Featuresමී උණෙන් පරෙස්සම් වන්න!

මී උණෙන් පරෙස්සම් වන්න!

-

spot_img

මී උණෙන් පරෙස්සම් වන්න! – Beware of Rat Fever 

ලෙඩ රෝග පැතිරීමට වැසි කාලයම විය යුතු නැත. පායන කාලයට එනම් උණුසුම වැඩි කාලවලටත් ලෙඩ රෝග පැතිර යාම සාමාන්‍යය. මේ දිනවල උණ තත්ව කිහිපයක්ම පැතිර යන අතර ඩෙංගු උණ, ඉන්ෆ්ලුවෙන්සා, මී උණ, වයිරස් උණ ඒ අතර ප්‍රධානවේ. ඒ අනුව වයිරස් රෝග සේම බැක්ටීරියා රෝගද වේ. මේ සමයේදී රටේ විවිධ ප්‍රදේශවලින් මී උණ රෝගීන් වාර්තා වන අතර පසුගිය ජනවාරි මස සිට මේ වනතෙක් ආසාදිතයන් 1800 ඉක්මවා වාර්තා වී ඇත.

මීයන්ගෙන්ද බෝ වන්නේ?

මී උණ හෙවත් ලෙප්ටෝස්පයිරෝසිස් “leptospirosis” රෝගය මීයන්, ගවයන් සහ මී ගවයන් වැනි සතුන්ගෙන් මිනිසාට බෝවිය හැකිය. මෙය “leptospirainterrogans” නම් බැක්ටීරියාව ආසාදනය වීමෙන් හට ගැනේ. මීයන් හෝ වෙනත් සතකුගේ ශරීරයේ ඇති මෙම බැක්ටීරියාව ඔවුන්ගේ මුත්‍ර මගින් ජලයට එකතු වේ. ඒ අනුව කුඹුරු, දියකඩිති, ඇළ මාර්ග, කානු, පතල්වල ජලයට මෙම බැක්ටීරියාව එකතු වී ජලයේ රැඳේ. එබඳු තැන්වල ඇති වතුර සමග පුද්ගලයන් නිරාවරණය වීමෙන්, ශරීරයේ කැපීම්, සීරීම්, තුවාල හෝ ශරීර පටල (ඇස් හෝ මුඛයේ) හරහා ද මිනිසාගේ සිරුරට ඇතුළු වේ. මී උණ රෝගය වැළඳුණ පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයකුට රෝගය බෝ නොවේ. අපේ රටේ මුළු වසර පුරාම මී උණ රෝගීන්ගේ වාර්තා වීම් සිදුවන අතර මාර්තු සිට මැයි දක්වාත්, ඔක්තෝබර් සිට දෙසැම්බර් මාස දක්වාත් රෝගීන්ගේ වැඩි වීමක් පෙන්නුම් කෙරේ. මෝසම් වැසි කාලය මෙන්ම යල, මහා කන්න ගොයම් වැඩ කටයුතුවල නිරතවන කාල වකවානුද මී උණ රෝගීන් වාර්තා වීමේ වර්ධනයක් පෙන්නුම් කෙරේ.

Beware of Rat-Bite Fever (RBF)

රෝග ලක්ෂණ

සාමාන්‍යයෙන් බැක්ටීරියාව ශරීර ගතවී දින 02ත් 14ත් අතර කාලයකදී රෝග ලක්ෂණ මතුවිය හැකියි. ඒ අනුව මතුවන සංකූලතා අතර උණ, මස් පිඩු වේදනාව, ඇස් රතු වීම, හිසරදය, මුත්‍ර කහ පැහැ වීම, මුත්‍ර යෑම අඩු වීම, වමනය ,සිරුරේ අප්‍රාණිකත්වය දක්නට හැකිය.

රතු එළි දල්වන දිස්ත්‍රික්ක

ආසාදිතයන් වාර්තා වීම මත රත්නපුර, කෑගල්ල, ගාල්ල, කුරුණෑගල, මොනරාගල, ගම්පහ, අනුරාධපුරය, පොළොන්නරුව සහ කළුතර යන දිස්ත්‍රික්ක දැනට හඳුනා ගෙන ඇති පරිදි අවදානම් දිස්ත්‍රික්ක යටතට ගැනේ.

Beware of Rat-Bite Fever (RBF)

බේත් නොගත්තොත් මාරාන්තිකයි

නිසි කලට නොපමාව ප්‍රතිකාර නොගතහොත් රෝගය උත්සන්න වී මරණය පවා සිදු විය හැකියි. මෙම රෝග කාරකයට සිරුරේ ඇති සියලුම ඉන්ද්‍රිය පද්ධතිවලට හානි කිරීමට හැකියි. විශේෂයෙන් වකුගඩු, අක්මාව, පෙනහළු සහ හෘදය අකර්මණ්‍ය වේ.

අවදානම් කණ්ඩායම්

කුඹුරු, වගුරු බිම්, ඇළවල්, කානු සහ පතල් ආශ්‍රිත රැකියාවල නියැළෙන පුද්ගලයන්, ගං වතුර වැනි තත්ව ආදියට මුහුණ දෙන අයටත් රෝගය වැළඳීමේ අවදානම ඉතා ඉහළයි. එවැනි අවදානම් කණ්ඩායම් රෝගයෙන් වැළකීම පිළිබඳව දැනුවත් වී සිටිය යුතු වේ. ආරක්ෂිත ක්‍රමෝපාය පිළිපැදිය යුතු වේ.

Rat Fever 

⁣ලෙඩ වෙනවට වඩා පරෙස්සම වැදගත්

මී උණ යැයි සැක කළ හැකි රෝග ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි. තුවාල, සීරීම් ඇත්නම් අපවිත්‍ර ජලයට බැසීමෙන් වලකින්න. නොඑසේනම් එම තුවාල මනාව ආවරණය කර ගැනීමට උනන්දු වන්න. කුඹුරු ආශ්‍රිතව වැඩ කිරීමට ප්‍රථම රෝගය වැලැක්වීමට ලබා දෙන ප්‍රතිජීවක ඖෂධ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලදාරී කාර්යාලයෙන් ලබා ගන්න. ප්‍රතිජීවක ඖෂධ නිසි කලට සේම නිසි මාත්‍රාව ලබා ගැනීම කෙරෙහි සැලකිලිමත් වන්න. ගං වතුර වැනි ආපදා තත්ත්ව පවතින කාල වකවානුවලදීද රෝග ලක්ෂණ ඇත්නම් නොපමාව වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට අමතක නොකරන්න. විශේෂයෙන් කුඹුරු අවට ඇති කුඩා දිය කඩිතිවල මසුන් ඇල්ලීමේදී හෝ දිය නෑමෙන් පසු වුවද රෝග ලක්ෂණ මතු වේනම් වහාම නිසි වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වීම වැදගත් වේ.

සංවාද සටහන
ධාරා අබේනායක

Dr. Thushani Dabarera
කොළඹ, වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ තුෂාණි දබරේරා

Latest news

ඇෆ්ගන් කාන්තාවන් මිලියන දෙකහමාරකට අධ්‍යාපනය තහනම්

ඇෆ්ගන් කාන්තාවන් මිලියන දෙකහමාරකට අධ්‍යාපනය තහනම් පාසල් සිසුවියන් සහ කාන්තාවන් සඳහා ද්විතීයික හා උසස් අධ්‍යාපනය විධිමත් ලෙස තහනම් කර ඇති...

ඩෙංගු රෝගීන් 90000 යි, මරණ 65 යි

ඩෙංගු රෝගීන් 90000 යි, මරණ 65 යි 2026 වසරේ මුල සිට මේ දක්වා මෙරටින් වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් ගණන...

එල්නිනෝ නිසා මාළු මිල ඉහළට

එල්නිනෝ නිසා මාළු මිල ඉහළට එල්නිනෝ තත්වය සමග මුහුද මතුපිට ජලයේ උෂ්ණත්වය ඉහළ යෑම නිසා දිවයින වටා මුහුදු තීරයේ මත්ස්‍ය...

විගණනයෙන් හෙළිවූ අලුත්ම රේගු මගඩිය

විගණනයෙන් හෙළිවූ අලුත්ම රේගු මගඩිය - The latest customs fraud මුදල් අමාත්‍යවරයාගේ කිසිදු අනුමැතියකින් තොරව ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් සහ...
- Advertisement -spot_img

අපේ රටට ආවේණික බ්ලැක් පෝක් කරි

අපේ රටට ආවේණික බ්ලැක් පෝක් කරි - Black Pork Curry බ්ලැක් පෝක් කරි කියන්නෙ අපේ රටට ආවේණික ගොඩක් අය කන්න...

එල්නිනෝ නිසා මාළු මිල ඉහළට

එල්නිනෝ නිසා මාළු මිල ඉහළට එල්නිනෝ තත්වය සමග මුහුද මතුපිට ජලයේ උෂ්ණත්වය ඉහළ යෑම නිසා දිවයින වටා මුහුදු තීරයේ මත්ස්‍ය...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you