InterviewsMahesh Babu මමවත්,බිරිඳවත් අපේ දරුවන්ට අනවශ්‍ය විදිහට උපදෙස් දෙන්න...

Mahesh Babu මමවත්,බිරිඳවත් අපේ දරුවන්ට අනවශ්‍ය විදිහට උපදෙස් දෙන්න යන්නෑ

-

spot_img

Mahesh Babu යනු දමිළ ප්‍රේක්ෂකාගාරය තවමත් උමතුවෙන් වැළඳගන්නා තරුවක්. ඔහුගේ ආකර්ෂණීය පෙනුමට සිනමා රසිකාවියන් තුල මත්බවක් ඇති බව ඉන්දියානු සිනමාව දෙසින් ඇසෙයි. ඔහු,ජනප්‍රිය කලා පවුලක සාමාජිකයෙකු ලෙස ක්ෂේත්‍රයට පිවිස මේ වන විට වසර 22ක් ගතව ගොසිනි. මේ, මහේෂ් බාබු සමගින් Sashidhar Adivi විසින් DECCAN CHRONICLE වෙනුවෙන් කළ කතාබහකි.

•Sarkaru Vaari Paata චිත්‍රපටයේ සාර්ථකත්වය ගැන ඔබට මොනවද හිතෙන්නෙ?

එය විශේෂයි. රූගත කිරීම් සිදුකලේ කොවිඩ් වසංගතය අවධියේදී. අපිට ගොඩක් ගැටළුවලට මුහුණපාන්න සිදුවුනා.ඉතින් මේ ලැබුව සාර්ථකත්වය,ප්‍රතිචාර ගැන සතුටුයි. අධ්‍යක්ෂක Parasuram ට මම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා.

• චිත්‍රපටවලින් සමාජයට පණිවිඩයක් ලබා දෙන්න ඔබ උත්සාහ කරනවද?

නැහැ.මම එහෙම හිතන්නෙ නෑ. මම කැමති ප්‍රේක්ෂකයන්ට විනෝදාස්වාදය ලබා දෙන්න.

• චිත්‍රපටයක රංගනයට එකතු වීම සඳහා ඔබ සලකා බලන කරුණු මොනවද?

පළමුව,මම ඒ පිටපතට කැමති වෙන්න ඕන. මගේ උපරිමය කරන්න පුළුවන් ද කියලා මම හිතනවා. විනෝදාස්වාදය ලබා දීම ගොඩක් වැදගත්. මං හිතන්නෙ මිනිස්සු සිනමාශාලාවකට එන්නේ විනෝදයක් ලබන්න. ඒ ගැන මං හරිම සැළකිලිමත්. ඒ තමයි මගේ කොන්දේසි.

 

• ඔබ ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු 22 ක්?

ඔව්.ඒ කියන්නෙ ලොකු කාලයක්.(සිනාසෙයි) කාලය ගතවුනා කියලා මම හිතන විදිහේවත්,මගේ පෞරුෂයේවත් වෙනසක් වෙලා නෑ. හිතින් මං තාමත් තරුණයි. ගොඩක් තරුණයි. ඒ ගැන දෙවියන්ට ස්තුතියි. මට තව ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා. මගේ චිත්‍රපටයක් නිකුත් වෙන්න සූදානමින් තියෙද්දී තවමත් මට දැනෙන්නේ බයක්. කලබලයක්.(සිනාසෙයි) ඔව්. ඇත්තටම මට තවමත් මම නවකයෙක් කියලා හිතෙනවා.

• රංගනයෙන් ඔබ මොනවද ඉගෙන ගත්තේ?

සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය ඔබ සතුයි. ඒ දෙකෙන් අවශ්‍ය දේ තෝරාගැනීම ඔබේ වගකීමක්.

• ඔබ නිතර නිවාඩු ගත කරන්න යනවා. සංචාරය කිරීම මොනවගේ අත්දැකීමක්ද?

එය ආතතිය දුරු කරනවා. මගේ පවුලේ අය සමගින් සංචාරය කිරීම මට සතුටක්,ශක්තියක් සහ තෘප්තිමත් හැඟීමක් ලබාදෙනවා.

Mahesh Babu

• ඔබේ දුව Sithara මියුසික් වීඩියෝවල ඉන්නවා.ඇය ආකර්ෂණීයයි සහ දක්ෂයි. ඇය රංගනයට පිවිසේවිද?

ඇයට ඒ හැකියාව ස්වභාවිකම ලැබී තිබෙනවා. ඇය හැමදේම කරන්නේ තනිවම. ඇගේ හැකියාවන් මාව පුදුමයට පත් කරනවා. තාත්තෙක් විදිහට මට ආඩම්බරයක් දැනෙනවා. මං මගේ දරුවන්ට ඔවුන්ගේ හීනවලට යන්න උදව් කරනවා. බිරිඳ සහ මම ඔවුන්ට උපදෙස් දෙන්නේ නැහැ අනවශ්‍ය අයුරින්. අපි දරුවන්ගේ තෝරාගැනීම්වලට උදව් කරනවා.

• ඔබේ පුතා Gautam ව රිදී තිරයෙන් දකින්න ලැබෙන්නෙ කවදද?

ඔහු තවම අධ්‍යාපනය හදාරනවා. පාසල් අධ්‍යාපනයෙන් පස්සෙ විදෙස් ගතවීමයි ඔහුගෙ බලාපොරොත්තුව. ඉතිං මං දන්නෑ ඔහු ඉදිරියට මොනව කරයිද කියලා.

• සුපිරි තරුවක් වුන ඔබේ පියාගෙන් ඔබ ඉගෙනගත් හොඳම ගුණාංගය මොකක්ද?

විනය. මගේ ගමන සාර්ථක උද්‍යෝගිමත් එකක් කිරීමට එය උපකාරී වූවා.

Mahesh Babu

Latest news

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි?

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි? කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලට ජලය බෙදාහරින අඹතලේ සහ කැලණි දකුණ ඉවුර ජල පවිත්‍රාගාරවල ජල...

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු එල්නිනෝ අනිටු බලපෑම් සහ මැද පෙරදිග අර්බුදය නිසාවෙන් සීනි, ලොකු ළූණු, ආනයනික...

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත්...
- Advertisement -spot_img

පොඩි බඩගින්නට බේකරි රසට ගෙදර හැදු සොසේජ් බන්

පොඩි බඩගින්නට බේකරි රසට ගෙදර හැදු සොසේජ් බන් - Sausage Bun බේකරි කෑම අතරෙ ලොකු කුඩා කවුරු අතරත් ගොඩක්...

ක්ලෝඩියාගේ සීයා

ක්ලෝඩියාගේ සීයා - The Funeral and the Feast ඇගේ සීයා මිය යෑමට දින තුනකට පෙර ක්ලෝඩියා සුදු ලේස් ඇඳුමකින් සැරසුණු...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you