Newsවිපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

-

spot_img

විපක්ෂයේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සහ පොලිස්පති නීතීඥ ප්‍රියන්තවීරසූරිය මහතාගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් අද පාර්ලිමේන්තුවේදී පැවැත්වුනා.

මේ සඳහා ගරු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින් සහ ගරු මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගී වූ අතර එහිදී විපක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව ලබාදීමට කටයුතු කරන ලෙස ඔවුහු ගරු කථානායකවරයාගෙන් ඉල්ලා සිටියා.

මෙහිදී ගරු කථානායකවරයා සඳහන් කළේ මේ වන විටත් ආරක්ෂාව ඉල්ලා සිටින මන්ත්‍රීවරුන්ගේ සියලු ඉල්ලීම් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයා දැනුවත් කර ඇති බවයි.

විශේෂයෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබුණ ද ඉන් ඔබ්බට ගොස් අදාළ ඉල්ලීම් සම්බන්ධයෙන් තමන් කටයුතු කොට ඇති බවත් ඒ අනුව ඇතැම් මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව ලබාදීමට මේ වන විටත් කටයුතු කර ඇති බවත් හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

එසේම අද දින විපක්ෂයේ මන්ත්‍රීවරුන් කරන ඉල්ලීම් සම්බන්ධයෙන්ද අවශ්‍ය පියවර ගන්නා ලෙස මෙහිදී ගරු කථානායකවරයා විසින් පොලිස්පතිවරයා දැනුවත් කරනු ලැබුවා.

මෙහිදී අදහස් දක්වමින් පොලිස්පතිවරයා සඳහන් කළේ මෙම ඉල්ලීම සම්බන්ධයෙන් ගරු ජනාධිපතිවරයා සහ මහජන ආරක්ෂක අමාත්‍යවරයා දැනුවත් කිරීමට කටයුතු කරන බවයි.

මේ සඳහා සහභාගී වූ විපක්ෂයේ ගරු මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නේ තම දේශපාලන කටයුතු බාධාවකින් තොරව ආරක්ෂිත පරිසරයක් තුළ පවත්වා ගෙන යාමට සියලු විපක්ෂ මන්ත්‍රීවරුන්ට, ප්‍රථමයෙන් ආරක්ෂාව ලබාදීමට කටයුතු කරන ලෙසයි.

Latest news

බිඳුණු පවුල් සබඳතා දරුවන්ගේ මානසික සෞඛ්‍යයට දැඩි බලපෑමක්

බිඳුණු පවුල් සබඳතා දරුවන්ගේ මානසික සෞඛ්‍යයට දැඩි බලපෑමක් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් විද්‍යාත්මක ප්‍රවේශයක් තුළින් මානසික සෞඛ්‍යය...

වැඩිහිටි නිවාස නියාමන නීති

වැඩිහිටි නිවාස නියාමන නීති ජ්‍යේෂ්ඨ පුරවැසියන් සඳහා රැකවරණය සපයන මධ්‍යස්ථාන නියාමනය කිරීම සඳහා නව නියෝග හා මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දී...

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න රටක් විදියට ඉස්සරහට යනකොට බිත්තරය කියන එක වැදගත් බවත් බිත්තර ලක්ශ 15 ක...

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...
- Advertisement -spot_img

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

රූකඩ සෙවනැලි

රූකඩ සෙවනැලි - Shadow Puppets මගේ කුඩා දියණිය අසනීපෙනි. එය වෛද්‍ය විද්‍යාවට සුව කළ නොහැකි ආකාරයේ රෝගයකි. ඇයට සිය මව...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you