ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ STC හිටපු සභාපති හුසෙයින් අහමඩ් බහිලා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවට, එනම් රජයට රුපියල් කෝටි 10 කට ආසන්න පාඩුවක් සහ, එම මුදලේ වටිනාකමට සමාන වාසියක් බාහිර පාර්ශ්වයක් වෙත සලසාදීම යන චෝදනා අනුව ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව වෙත භාණ්ඩ හා සේවා මිළදී ගැනීමේදී අනුගමනය කළ යුතු නියමිත ක්‍රියා පටිපාටිය අනුගමනය නොකරමින්, කිසිදු අවශ්‍යතාවයක් නොමැතිව ඉකුත් 2015 වර්ෂයේදී සංස්ථාව වෙත කොකුන් ගබඩා (තාවකාලික ගබඩා) 50 ක් ආනයනය කිරීම මගින් අදාළ වරද සිදුකර ඇති බවට අනාවරණය වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.



