FeaturesIWT ඉන්දු ජල ගිවිසුම අත්හිටුවීම ඉන්දියා - පකිස්ථාන යුද්ධයකට...

IWT ඉන්දු ජල ගිවිසුම අත්හිටුවීම ඉන්දියා – පකිස්ථාන යුද්ධයකට අත වැනීමක්ද?

-

spot_img

IWT – පසුගිය අඟහරුවාදා (අප්‍රේල් 22) ඉන්දියාවේ හිමාල ප්‍රදේශයේ Pahalgam ග්‍රාමය ආශ්‍රිත Baisaran නම් සංචාරක කේන්ද්‍රස්ථානයකදී සන්නද්ධ පිරිසක් විසින් ඉන්දීය සිවිල් වැසියන් 26 දෙනෙකු ඝාතනය කිරීම මේ වනවිට ඉන්දියාව සහ පකිස්ථානය අතර යුද ගැටුමක් දක්වා සංකීර්ණ වී ඇති බව පෙනෙන්නට තිබේ. 2008 මුම්බායි ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ඉන්දියාවේ සිවිල් වැසියන්ට එල්ල වූ විශාලතම ප්‍රහාරය මෙය බව පැවසෙන අතර ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඊයේ (අප්‍රේල් 24) ප්‍රකාශ කර තිබුණේ, මෙම ප්‍රහාරයට වගකිවයුත්තන් සොයා තමන් “ලෝකයේ එහා කෙළවර දක්වා” වුව ලුහුබඳින බවයි. ඉන්දියානු ප්‍රාන්ත පොලිසිය එය “ත්‍රස්ත ප්‍රහාරයක්” ලෙස විස්තර කළ අතර ප්‍රචණ්ඩත්වය පිටුපස සිටින ත්‍රස්තවාදීන්ට පකිස්ථානය සහාය දක්වන බවට ඉන්දියාව චෝදනා කරයි. නමුත් ප්‍රහාරයට තම රටේ කිසිදු සම්බන්ධයක් නොමැති බව පවසමින් පාකිස්තානය එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.

pahalgam-attack-first-photo-of-suspected-terrorist-wielding-ak-47-surfaces-security-forces-step-up-huntpahalgam-attack

ත්‍රස්ත ක්‍රියාවන් සම්බන්ධ චෝදනා හේතුවෙන් කාලයක සිට දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා බිඳ වැටීමට පටන් ගෙන තිබු අතර මෙම ප්‍රහාරයත් සමඟම එය යළි වඩාත් ප්‍රභල ලෙස ඇවිලෙන්නට පටන් ගෙන ඇත. මේ වනවිට ඉන්දියාව නවදිල්ලි නුවරින් සහ පකිස්ථානය ඉස්ලාමාබාද් නුවරින් ජ්‍යෙෂ්ඨ රාජ්‍ය ත්‍රාන්ත්‍රික නිලධාරීන් නෙරපා හැර ඇති අතර, අදාළ ජාතිකයින් සඳහා වීසා අවලංගු කර දෙරට අතර ප්‍රධාන ගොඩබිම් දේශසීමාව වසා දමා ඇත. පාකිස්ථානය ඉන්දියාව සමඟ වෙළඳාම නවතා දමා ඉන්දියානු ගුවන් සමාගම් සඳහා එහි ගුවන් අවකාශය වසා දමා තිබේ. එමෙන්ම වඩාත්ම ආන්දෝලනාත්මක සිදුවීම වන්නේ පාකිස්ථානය සමඟ වූ “ඉන්දු ජල ගිවිසුම” (Indus Waters Treaty – IWT) අත්හිටුවා ඇති බව ඉන්දියාව විසින් නිවේදනය කිරීමයි.

Indus Waters TreatyIndus Waters Treaty

IWT නොහොත් ඉන්දු ජල ගිවිසුම 1960 සිට ක්‍රියාත්මක වන අතර ඉන්දු ගංගා පද්ධතියෙන් ලැබෙන ජලය ඉන්දියාවට සහ පාකිස්තානයට භාවිතා කළ හැකි ආකාරය එහි දැක්වෙයි. මෙම ගිවිසුම ලෝක බැංකුව මැදිහත් වීමෙන් පවත්වාගෙන ගිය අතර ඉන්දියාව සහ පකිස්ථානය අතර ඇතිවීමට ගිය යුද්ධ තුනක් නවතාලීමට මෙම ගිවිසුම උපකාරී වූ බව ඉතිහාසය විසින් පෙන්වා දී තිබේ. මෙම ගිවිසුම යටතේ, Ravi, Sutlej සහ Beas යන නැගෙනහිර ගංගාවල පාලනය ඉන්දියාව සතුවන අතර කාශ්මීර කලාපය හරහා ගලා යන Jhelum, Chenab සහ Indus යන බටහිර ගංගාවල පාලනය පකිස්ථානය සතුය. ගංගා පද්ධතියේ පහළ කොටසේ පකිස්ථානය පිහිටා ඇති අතර පකිස්ථානයේ වාරිමාර්ග, කෘෂිකර්මාන්තය සහ ජල විදුලි බලාගාරවලින් සියයට 80% ක් සඳහා මෙම ජලය ප්‍රයෝජනයට ගන්නා බව පැවසේ. වේලි මඟින් අවහිර කොට පකිස්ථානයට ලැබෙන ජලය ඉන්දියාව විසින් ඉහළට හරවන බවට ඉස්ලාමාබාදය දිගු කලක් තිස්සේ චෝදනා කර ඇතත්, ඉන්දියාව එය ප්‍රතික්ෂේප කරමින් සිටියේය.

Narendra Modi
Narendra Modi

 

පාකිස්තාන අගමැති Shehbaz Sharif ගේ කාර්යාලයෙන් නිකුත් කළ ප්‍රකාශයකින් කියැවුණේ ගිවිසුමේ ඒකපාර්ශ්වික අත්හිටුවීමකට ඉඩ සලසන කිසිදු වගන්තියක් අඩංගු නොවන බවයි. කෙසේ වෙතත්, එසේ අත්හිටවුවද පාකිස්තානයට ජලය ගලා ඒම සම්පුර්ණයෙන්ම නවතා දැමීම ඉන්දියාවට ප්‍රයෝගිකව කළ හැක්කක් නොවේ. ඉන්දීය බලධාරීන් පවසන ආකාරයට ගිවිසුම අත්හිටුවීම යන්නෙන් අදහස් වන්නේ, වේලි වලින් ජලය මුදා හැරීම සහ ගංවතුර පිළිබඳ තොරතුරු බෙදා ගැනීම නැවැත්වීම වැනි කාරණා බවයි. කෙසේ වෙතත්, එය පාකිස්ථානයේ කෘෂිකාර්මික අංශය තුළ යම් අවිනිශ්චිතතාවයක් ඇති කිරීමට හේතුවක් වන බවනම් නොඅනුමාන ය.

Shehbaz Sharif
Shehbaz Sharif

මෙම ගිවිසුම රටේ කෘෂිකාර්මික අංශයේ කොඳු නාරටිය බව පවසන පකිස්ථාන කෘෂිකර්ම පර්යේෂණ ආයතනයේ නිෂ්පාදන ප්‍රධානී Ghasharib Shoukat “එය අපගේ කෘෂිකාර්මික අනාගතය අස්ථාවර බිමකට ඇද දමයි. ජල ප්‍රවාහයන් අක්‍රමවත් වුවහොත් සමස්ත පද්ධතියටම, විශේෂයෙන් තිරිඟු, සහල් සහ උක් වැනි වාරිමාර්ග මත යැපෙන භෝග වලට පහරක් එල්ල වේ” යැයි රොයිටර් පුවත් සේවයට පවසා තිබිණි. පකිස්ථානයේ ජාතික ගොවි සංගමයේ සභාපති Khalid Hussain Baath “මෙය සැබෑ යුද්ධයක්” බවටද අදහස් දක්වා තිබිණි. දේශගුණික විපර්යාස සහ අඩු වර්ෂාපතනය හේතුවෙන් පකිස්ථානය තුළ දැනටමත් ජල හිඟයක් පවතී. යම් හෙයකින් “ඉන්දු ජල ගිවිසුම” අත්හිටුවීම හරහා එරට කෘෂිකර්මාන්තයට බලපෑමක් එල්ල වුවහොත්, එම පීඩනය පකිස්ථානු රජය ඉන්දියාවට එරෙහිව යුද්ධ ප්‍රකාශ කිරීම දක්වා දුරදිග යෑමට බොහෝ දුරට ඉඩකඩ තිබේ.

-විදෙස් පුවත් ඇසුරෙනි-

Latest news

2026 අලුත් අවුරුදු නැකැත් සීට්ටුව

හෙට (14) දිනයේ පූර්වභාග 09.32 ට සිංහල අලුත් අවුරුද්ද උදාවීමට නියමිතව තිබේ. අවුරුදු උදාවට අදාළ නැකැත් සහිතව බුද්ධශාසන, ආගමික හා...

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...
- Advertisement -spot_img

ලංකාවේ ස්කොට්ලන්ත පෝලෝ පිටිය – සෙම්බුවත්ත

ලංකාවේ ස්කොට්ලන්ත පෝලෝ පිටිය - සෙම්බුවත්ත සුන්දර මාතලේ දිසාවේ සොබා දහමේ අසිරිය විඳගැනීමට හැකි අපූරු ස්ථානයක් හඳුන්වා දීමට මෙවර අප...

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you