මේ දවස්වල ජනප්‍රිය කැරමල් පුඩින් – Caramel pudding
කැරමල් පුඩින් මේ දවස්වල හරිම ජනප්‍රිය කෑමක්. Ingredients කිහිපයකින් රයිස් කුකර් එකේ ලේසියෙන්ම රසම රස කැරමල් පුඩින් එකක් හදාගන්න පුළුවන්.

• අවශ්‍ය ද්‍රව්‍ය 
කිරි 400 ml
වතුර කප් 1 1/2ක්
බිත්තර 8ක් ( බීට් කරගන්න)
වැනිලා තේ හැඳි 1
සීනි 100g
කැරමල් හැදීමට වතුර 50ml
• සාදන ආකාරය
සීනි සහ වතුර 50ml උණු කරගෙන කැරමල් එක හදාගන්න. කැරමල් මිශ්‍රණය මෝල්ඩ් එකක ඇතුළත හොඳින් තවරා නිවෙන්න තියන්න. භාජනයකට කිරි, වතුර, බිත්තර සහ වැනිලා දමා හොඳින් මිශ්‍ර කරගන්න. දැන් මේ මිශ්‍රණය මෝල්ඩ් එකට වත්කර හොඳින් වසා මිනිත්තු 35ක් රයිස් කුකරයේ තම්බා ගන්න.
සිසිල් වුණාට පස්සෙ මිශ්‍රණය මෝල්ඩ් එකෙන් ගලවා ගන්න. මීළඟට කැරමල් කොටස උඩට හිටින විදිහට භාජනයකට දමා ගන්න. ශීතකරණයේ මිනිත්තු 40 ක් තබා රස විඳින්න.



