FeaturesDonilaye AmmeDonilaye Amme – 02 දෝණිලයෙ අම්මේ

Donilaye Amme – 02 දෝණිලයෙ අම්මේ

-

spot_img

Donilaye Amme – 02 – තෙත බේරෙන ඇඳුම් ගොඩක් අත් දෙකේ එල්ලගෙන දෝණිලයෙ අම්මා ළහි ළහියේ සාලය මැදින් දුවගෙන ආවා. එයා ආපු දිහා ඉඳලා එළියට යනකං බෙල්ල කරකවපු මං දැක්කේ බිම දිගේ තැනින් තැන ඉහිරුණු වතුර පාරවල්.
මං එයා පස්සෙන්ම පෝටිකෝව යටට ගියා. එයා රෙදිවැල ළඟ නතර වෙලා වදෙන්, පොරෙන් රෙදි ටික වැලට දාගන්න දඟලනවා දැකලා මගේ කට ඇරුණා.

“ඔය ටික බකට් එකකට දාගෙන ආවනම් ලේසිනේ..”

එයා ටිකක් දුර හිටපු නිසා මං ටිකක් සද්දෙට එහෙම කීවම එයා බෙල්ල හරවලා බැලුවේ වැඩේ කරන ගමන්මයි.

“ඔව් ඉතිං.. වැඩක් කරනවට වඩා ඒකේ ඇදක් හොයාගෙන උපදෙස් දෙන එක ඔක්කෝටම වඩා ලේසිනේ…”

දෝණිලයෙ අම්මා කීවේ මටත් ටිකක් හයියෙන් කෑගහලා. ඒ වචනවල කේන්තියක් නොතිබ්බත් පොඩි සරදම් ගතියක් තිබ්බා. වැරදි වෙලාවේ,වැරදි දෙයක් කියවුණාට මගේ කටටම දොස් කියමින් මං සාලය දිහාට හැරුණා.ගේ ඇතුලේ ඉඳලා “අම්මේ” කියලා කෑගහගෙන දුවන් ආපු චූටී දෝණි සාලෙ මැද සිමෙන්ති පොලොවේ ලිස්සලා තුන් කොණ්ඩෑරුම් වදිනවා මං දැක්කේ ජිම්නාස්ටික් එකක වගේ. දෝණිගෙ බෙරිහන් දීමයි,මං එතනට දුවගෙන යාමයි සිද්ධ වුණේ තප්පර ගානක් ඇතුළත. කෙල්ලගෙ තොලක් පැළිලා ලේ එනවා. නළල කොට්ටම්බා ගෙඩියක් වගේ ඉදිමිලා. ඔය අස්සේ දෝණිලයෙ අම්මා පැත්තක ඉඳං කියවනවා.

“පේනවනේ… මං චුට්ට එහා මෙහා වුණා විතරයි… දරුවෙක් දිහා ඇහැ තියාගෙන ඉන්න බැරි තාත්තලා… අනේ මගෙ රත්තරං කෙල්ල..”

” ඔය රෙදි පොට්ටනියක් හදලා කෙල්ලගෙ නළල තවනවා…”

කියලා දෝණිලයෙ අම්මට කෑගහන ගමන් මං පාරට දිව්වේ ත්‍රීවීලරයක් නවත්ත ගන්න. ඔෆීස් ටයිම් එක නිසා යන,එන හැම ත්‍රීවීලර් එකක්ම පිරිලා. එකපාරටම ත්‍රීවීලර් එකක් හයියෙන් බ්‍රේක් ගහලා පාර අයිනේ නවත්තනකොටයි මට තේරුණේ මං ඉන්නේ පාරට පැනලා කියලා. ත්‍රීවීලර් එකේ මනුස්සයා බෙල්ල එළියට දාලා මොන,මොනවදෝ කීවා මට ඇහුණේ නෑ. ඒත් පිටිපස්සෙ ඉඳලා බෙල්ල එළියට දැම්ම ඔෆීස් එකේ දමයන්තිව මං අඳුරගත්තා. මං මොනා කීවද, ඒවා දමයන්තිට තේරුණාද මන්ද මං එතන ඉඳං කෑගලා දෝණිලයෙ අම්මට කෙල්ල අරං එන්න කීවා. කෙල්ල උස්සං දුවගෙන ආපු දෝණිලයෙ අම්මා දමයන්ති දැක්කා විතරයි දරුවව අතේ තියාගෙන ආයෙ කියවන්න ගත්තා.

“කට කැඩෙනකං කියනවා බයික් එකක් හරි පදින්න පුරුදු වෙන්න කියලා… ඒවයෙ වටිනාකම් දැන්වත් තේරෙනවද..?”

මගේ එක අතක් දෝණිලයෙ අම්මා දිහාට ඉස්සුනා. ඒත් එක්කම මොකක්දෝ හේතුවකට ත්‍රීවීලර් එක දිහා බැලුණා. දමයන්තිගෙයි, ත්‍රීවීලර් එකේ මනුස්සයගෙයි ඇස් ලොකු වෙලා අපි දිහාට හැරිලා තිබුණා.

“දරුවගෙ අමාරුව පැත්තක දාලා මුන් දෙන්නා ඇරගන්නවා”

වගේ කතාවක් ඒ ඇස්වල තිබුණා.

“ලෑස්ති වෙලා ඉස්පිරිතාලෙට එනවා..”

කියාගෙන මං දෝණිවත් අරං ත්‍රීවීලර් එකට නැග්ගා.දෝණිව බෙහෙත් දාලා එයැයිගෙ අම්මා එක්ක ගෙදර යවලා මං එහෙමම වැඩට ආවා. බොස්ගෙ මූණ දෙක වෙලා. වැඩකරන තැනට නිදහසට කරුණු කියන එක තමා ජීවිතේ මට අප්පිරියාම වැඩේ. මං උදේ වෙච්චි සිද්ධිය කල්පනා කරලා බැලුවා. මං කේන්ති ගත්තා වැඩී කියලත් තේරුණා. විශේෂයෙන් පිට මිනිස්සු දෙන්නෙක් ඉස්සර මං පිස්සෙක් වගේ හැසිරුනාදෝ කියන පසුතැවීම මාව රිදවන්න ගත්තා. ගිය නුවන ඇතුන් ලවාවත් අද්දගන්න බෑ කියන කතාවට හිත අවනත වුණත්, ඇයි මට දෝණිලයෙ අම්මා ත්‍රීවීලර් එක ළඟදී කියපු දේට එච්චර කේන්ති ගියේ කියලා කල්පනා කරා.

අපි ආදරේ කරපු කාලේ දෝණිලයෙ අම්මයි, මායි වැඩිපුරම ගමන් ගියේ කෝච්චියෙයි, බස්වලයි. ත්‍රීවීලර් එහෙක ගියෙත් බොහොම කලාතුරකින්. එකක් මට ඒවට ගෙවන්න තරම් වත්කමක් තිබුණෙ නෑ. අනික ආදරේදී කාලේ කන්න බස් කෝච්ව්,පාර්ක්, ෆිල්ම් හෝල් තරම් වෙන හොඳ තැන් ඇත්තෙත් නෑ. එහෙම යන කිසිම දවසක දෝණිලයෙ අම්මයෙ අතින්වත් අල්ලනවට එයා කැමති වුණේ නෑ. එහෙම කළාම අත ගසා දානවා. උරහිස් අකුලනවා. මට ඔරවනවා. විකාර ගොඩයි. ඒත් දවසක් අපි කෝච්චියෙ ගම්පහට යද්දි දෝණිලයෙ අම්මා එකපාරටම මගේ අතින් තද කරලා අල්ලගත්තා. මං පුදුමෙන් එයාගේ අර කතන්දර කියන ඇස් දිහා බැලුවා. එයා ඇහැ කරකව,කරකව ළඟ හිටපු කොල්ලව මට පෙන්නුවා. මට තේරුණා වෙන්න ඇත්තෙ මොකක්ද කියලා. මාත් ඉතිං අත අල්ලගෙනම හිටියා. එයා මගේ කණ ළඟට කිට්ටුවෙලා හිමීට මෙහෙම කිව්වා.

“එහා පැත්තෙ එකාට මට මිනිහෙක් ඉන්නවා කියලා පෙන්නන්නයි අත අල්ලගත්තෙ.. දැන් ඌට ඒක පේනවා ඇතිනෙ… ඒ නිසා අත අතෑරලා පැත්තකට වෙනවද ප්ලීස්…”

යාන,වාහන ගේ දොර ඉඩකඩම් යහමින් තිබුණු පවුල් පරිසරයක් සහ මුලින් අතෑරලා දෝණිලයෙ අම්මා මා එක්ක ආවේ හිස් අතින්. එයාට වාගේම මටත් ආදරේ ළඟදි ඒවයෙ වටිනාකම් දැණුන්නෑ. මේ වගේ ජීවිතේ අසරණ හැඟීම් ළඟදී එයා හිතෙන් අතීතයට යනවැති. මගේ ආදරේ හින්දා අතෑරපු දේවල් ගැන දුක් වෙනවත් ඇති. මං පිළිගන්නවා දෝණිලයෙ අම්මේ. මට ඒ වෙලාවේ ඉවසන්න තිබුණා. අඩුම තරමෙ පිට මිනිස්සු දෙන්නෙක් ඉස්සර ඔයාව අසරණ නොකර ඉන්න තිබුණා. ඒත් දැන් ඒ වැරැද්ද හදන්න පරක්කු වැඩියි. අපි මිනිස්සු. හැඟීම් ඉස්සර වෙනවා වැඩියි. පාලනයෙන් මිදෙනවා වැඩියි. ඒ අපි දැන් ජීවත්වෙන්නේ අපි වෙනුවෙන් නෙවේ දරුවො වෙනුවෙන් නිසා වෙන්නැති.

මං කියන්නෑ ඔයාට අවුරුදු ගානක් අතීතෙට ගිහිං අපි පරණ පෙම්වත්තු වෙමු කියලා. ඒත් අපිට පුළුවන් මේ “බහින්බස්” වෙනුවට අතීතෙන් “ආදරබස්” අරං එන්න. වාහනේකට ලයිසන් එකක් ගන්න යන වියදම ඒකට යන්නෑ. යකඩ හීන එක්ක පපුව තුවාල වෙනවා වැඩී. තෙත හිත් නිතරම ලිස්සලා වැටෙනවා. මිරිකලා වැලක වනලා එහෙම හිත් වේලගන්න අමාරුයි. පුළුවන් තරම් හිත් තෙත් කරගෙන ඇදගෙන වැටෙන්නැතුව හයියට ඉන්න බලමු. ඔයාට ලෝකේ අනර්ඝතම වස්තුව වෙන්න කියලා නෙවේ මේ කියන්නේ, ගෙදරට සිරියාව අරං එන්න උත්සාහ කරමු කියලා විතරයි. මට සමාවෙන්න දෝණිලයෙ අම්මේ..! මං හවස එද්දි ඔයාට රෙදි දාන්න බකට් එකක් අරං එන්නම්.

Latest news

විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිම වංචනිකයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිම වංචනිකයි ආණ්ඩුව ක්‍රියාත්මක කිරිමට නියමිත විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිමේ ව්‍යවස්ථා සංශෝධනයට නිතීඥ ක්ෂේතුයේ දැඩි...

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් නුවර දුම්රියක් තුළ ගමන් ගත් මඟියකුගේ හිසට බෝතලයකින් පහර දීමේ...

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා රටපුරා ඇති ජනාධිපති මන්දිර තම පාලන කාලය තුළ සිය වුවමනාවන් සදහා භාවිතා නොකරන...

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව...
- Advertisement -spot_img

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා රටපුරා ඇති ජනාධිපති මන්දිර තම පාලන කාලය තුළ සිය වුවමනාවන් සදහා භාවිතා නොකරන...

රසකාරක නැති චිකන් සීසනින් කියුබ්

රසකාරක නැති චිකන් සීසනින් කියුබ් - Chicken seasoning Cube චිකන් සීසනින් කියුබ් (Chicken seasoning Cube) කියන්නෙ මේ වෙනකොට ගෘහණියන්ට කෑම...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you