ඔබ හා හිඳිමි
මට ඔබේ රිදුම් දෙන හදවත
සුවපත් කළ නොහැක
ඔබේ කඳුළු පිසින්නට
මා නොදන්නා මුත්
ඔබ ළඟින් රැඳෙන්නට
මට අවසර දෙන්න….

මගේ අත අල්ලාගන්න
මම ඔබට සවන් දෙමි
ඔබේ කඳුළු පිස දමමි
නපුරට එරෙහිවන්නට
ඔබ හා හිඳිමි….




