2025 වසරේ මේ දක්වා වූ කාලය තුළ උතුරු – නැගෙනහිර හමුදා පරිහරණයේ තිබූ රජයේ ඉඩම් අක්කර 672ක් නිදහස් කිරීමට රජය කටයුතු කර ඇතැයි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, අරුණ ජයසේකර මහතා පවසනවා.
අද (23) පාර්ලිමේන්තුවේ දී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ පිළිබඳ පවසා සිටියා.
එහිදි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, එම නිදහස් කළ ඉඩම් අතරට පුද්ගලික ඉඩම් අක්කර 86.24ක් සහ හමුදා පරිහරණයේ තිබූ ඉඩම් අක්කර 586ක් ද ඇතුළත් බවයි.
අදාළ ඉඩම් පිළිබඳ තොරතුරු ආරක්ෂක කවුන්සිලයට සහ ආරක්ෂික ආංශික සභාවට ද ඇතුළත් කර මෙම නිදහස් කිරීම සිදුකළ බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියා.
නැගෙනහිර පමණක් රජයේ ඉඩම් අක්කර 34.58ක් නිදහස් කර ඇතැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.



