Newsඅල්ලස් දඩයක්කරුවන් දඩයම් කිරීමේ ඛේදවාචකය

අල්ලස් දඩයක්කරුවන් දඩයම් කිරීමේ ඛේදවාචකය

-

spot_img

කොන්දේසි විරහිතව දූෂණය පිටුදකින බවට කටමැද දොඩා බලයට පැමිණි AKD ගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගය (NPP), දැන් අඛණ්ඩ අපකීර්තිමත් චක්‍රයක ගිලී ඇත. ඔවුන් සතුව ඇති සදාචාරය වේගයෙන් ඛාදනය වෙමින් පවතින අතර, මෙම පරිපාලනය එය වරක් හෙළා දුටු පාලන තන්ත්‍රයන්ට වඩා වෙනස් නොවේ යන වර්ධනය වන මතයක් මගින් ඔප්පු වෙමින් තිබේ

අවාසනාවකට මෙන් මේ රටාව නුපුරුදු එකක් නොවේ. හිමීට ලිස්සා ගිය නැව්ගත කිරීමේ බහාලුම් මතභේදයේ සිට අමාත්‍යවරයෙකුට ඉල්ලා අස්වීමට බල කළ ගල් අඟුරු ප්‍රසම්පාදන අර්බුදය දක්වා සහ දැන් දැන් මතුව ඇති සැක සහිත ඉන්ධන මිලදී ගැනීම් දක්වා, පැනනැඟුන එකි මෙකී නොකී ගැටළු හුදකලා අඩුපාඩු නොව පද්ධතිමය පාලනයේ අසාර්ථකත්වය පෙන්නුම් කරයි.

පාරිශුද්ධත්වයේ ප්‍රතිමූර්තියක් ලෙස කලක් සලකනු ලැබූ ඇතැම් පුද්ගලයින්ගේ පෞද්ගලික මූල්‍ය ගමන් මාර්ගය ද ඒ හා සමානව එකින් එක මතු වෙමින් තිබේ.

අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්තගේ වත්කම රුපියල් මිලියන 460 සිට රුපියල් මිලියන 80 දක්වා සංශෝධනය කිරීමෙන් පෙන්නුම් කරන්නේ වත්කම් ප්‍රකාශන වටා ඇති ප්‍රශ්නාර්ථයකි. ලැයිස්තුවට එකතු කිරීමට වසන්ත සමරසිංහ, විජිත හේරත් සහ තවත් අය ද සිටිති.

එහෙත් නවතම විජ්ජුම්බරය වන ‘හැකර් සිද්ධිය’ රාජ්‍යයේ අවසාන විශ්වසනීයත්වය මුළුමනින්ම බිඳ දැමීමට වූ තවත් තර්ජනයකි. සයිබර් අපරාධයක් මුවාවෙන් මහජන අරමුදල්වලින් ඩොලර් මිලියන 2.5 ක් නොදන්නා ආයතනයකට යොමු කර ඇති බවට චෝදනා එල්ල වීම එම සිද්ධියයි. විදේශ විනිමය හිඟ රටක, වාර්ෂික අධ්‍යාපන අයවැයෙන් 10% කට ආසන්න ප්‍රමාණයක් වන මෙම මුදල නිකරුණේ අතුරුදහන් වීම භයානක ය. එපමණක් නොව මෑතකදී එළියට ආ NDB බැංකුවේ රුපියල් බිලියන 13.2 ක වංචාව ද විශ්වාසයේ අර්බුදය තවත් වැඩි කරයි.

මෙවන් සිද්ධීන් පුළුල් විවේචනයන්ට ලක්ව ඇති පසුබිමක කුඩා බැංකු ගනුදෙනුවකට පවා බහු චෙක්පත් අවශ්‍ය වන රටක, මෙතරම් විශාල ගෙවීමකට මූලික ප්‍රොටෝකෝල මඟ හැරිය හැක්කේ කෙසේද? එපමණක් නොව ජනවාරි මාසයේදී භාණ්ඩාගාරයේ ගැටලුව පිළිබඳ අදහස් සහ මාර්තු මාසයේදී පොලිස් පැමිණිල්ලක් අතර මාස තුනක ප්‍රමාදයක් ඇති වූයේ ඇයි?
ගනුදෙනුව සොයා ගැනීමට බාහිර නීතිඥ කණ්ඩායමක් අවශ්‍ය වූයේ ඇයි? භාණ්ඩාගාර ලේකම්වරයාගේ පැහැදිලි කිරීම, මහජන හෙළිදරව් කිරීම් හැකර්වරුන් සැඟවී සිටීමට හේතු වනු ඇති බවට බැංකු කර්මාන්තයේ සියලු තර්කනයට පටහැනි බව පසක් කරන්නට විය.
හැකර්වරු මහජන දෘශ්‍යතාවයෙන් පිටත ක්‍රියාත්මක වන අතර “නිශ්ශබ්දතාවය” ඔවුන් අල්ලා ගැනීමට උපකාරී නොවේ. ඉඳින් ඔවුන් වැඩි හානියක් කිරීමට පෙර ඔවුන් කවුදැයි තෝරා බේරා ගත යුතුය.

අල්ලන් සෙල්ලං!

දැන් දැන් මෙම සැඟවී සිටීමේ ක්‍රමය අඳුරු උපකල්පනයකට තුඩු දී ඇත: හැකර් කතාව අභ්‍යන්තර වංචා සඳහා දුම් තිරයක් බව ඔප්පු කර නොමැති වුවද, ආරක්ෂක විධිවිධාන නොමැතිකම එයට පිළිගත හැකි බවක් ලබා දෙමින් තිබේ.

මූල්‍ය කටයුතු සෘජුවම ජනාධිපතිවරයා යටතේ පවතින අතර භාණ්ඩාගාර ලේකම් ද ආණ්ඩු පක්ෂයට පක්ෂපාතී අයෙකි. NPP හි නීත්‍යානුකූලභාවය ගොඩනැගී ඇත්තේ දේවල් වෙනස් ලෙස කිරීම මත බව හොදාකාරයෙන් ඔබ අප දන්න කරුණකි. අතීත පාලන තන්ත්‍රයන්ට දොස් පැවරීම පසෙකලා එම පොරොන්දුව දැන් පරීක්ෂාවට ලක් වෙමින් පවතී.

අහිමි වන සෑම ඩොලරයක්ම ශ්‍රී ලංකාවේ යථා තත්ත්වයට පත්වීමේ ගමන් පථයට පහරකි. IMF දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය පිළිබඳ ඉලක්ක සහ සංචිත දිගටම මග හැරෙන්නේ නම්, වසර ගණනාවක ප්‍රගතිය නැවත සකස් කරන්නට සිදු වනු ඇත.

තීරණාත්මක සන්ධිස්ථානය!

AKD දැන් තීරණාත්මක සන්ධිස්ථානයක සිටී. අපකීර්තිමත් සිදුවීම්, විශ්වාසය ඛාදනය වීම සහ ආර්ථික පීඩනයන් වන්දි ගෙවීමේ මොහොතක් බවට දැන් පත්ව තිබේ.
රජය මෙම අභියෝගවලට විනිවිදභාවයෙන් මුහුණ දී තමන්ගේම නිලධාරීන් වගකිව යුතු බවට පත් කරයිද? නැතහොත් එය වරක් එය විවේචනය කළ එම අපැහැදිලි කිරීමටම යටත් වේවිද?
කොන්දේසි විරහිත කතා සඳහා කාලය ගෙවී ගොස් ඇත. දැන් ඉතිරිව ඇත්තේ ක්‍රියාකාරීත්වයේ පරීක්ෂණය පමණි.

Latest news

ආණ්ඩුවේ මර්දනකාරි පනත් නිසා වෙළද කලාප සේවක සේවිකාවන්ට දැඩි බලපෑම්

ආණ්ඩුවේ මර්දනකාරි පනත් නිසා වෙළද කලාප සේවක සේවිකාවන්ට දැඩි බලපෑම් ආණ්ඩුව විසින් මර්දනකාරී පනත් ගෙන ඒමට මේ වන විට කටයුතු...

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම්

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම් : යුක්රේන බුද්ධි අංශයට සහාය දෙන රුසියානුවන් රුසියාව තුළ සිටිමින් ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ පාලනයට...

පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව තිස් පහකට සීමා කෙරේ

පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව තිස් පහකට සීමා කෙරේ ඉදිරි වසර තුන ඇතුළත පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව තිස් පහකට සීමා කිරීමට...

රටේ භුමියෙන් 30% ක් නායයෑමේ අවදානමක

රටේ භුමියෙන් 30% ක් නායයෑමේ අවදානමක ඉකුත් දිට්වා සුළි කුණාටුවේදී අධික වැසි තත්ත්වය නිසා නාය යෑමට ලක්වූ ස්ථාන 1,436ක් චන්ද්‍රිකා...
- Advertisement -spot_img

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම්

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම් : යුක්රේන බුද්ධි අංශයට සහාය දෙන රුසියානුවන් රුසියාව තුළ සිටිමින් ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ පාලනයට...

ඩැකෝටා මැෂින්ගන් සමඟ ප්‍රේමයක

ඩැකෝටා මැෂින්ගන් සමඟ ප්‍රේමයක මේ දවස්වල හොලිවුඩ්වලින් අලුත්ම ආදර කතාවක් ගැන අහන්න ලැබෙනවා. ඒ හොලිවුඩ් නිළි Dakota Johnson සහ ගායක...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you