More
    Featuresටෙහෙරානයේ කුඩා කම්මල්කරුවකුගේ ඉංජිනේරු පුතා

    ටෙහෙරානයේ කුඩා කම්මල්කරුවකුගේ ඉංජිනේරු පුතා

    -

    spot_img

    ටෙහෙරානයේ කුඩා කම්මල්කරුවකුගේ ඉංජිනේරු පුතා – Ahmadinejad

    ඉරානයට එල්ල කෙරූ අමෙරිකානු – ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හේතුවෙන් ඉරානයේ හයවැනි ජනපතිවරයා වූ මහමුද් අහමදිනෙජාඩ් ජීවිතක්ෂයට පත්වු බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණා. කෙසේ නමුත් ඉරානය හිටපු ජනපතිවරයාගේ මරණය පිළිබඳ තවම නිල වශයෙන් දැනුම් දී නැහැ. ටෙහෙරානයේ කුඩා ගමක කම්මල්කරුවෙකුගේ පුතෙක් ලෙසින් ඉපදී අමෙරිකාව ප්‍රමුඛ විදෙස් රටවලට නොබියව අභියෝග කෙරූ රැඩිකල්වාදී නායකයෙකු ලෙසින් හැඳින්වෙන මහමුද් අහමදිනෙජාඩ් ඉරාන දේශපාලනයේ සුවිශේෂීම චරිතයක්. 

    Ahmadinejad

    ටෙහෙරානයේ කුඩා ගමක් වූ අරදාන් හි 1956 ඔක්තෝබර් 28 වැනිදා මහමුද් සබ්බාගියන් උපත ලබනවා. ඔහුගේ පියා කම්මල්කරුවෙක්. කම්කරු පංතියේ අයෙක් ලෙස ලොකු මහත් වුණ ඔහුගේ සිත දේශපාලනය කෙරෙහි ඇදී ගිය අතර 1976 වසරේ මහමුද් ඉරාන විද්‍යා සහ තාක්ෂණ විශ්ව විද්‍යාලයේ සිවිල් ඉංජිනේරු විද්‍යාව හදාරනවා. ඉරාන විප්ලව අවධියේ එවකට බලයේ සිටි ෂා බලයෙන් පහ කිරීම උදෙසා පැවැත්වුණ ශිෂ්‍ය පෙළපාළිවලට ඔහු නායකත්වය ලබා දුන්නා.

    විප්ලවයෙන් අනතුරුව අයතුල්ලා රුහොල්ලා කොමේනි යටතේ ඉස්ලාමීය ජනරජය ස්ථාපිත කිරීමෙන් පසු මහමුද් අහමදිනෙජාඩ් යනුවෙන් ප්‍රකට වූ ඔහු නව පාලනය සහ එහි දෘෂ්ටිවාදය ආරක්ෂා කිරීම සඳහා නිර්මාණය කරන ලද බලගතු මිලීෂියාවක් වන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායට (IRGC) සම්බන්ධ වුණා. ඒ අතරතුරම අධ්‍යාපන කටයුතුද අතපසු නොකෙරූ අහමදිනෙජාඩ් ප්‍රවාහන ඉංජිනේරු විද්‍යාව සහ සැලසුම්කරණය පිළිබඳ ආචාර්ය උපාධිය සම්පූර්ණ කළා. 1993 වසරේදී වයඹදිග ඉරානයේ අලුතින් පිහිටුවන ලද අර්ඩබිල් පළාතේ නායකයා වශයෙන් තේරී පත්ව වසර හතරක් එහි සේවය කිරීමෙන් අනතුරුව නැවතත් කථිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කළා.

    Ahmadinejad

    කොන්සර්වේටිව් කණ්ඩායම් සමඟ එක්ව දැඩි මතධාරී බලවේග ඒකාබද්ධ කිරීමට සහ ඉරානයේ මධ්‍යස්ථ දේශපාලන අංගවලට අභියෝග කිරීමට උත්සාහ කළ සුප්‍රකට කණ්ඩායමක් වන Ābādgarān-e Īrān-e Eslāmī පිහිටුවීමට ඔහු සිය දායකත්වය ලබා දුන්නා. මෙම කණ්ඩායම 2003 වසරේදී ටෙහෙරාන් නගර සභාවේ පාලනය දිනා ගත්තේ මහමුද් අහමදිනෙජාඩ් ඉරානයේ අගනගරයේ නගරාධිපතිවරයා බවට පත් කරමින්. රථවාහන ගැටළු විසඳීම, නාගරික වියදම් අඩු කිරීම වැනි කරුණු උදෙසා ජනප්‍රසාදය ලබාගත් ඔහු සාමාන්‍ය පුරවැසියන්ගේ හදවතට කතා කිරීමට ඇති ශූර බව නිසාම කෙටි කළකදීම මහජන ප්‍රසාදය ගොඩනගා ගැනීමට සමත් වුණා.

    දූෂණය මැඩලීම, ආර්ථික සමානාත්මතාව සහ ජාතිකත්වය වෙනුවෙන් හඬ අවදි කරමින් 2005 දී ඉරාන ජනපති ධුරය වෙනුවෙන් තරඟ කෙරූ අහමදිනෙජාඩ් සිය ප්‍රතිවාදියා වූ අක්බාර් හෂෙමි රෆ්සන්ජානි පරාජය කරමින් 2005 අගෝස්තු 3 වැනිදා ඉරානයේ හයවැනි ජනපතිවරයා බවට පත්වුණා. අඩු ආදායම් ලාභී පුරවැසියන් වෙනුවෙන් විශාල වැඩ කොටසක් කෙරූ ඔහු දුප්පත් ජනතාවගේ ආදරය වැඩි වැඩියෙන් දිනා ගත්තා. අහමදිනෙජාඩ් ජනපතිවරයාගේ ආර්ථික ප්‍රතිපත්ති, රජයේ වියදම්, ඉන්ධන සහ ආහාර සහනාධාර, ලාභ ණය වැනි දේවල් නිසා ඉරානයේ උද්ධමනය සහ ආර්ථික අස්ථාවරත්වය ඉහළ ගිය බව පැවසෙනවා.

    Ahmadinejad

    ඉතිහාසයේ පිටුවලින් ඊශ්‍රායලය ඉවත් කළ යුතු බව පැවසූ මහමුද් අහමදිනෙජාඩ්ගේ ගිනි අවුළවන සුළු ප්‍රකාශ ජාත්‍යන්තරය කුපිත කරේ වරක් දෙවරක් නම් නොවේ. ගැටුම්කාරී විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කෙරූ ඔහු ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන් ආරක්ෂා කිරීම සඳහා ප්‍රසිද්ධියට පත් වූ අතර, අමෙරිකාවේ සහ යුරෝපීය ජාතීන්ගේ දැඩි විරෝධය නොතකමින් කටයුතු කළා. එමෙන්ම ඔහුගේ රජය මාධ්‍ය සහ මහජන ප්‍රකාශනය උදෙසා පවතින නීතිරීති දැඩි කළා. 2009 වසරේ මහමුද් අහමදිනෙජාඩ් යළිත් වරක් ජනපති ධුරයට පත්වූ අතර ඔහු මැතිවරණ වංචාකෙරූ බව පවසමින් ටෙහෙරානය ඇතුළු නගරවල විරෝධතා පැවතුණත් ආරක්ෂක හමුදා විසින් විරෝධතා මර්දනය කිරීමට කටයුතු කළේ ක්‍රියාකාරීන් බොහෝ දෙනෙක් අත්අඩංගුවට ගනිමින්. මැතිවරණය යළි පවත්වන්නැයි සිදුකළ ඉල්ලීම් ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි එකහෙළා ප්‍රතික්ෂේප කළේ මහමුද් අහමදිනෙජාඩ්ට සිය සහය දක්වමින්. නමුත් ඉරාන බුද්ධි අංශ අමාත්‍යවරයා සේවයෙන් පහ කිරීමට උත්සාහ කිරීම හේතුවෙන් කමේනි සහ අහමදිනෙජාඩ්ගේ මිත්‍රත්වයේ පළුදුවීමක් සිදු වුණා. සිය දේශපාලන පදනම ශක්තිමත් කිරීම සඳහා රාජ්‍ය සම්පත් භාවිතා කළ බවට චෝදනා එල්ල වීම සම්බන්ධයෙන් ඔහු විවේචනවලට මුහුණ දුන් අතර 2012 දී, පාර්ලිමේන්තුව විසින් ජනපතිවරයාව ප්‍රශ්න කිරීම සඳහා කැඳවනු ලැබුවේ ක්‍රමයෙන් ඔහුගේ බලය අඩුවන බව හෙළිදරව් කරන්නට මෙන්.

     

    හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ ධුර කාලය අතරතුර කිහිප වරක් (2007 සහ 2012 වසරවල) මහමුද් අහමදිනෙජාඩ් ජනපතිවරයා ශ්‍රී ලංකාවට පැමිණියේ ඉරානය හොඳ ආර්ථික සගයෙකු බවට පත් කරමින්. ශ්‍රී ලංකාව තම සමීපතම මිතුරෙකු ලෙස පිළිගත් ඔහුගේ ආසියානු සංචාරවල පළමුවැනි නැවතුම වූයේ ශ්‍රී ලංකාව වීම විශේෂත්වයක්. ඔවුන් එක්ව 2008 වසරේ දී ඩොලර් මිලියන 529 ක උමා ඔය ජල විදුලි සංකීර්ණය විවෘත කළ අතර, එයට 85% අරමුදල් සැපයුවේ ඉරානය විසින්. එමෙන්ම තෙල් මිලදී ගැනීම් සඳහා තීරණාත්මක, පොලී රහිත ණය කොන්දේසි (ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 700) ලබා දුන් අතර, අප රටට හමුදා උපකරණ මිලදී ගැනීමට සහ බුද්ධි නිලධාරීන් පුහුණු කිරීමටත් සහයෝගය ලබා දුන්නේ බටහිර රටවල් කනස්සල්ලට සහ කෝපයට පත් කරවමින්.

    Ahmadinejad

    ජනාධිපති ධුරයෙන් ඉවත් වීමෙන් පසු, අහමදිනෙජාඩ් ඉහළ මට්ටමේ උපදේශක ආයතනයක් වන ඉරානයේ Expediency Discernment කවුන්සිලයට පත් කරනු ලැබුවා. දේශපාලනයෙන් විශ්‍රාම ගන්නා බව පැවසුවත්, පසුව පැවති මැතිවරණවලදී ඔහු නැවතත් ඒ සඳහා උත්සාහ කළා. (2017, 2021 සහ 2024) එමෙන්ම ඔහු ඉරානයේ පාලක ප්‍රභූන් විවේචනය කළේ මින් පෙර කිසිඳු නායකයෙකු නෙකෙරූ අන්දමින්.

    ජාත්‍යන්තරය තුළ ඉරානය හුදකලාවට පත් කෙරූ, බටහිරට අභියෝග කළ සහ ගැටුම්කාරී විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කළ නායකයෙකු ලෙසින් ජාත්‍යන්තරය ඔහුව හැඳින්වුවද ඉරානයේ සාමාන්‍ය ජනතාවට බලාපොරොත්තුවක් ලබා දුන් විශිෂ්ට නායකයෙකු ලෙසින් ඔහු ගෞරවාදරයට පත්වී තිබෙනවා. ඇතැම් වාර්තාවලට අනුව මහමුද් අහමදිනෙජාඩ් ජීවතුන් අතර බව පැවසෙන අතර ඔහුගේ මරණය පිළිබඳව ඉරානය තවම තහවුරු කර නැහැ. නූතන ඉරානය උදෙසා විශාල බලපෑමක් සිදු කෙරූ, ගෝලීය දේශපාලනය තුළ පෙරළිකාර චරිතයක් වූ නායකයෙකුගේ අවසානය මෙය වනු ඇතිද?

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Latest news

    ඉරානයේ මිය ගිය ගණන 780 ඉක්මවයි

    ඉරානය තුළ නව ප්‍රහාර රැල්ලක් ක්‍රියාත්මක කල බව ඊශ්‍රායලය පවසනවා. ටෙහෙරාන් අගනුවර යටිතල පහසුකම් ද ඉලක්ක කර ගනිමින් එම ප්‍රහාර...

    අයතුල්ලා අලි කමේනිගේ බිරිඳව ඝාතනය කෙරේ

    ඉරානයේ උත්තරීතර නායක අලි කමේනිගේ බිරිඳ වන මන්සුරේ කොජාස්ටේ බගර්සාඩේ (Mansoureh Khojaste Bagherzadeh) නිවසේ දී ඝාතනය කර ඇතැයි ඉරාන...

    ගුවන් ප්‍රහාරයකින් ඉරාන ජනපති මරුට

      අමෙරිකානු - ඊශ්‍රායල් ගුවන් ප්‍රහාර‍යකින් හිටපු ඉරාන ජනපති මහමුද් අහමදිනෙජාඩ් ( Mahmoud Ahmadinejad ) ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වෙනවා. ප්‍රහාරය...

    ඊශ්‍රායලය හා අමෙරිකාව එක්ව ඉරානයට මිසයිල ප්‍රහාර

    ඊශ්‍රායලය හා අමෙරිකාව එක්ව ඉරානයට එල්ලකළ මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ඉරානය විසින් මැදපෙරදිග කලාපයේ අමෙරිකානු කඳවුරු පිහිටා ඇති රටවල්...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 42

    රත් දෝතළු - 42 විහඟ කඩවසම් බවින් යුත් වුවද අහස් තරමටම කඩවසම් යැයි කියා මට නොසිතිණි. නමුත් ඔහු මා සිතේ...

    දවසෙ ඕන වෙලාවක කන්න පුළුවන්

    දවසෙ ඕන වෙලාවක කන්න පුළුවන් - Chocolate Brownies Chocolate Brownies කන්න කවුද අකමැති? චොක්ලට් චිප්ස්, බටර්, කොකෝවා පව්ඩර් දාලා හදන...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page