Newsකොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි?

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි?

-

spot_img

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි?

කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලට ජලය බෙදාහරින අඹතලේ සහ කැලණි දකුණ ඉවුර ජල පවිත්‍රාගාරවල ජල සැපයුම පසුගිය සඳුදා (අගෝ: 24) රාත්‍රියේ සිට තාවකාලිකව අත්හිටුවනු ලැබ තිබිණි. පානීය ජලය සඳහා පිරිපහදු කිරීමට ගන්නා කැලණි ගඟෙහි ජලයේ ගුණාත්මකභාවය පිළිබඳව මතු වූ සැකයක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටවූ බවත් ඒ සම්බන්ධව කරන ලද පරීක්ෂණවලින් අනතුරුව ජලයේ ගුණාත්මකභාවය තහවුරු කර ගැනීමෙන් පසුව ජල සැපයුම යථා තත්ත්වයට පත් කළ බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාර ප්‍රකාශ කළේ ය.

එසේ ජල සැපයුම තාවකාලිකව අත්හිටුවීමට සිදුවූයේ පෞද්ගලික කර්මාන්ත ශාලාවකින් පරිසරයට මුදාහැර ඇති රසායනික ද්‍රව්‍යයක් ජලයට මුසුව ඇති බවට ඇති වූ සැකය හේතුවෙන් ජනතාවගේ ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය උදෙසා බව සභාපතිවරයා සඳහන් කළේ ය. මෙම සිදුවීම පිළිබඳව දැනුවත් වූ වහාම දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ උපදෙස් හා සම්බන්ධීකරණය මත ජල කළමනාකරණ ඒකක ඇතුළු සියලු අංශ සමග එක්ව එම රසායනික ද්‍රව්‍ය පානීය ජලයට මුසුවීම වැළැක්වීමට පියවර ගත් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි පැවසීය.

පෞද්ගලික ආයතනයකට අදාළ රසායන ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කිරීමේදී මෙය සිදුව ඇති බව සඳහන් කළ අධ්‍යක්ෂකවරයා, අදාළ පෞද්ගලික සමාගමේ නිෂ්පාදන සඳහා අවශ්‍ය කරනු ලබන රසායනික ද්‍රව්‍ය ගබඩාවේ සිට ආයතනය වෙත ප්‍රවාහනය කරමින් තිබියදී සිදුව ඇති කාන්දුවකින් පසු එම රථය සෝදා ඇති අතර, එම රසායනික ද්‍රව්‍ය පරිසරයට එක්ව ඇති බව පැවසීය. එමෙන්ම, පෞද්ගලික කර්මාන්ත ශාලාවෙන් පරිසරයට රසායනික ද්‍රව්‍ය මුදා හැරීම සම්බන්ධව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ආරක්ෂක අංශ විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල සභාපතිවරයා සඳහන් කළ අතර මේ පිළිබඳව පොලිස් පැමිණිල්ලක් මෙන් ම අදාළ අංශවලට පැමිණිලි ද ඉදිරිපත් කර ඇති අතර තත්ත්වය ඇති වීමට මූලික හේතුව කුමක් ද යන්න සොයා බලන බව ද පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

අධිකරණ කටයුතු, වීඩියෝ සහ දුරස්ථ තාක්ෂණය ඔස්සේ සිදුකිරීමට යයි

අධිකරණ කටයුතු, වීඩියෝ සහ දුරස්ථ තාක්ෂණය ඔස්සේ සිදුකිරීමට යයි බන්ධනාගාරවල පවතින අධික තදබදය අවම කිරීම සඳහා රක්ෂිත බන්ධනාගාරගතව සිටින සැකකරුවන්ගේ...

වැඩිම රැකියා විරහිත තරුණ තරුණියන් සිටින රට ලංකාව

වැඩිම රැකියා විරහිත තරුණ තරුණියන් සිටින රට ලංකාව ඉහළ අධ්‍යාපන සුදුසුකම් සහිත ආසියාතික රටවල තරුණ පිරිස අතර විරැකියාව ලංකාවේ ඉහළ...

දුම්රිය වර්ජනයේ පාඩුව මිලියන 50 යි

දුම්රිය වර්ජනයේ පාඩුව මිලියන 50 යි දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් මුල් කර ගනිමින් දුම්රිය වෘත්තීය සමිති...

ආගමික අන්තවාදයේ ගොදුරක් වූ සිවරාසා අනෝජන්

ආගමික අන්තවාදයේ ගොදුරක් වූ සිවරාසා අනෝජන් - Sivarasa Anojan සෞදි අරාබියේ සේවය කරමින් සිටියදී අත්අඩංගුවට පත්ව මරණ දඬුවම නියම වී...
- Advertisement -spot_img

දුම්රිය වර්ජනයේ පාඩුව මිලියන 50 යි

දුම්රිය වර්ජනයේ පාඩුව මිලියන 50 යි දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් මුල් කර ගනිමින් දුම්රිය වෘත්තීය සමිති...

සුන්දර නැගෙනහිර වෙරළ තීරයේ පිහිටි සංගමන් කන්ද

සුන්දර නැගෙනහිර වෙරළ තීරයේ පිහිටි සංගමන් කන්ද නැගෙනහිර පළාතේ සුවිශේෂීතා බොහොමයක් සහිතයි. බෞද්ධ ජනතාවට වන්දනීය වූ බෞද්ධ සිද්ධස්ථාන රැසකි. අන්‍යාගමික...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you