කොණ්ඩය කලර් කිරීමෙන් ඔබට ලස්සන, අලුත් පෙනුමක් ලබා ගන්න පුළුවන්. නමුත් හිතුමනාපෙට කොණ්ඩෙ කලර් කරන්නෙ නැතිව මේ දේවල් ගැනත් සැලකිළිමත් වුණොත් සුන්දර පෙනුමක් ලැබෙනවා වගේම ඔබේ ආරක්ෂාවටත් හොඳයි.

• හිසකෙස්වල නිරෝගීකම
කලර් කිරීමේදී රසායන ද්‍රව්‍ය හේතුවෙන් කොණ්ඩෙට හානි සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා ඔබේ කොණ්ඩෙ ස්වභාවය ගැන දැනුවත්ව සිටින්න. හිසකෙස් ඉක්මනින් කැඩී යනවා නම් රසායන ද්‍රව්‍ය යෙදීම හානිකරයි.

• සැලෝන් එකට යන්න
සමහර විට ඔබ නිවසේදීම කොණ්ඩය කලර් කිරීම සිදුකරනවා ඇති. ඒත් සුදුසුම දේ මේ සඳහා පළපුරුදු රූපලාවණ්‍ය ශිල්පියෙකුගේ සහය ලබා ගැනීමයි. එවිට වඩාත් සුන්දර පෙනුමක් ලැබේවි. ඔබේ සමට, මුහුණට සහ විලාසිතාවලට ගැලපෙන කලර්ස් තෝරගන්න.

• ආසාත්මිකතා ගැන සෝදිසි කරන්න
සමහරවිට ඔබට රසායන ද්‍රව්‍ය අහිතකර වෙන්න පුළුවන්. ඒ නිසා භාවිතා කරන ආලේපනවලට ආසාත්මිකතා ඇතිවේදැයි බලන්න.

• සෝදන්න එපා
කලර් කරන්න කලින් ( අවම වශයෙන් පැය 24 සිට 48 පෙර) කොණ්ඩෙ ෂැම්පු කරන්න එපා. කලර් කිරීමේදී කොණ්ඩයේ ස්වභාවික තෙල් ගතිය තිබීම වැදගත්. ජෙල්,ස්ප්‍රේ වර්ග පාවිච්චි කරන්නත් එපා.




