Newsගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

-

spot_img

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා සිටින අංශයේ තිබී මෙම ජීව උණ්ඩ සොයාගෙන තිබෙනවා.

මිලිමීටර් 09 ප්‍රමාණයේ ජීව උණ්ඩ 05ක් මෙලෙස සොයාගෙන ඇති බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.ඒවා පාර්සලයක් සකස් කර තිබුණු බව ද, එම පාර්සලය බන්ධනාගාර තාප්පයෙන් ඇතුලට විසිකර ඇතැයි සැක කෙරෙන බව ද බන්ධනාගාර ආරංචි පැවසුවා.කෙසේවෙතත් මෙම ජීව උණ්ඩ මෙලෙස බන්ධනාගර පරිශ්‍රය වෙත විසිකර ඇත්තේ කවුරුන් වෙත ලබාදීමටදැයි තවමත් හදුනාගෙන් නැහැ.ඒ පිළිබද බන්ධනාගාර බලධාරීන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මේ අතර කාලයක් තිස්සේ ගැටුම් පවතින ‘කරන්දෙනිය සුද්දා‘ සහ ‘ලොකු පැටී‘ යන සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනාගේම ආධාරකරුවන් ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටින බවයි බන්ධනාගාර ආරංචි වැඩිදුරටත් කියා සිටියේ.මෙම දෙපාර්ශවය අතර ඉකුත් සමයේ අවස්ථා කිහිපයකදී බන්ධානාගරාය තුළදී ද ගැටුම් ඇති වුණා.

එවැනි තත්ත්වයක් තුළ බන්ධනාගාර පරිශ්‍රයේ තිබී මෙලෙස ජීව උණ්ඩ හමුවීම බන්ධනාගාරයේ ආරක්ෂාව පිළිබඳ බරපතළ ගැටලු‍වක්.සොයාගත් ජීව උණ්ඩ මේ වනවිට බන්ධනාගාර අධිකාරීවරයාගේ භාරයේ පවතිනවා.මෙම ජීව උණ්ඩ බන්ධනාගාර පරිශ්‍රයට රැගෙන විත් ඇත්තේ කිසියම් අපරාධයක් බවටයි සැක කෙරෙන්නේ.

Latest news

ආණ්ඩුවේ මර්දනකාරි පනත් නිසා වෙළද කලාප සේවක සේවිකාවන්ට දැඩි බලපෑම්

ආණ්ඩුවේ මර්දනකාරි පනත් නිසා වෙළද කලාප සේවක සේවිකාවන්ට දැඩි බලපෑම් ආණ්ඩුව විසින් මර්දනකාරී පනත් ගෙන ඒමට මේ වන විට කටයුතු...

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම්

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම් : යුක්රේන බුද්ධි අංශයට සහාය දෙන රුසියානුවන් රුසියාව තුළ සිටිමින් ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ පාලනයට...

පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව තිස් පහකට සීමා කෙරේ

පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව තිස් පහකට සීමා කෙරේ ඉදිරි වසර තුන ඇතුළත පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව තිස් පහකට සීමා කිරීමට...

රටේ භුමියෙන් 30% ක් නායයෑමේ අවදානමක

රටේ භුමියෙන් 30% ක් නායයෑමේ අවදානමක ඉකුත් දිට්වා සුළි කුණාටුවේදී අධික වැසි තත්ත්වය නිසා නාය යෑමට ලක්වූ ස්ථාන 1,436ක් චන්ද්‍රිකා...
- Advertisement -spot_img

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම්

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම් : යුක්රේන බුද්ධි අංශයට සහාය දෙන රුසියානුවන් රුසියාව තුළ සිටිමින් ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ පාලනයට...

ඩැකෝටා මැෂින්ගන් සමඟ ප්‍රේමයක

ඩැකෝටා මැෂින්ගන් සමඟ ප්‍රේමයක මේ දවස්වල හොලිවුඩ්වලින් අලුත්ම ආදර කතාවක් ගැන අහන්න ලැබෙනවා. ඒ හොලිවුඩ් නිළි Dakota Johnson සහ ගායක...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you