NovelsShort Storiesඅකුරු විසිඅටේ අරුමය

අකුරු විසිඅටේ අරුමය

-

spot_img

අකුරු විසිඅටේ අරුමය – 28 Letters

“ඝර්ෂණයක් නොමැතිව මැණිකක් ඔප දැමිය නොහැකි සේම අත්දැකීම් නොමැතිව මිනිසෙකු පරිපූර්ණ නොවේ.”

සේජොං රජු ඔහුගේ පොත් රාක්කය අසලට ගියේය. පිටත වැසි ඇද හැලෙමින් පවතියි. ඔහු තම කෘතීන් එකින් එක විවෘත කිරීමට පටන් ගත්තේය.නොන්ග්සා ජික්සෝල්, වගා ක්‍රම, කොරියාවේ ගොවිතැන සඳහා වු මාර්ගෝපදේශ පොතක්. ඔහුගේ ජනතාව සාගතයෙන් වළක්වා ගත හැකි ක්‍රම. රජු ඒ පොත වැස්සට විසි කර දැමුවේය. එය මඩ සහිත කුඹුරට වැටී, තින්ත බොඳ වී නොපෙනී ගියේය. දෙවන පොතත්, තෙවන පොතත් යනාදී වශයෙන් ඒ පොත් කුඹුරේ මඩ සිප ගත්තේය. ඒවා ඔහු විසින් කොරියාවේ ජන ජීවිතය යහපත් කිරීම උදෙසා නිර්දේශ කෙරූ පොත් විය. නමුත් අකුරු කියවිය නොහැකි නූගත් ජනතාවට පොත්වලින් පළක් තිබේද?

මාලිගාව තුළින් අපූරු සංගීතයක් ඇසේ. සෙලවෙන උණ බට නළාවේ හඬ, බෙරයක වේගවත් තාලය වැස්සත් සමග අපූරු මිහිරක් දනවයි. කුටියට යන අතරමගදී රජුට කාන්තාවක් මුණගැසුණි. ලී ගෙබිම මත වාඩි වී කවි ලියමින් සිටි ඇය ඔහුට හිස නමා ආචාර කළාය. චීන අක්ෂරවලින් ලියා ඇති මේ කාන්තාවගේ කවි ඔවුන්ගේ සංස්කෘතියට කිසිවක් නොකරනු ඇත. මෙය කඩදාසි නාස්ති කිරීමකි. වරප්‍රසාද ලත් අයට හැර වෙන කිසිවෙකුට මේවා කියවිය නොහැක. ඉතින් තේරුමක් තියේද? රජු තම කුටියට ඇතුළු විය. කුටිය පන්දම්වලින් ආලෝකමත්ව තිබුණි. වහලට වැසි වතුර වැටෙන හඬ ඇසේ. බිසව රජු සමීපයට පැමිණියාය. ඔහු සිටින්නේ බෙහෙවින් වෙහෙසට පත්ව බව ඇයට වැටහුණි. බිසවගේ රතු සහ රන්වන් පැහැති ඇඳුම ඇය පිටුපසින් විහිදී ගොස් තිබේ.

28 Letters

“රජතුමනි, කුමක් පිළිබඳවද ඔබ සිත් තැවුලෙන් පසුවෙන්නෙ?”

සේජොං රජු සුසුමක් හෙළුවේය. ඔහු තමා පණ්ඩිතයෙකු ලෙස සැලකූ නමුදු ඔහුගේ රාජධානියේ වැසියන්ට කියවීමට හෝ ලිවීමට නොහැක.

“මගේ ජනතාව ලියන්න කියවන්න බැරි උදවිය. ඔවුන්ගෙ දරුවන්ගෙ වුණත් අනාගතය ඒකයි. මගේ ජනතාවට අධ්‍යාපනය ලබන්න පින නැහැ වගේම ඔවුන්ට එය ලබා දෙන්න තරම් හැකියාවකුත් මට නැහැ.”

ඇය ඔහුගේ අත අල්ලා ගත්තාය. එය කාරුණික, මෘදු ස්පර්ශයකි.

“ඔබ මොකක්ද කරන්න හිතන්නෙ රජතුමනි”

ඇය ඇසුවාය.

රජු තම ඇඟිලි රැවුල හරහා යවමින් කල්පනා කළේය. අනතුරුව බිසව දෙස බැලුවේය.

“මගේ ජනතාවට නව ලිවීමේ ක්‍රමයක් අවශ්‍යයි, මම ඔවුන් වෙනුවෙන් එකක් තනිවම සකස් කරනවා. ප්‍රඥාවන්තයෙකු නම් එය උදෑසන අවසන් වීමට පෙරම තේරුම් ගනීවි. මෝඩයෙක්ට පුළුවන් දවස් දහයක් ඇතුලත තේරුම් ගන්න.”

පසුදා අලුයම පිබිදුණු සේජොං රජු පොදු කාමරයක තනිවම වාඩි විය. විවෘත කවුළු හරහා හිරු එළිය එතුලට ගලා ආවේය. උදෑසන කියවීම රජුගේ දින චරියාවේ වැදගත් අංගයකි. මධ්‍යම රාත්‍රිය වන විට, ඔහු සංකේත සිය ගණනක් පින්තාරු කළේය. ㄱ, ㄴ,ㅣ බුරුසුවේ එක් පහරකින් ආරම්භ කළේය. ㄷ, ㅋ, ㅅ සඳහා පහර දෙකක්. ㅎ,ㄹ,ㅈ සඳහා තුනක්. හතරකින් නවතින්න. රජු වැඩ කරන අතරතුර සේවකයින් දොරෙන් පිටත ඔහු වෙනුවෙන් ආහාර තබා ගියේය. සේජොං රජු තමා ලියූ වචන හඬ නගා කියැවූයේය. දින ගෙවී ගිය අතර රජු උපදේශකයෙක් සොයා ගියේය.

28 Letters

“රාජවංශය ඔබේ තේරීමට එකඟ නොවනු ඇත.”

උපදේශකයා පැවසීය.

“චීන භාෂාව දැන ගැනීම ඔවුන්ව සාමාන්‍ය මිනිසුන්ව සිටිය යුතු තැනට වඩා ඉහළින් තබයි. මෙම අක්ෂර මාලාව නිර්මාණය කිරීමට ඔබ ගත් තේරීම නිසා අපගේ රාජධානිය දෙකඩ කළ හැකිය.”

“එසේම සිදු වේවා”

සේජොං රජු පැවසීය.

“මෙතැන් සිට මගේ ජනතාවගෙන් මා තවදුරටත් වෙන් නොවනු ඇත. ලෝකය විනාශ කරන්නේ දැනුම නොවන බව තේරුම් ගන්න. ලෝකය විනාශ කරන්නේ ආත්මාර්ථකාමි බව විසින්‍”

බිත්ති දුසිම් ගණනක අකුරු ලිවීමට තහඩු පෙළගස්වා තිබුණි. තීන්ත රජුගේ දෑත් පුරා පැල්ලම් ඇති කළේය. කඩදාසි කාමරය පුරාම විසිරී තිබුණි, රජු අසනීප වී ඇති බව බිසව අන් අයට පැවසුවාය. ඔහුට වසර දහස් ගණනක් පවතින ලිපි ලිවීමට සිදු විය. භාෂාමය, දන්ත, මවුලික සහ ග්ලෝටල් ශබ්ද වලින් ඔහුගේ අක්ෂර විසි අට සෑදී ඇත. ඔහු ඉහළ සිට පහළට කෙටි වාක්‍ය ලිවීය. රජු අසල ඉටිපන්දම් දිය විය. සුවඳ දුම් දැල්වී, කුටිය පුරා සඳුන් සුවඳ විහිදුණු අතර, සේජොං රජු බිම ඉඳගෙන සති ගණනක් වැඩ කළේය. භාෂාව ඔහුගේ දිවෙන් ජලය මෙන් ගලා ගියේය. අවසානයේ රජු තම පිටපත කවුන්සිලයට ඉදිරිපත් කළේය. ව්‍යාංජනාක්ෂර සඳහා එකක් සහ ස්වර සඳහා එකක්, සෑම අකුරක්ම ඒ අසලම එහි ශබ්ද සමග ලියා ඇත. ඔහු තම සිංහාසනය මත හිඳගත්තේ රාජකීයයන් දෙස බලමිනි.

“අපගේ පොදු ජනයාගෙන් බොහෝ දෙනෙකුට තමන්ගෙ සිතුවිලි සහ හැඟීම් ප්‍රකාශ කිරීමට ක්‍රමයක් නැත. ඔවුන්ගේ දුෂ්කරතා කෙරෙහි මගේ අනුකම්පාව හේතුවෙන්, මම අකුරු විසිඅටක හෝඩියක් නිර්මාණය කෙරුවෙමි. ඒවා ඉගෙන ගැනීම ඉතා පහසු වන අතර, ඒ අකුරු සියලු ජනතාවගේ ජීවන තත්ත්වය වැඩි දියුණු කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.”

28 Letters

චීන ජාතිකයන් එය තර්ජනයක් ලෙස සැලකූහ. එය කොන්ෆියුෂියානුවාදයේ අවසානය වනු ඇත. එමගින් කොරියාවේ සමාජ ධූරාවලිය බිඳ වැටෙනු ඇත. දුප්පතුන්ගේ නැගිටීම වැළැක්වීම සඳහා අක්ෂර පුළුස්සා අළු කළ යුතුය. රාජවංශය අකුරු විසිඅට මකා දැමූ අතර ඒවා වටිනාකමක් නොමැති දෙයක් ලෙස සැලකීය. එහෙත්, සියජනතාවගේ යහපත සඳහා, සේජොං රජු තම උත්සාහය අතහැරියේ නැත.

ඉගෙන ගැනීමට කැමති ඕනෑම කෙනෙකුට රජු විසින් භාෂාව උගන්වන ලදී. අනෙක් අතට, ඔවුන් එය දේශය පුරා ගෙන ගියහ. කාන්තාවන් තම හඬ සොයා ගත් අතර, දරුවන්ට සංකේතවල සරල බව ඉගැන්වීය. පිරිමින් කෙළින් සිටගෙන, තමන්ගේම භාෂාවක් තිබීම ගැන ආඩම්බර වූහ. භික්ෂූන් වැල්ලේ ගාථා ලිවීය. වෙළඳුන් ඔවුන්ගේ තොග වාර්තා තබා ගත් අතර කලාකරුවන්ට සිය නම අත්සන් කළ හැකි විය. අකුරු කවියන්, නාට්‍ය රචකයින් සහ දාර්ශනිකයන් බිහි කළේය. තාරකා විද්‍යාඥයින් තාරකා මණ්ඩලවලට නම් තැබූහ. වයින් නිෂ්පාදකයින් ලේබල් නිර්මාණය කළ අතර ඖෂධවේදීන් සිය ඖෂධ සඳහා නම් නිර්මාණය කළහ. සේජොං රජු ඔහුගේ පොත් නැවත ලිවීමට නියෝග කළේය. රාජවංශය මර්දනය කිරීමට අසමත් විය. දැනුමේ ප්‍රවාහය රට තුළ අකුරු මල් පිපීමත් සමඟ කොරියාවේ නූගත්කම නතර විය. සේජොං රජුගේ මරණයෙන් වසර හතරකට පසු, වත්මන් මහ රජු තම ජනතාව සංස්කෘතියේ සහ සාහිත්‍යයේ ස්වර්ණමය යුගයකට ගෙන ගිය අතර සෝජොං රජුගේ අක්ෂර මාලාව භාවිතයට පැමිණියේය. රජුගේ සිහිනය මල්ඵල ගන්වමින් එය සෑම ආත්මයකටම කියවීමට සහ ලිවීමට හැකි දේශයක්, සියලු දෙනාටම ප්‍රඥාවන්තයින්ගේ ඉගැන්වීම් ඉගෙන ගත හැකි දේශයක් බවට පත් විය.

[ Reedsy වෙබ් අඩවියෙහි පළවූ Alex Sultan විසින් රචිත 28 Letters කතාව ඇසුරින් සිදුකළ අනුවර්තනයකි.]

Latest news

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව...

පළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කෙරේ

පළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කෙරේ පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස දෙමළ දේශපාලන පක්ෂ හයක නායකයෝ රජයෙන් ඉල්ලීමක්...

මහ බැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක්

මහ බැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක් වර්තමානයේ දී රට යම් ස්ථාවර මට්ටමකට පැමිණ ඇත්තේ වැරැදි නිවැරැදි කරමින් විනිවිද භාවයකින් යුතුව කටයුතු...

නිල ඇඳුමට අමතරව ඩෙංගුවලටත් ඇඳුමක්

නිල ඇඳුමට අමතරව ඩෙංගුවලටත් ඇඳුමක් ඩෙංගු වසංගතයෙන් පාසල් දරුවන් මුදා ගැනීමේ පියවරක් ලෙස පාසල් නිල ඇඳුමට අමතරව දෑත් , දෙපා...
- Advertisement -spot_img

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව...

එක් අඟහරුවාදාවක්

එක් අඟහරුවාදාවක් - A Tuesday මගේ කෝපයේ තරම ගැන මම දැනගත්තේ එදිනය. ඒ වන විට මගේ කඳුළු අවසන්ව තිබුණි. මට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you