීමා කෙරේ ඉදිරි වසර තුන ඇතුළත පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව තිස් පහකට සීමා කිරීමට...

රටේ භුමියෙන් 30% ක් නායයෑමේ අවදානමක

රටේ භුමියෙන් 30% ක් නායයෑමේ අවදානමක ඉකුත් දිට්වා සුළි කුණාටුවේදී අධික වැසි තත්ත්වය නිසා නාය යෑමට ලක්වූ ස්ථාන 1,436ක් චන්ද්‍රිකා...
- Advertisement -spot_img

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම්

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම් : යුක්රේන බුද්ධි අංශයට සහාය දෙන රුසියානුවන් රුසියාව තුළ සිටිමින් ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ පාලනයට...

ඩැකෝටා මැෂින්ගන් සමඟ ප්‍රේමයක

ඩැකෝටා මැෂින්ගන් සමඟ ප්‍රේමයක මේ දවස්වල හොලිවුඩ්වලින් අලුත්ම ආදර කතාවක් ගැන අහන්න ලැබෙනවා. ඒ හොලිවුඩ් නිළි Dakota Johnson සහ ගායක...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you