Newsවිගණනයෙන් හෙළිවූ අලුත්ම රේගු මගඩිය

විගණනයෙන් හෙළිවූ අලුත්ම රේගු මගඩිය

-

spot_img

විගණනයෙන් හෙළිවූ අලුත්ම රේගු මගඩිය – The latest customs fraud

මුදල් අමාත්‍යවරයාගේ කිසිදු අනුමැතියකින් තොරව ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් සහ ඔත්තු කරුවන් සඳහා රුපියල් කෝටි 3726ක මුදලක් 2012 සිට 2025 දක්වා වසර දහතුනක කාලයක් තුළ තෑගි මුදල් වශයෙන් ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවේ සඳහන් වේ. මේ තොරතුරු සඳහන් වන්නේ ශ්‍රී ලංකා රේගුවේ 2025 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේ ය.

ශ්‍රී ලංකා රේගුවේ විමර්ශන කාර්යවලට සෘජුව දායකත්වය නොසැපයෙන අංශ දහඅටක නිලධාරීන්ටද තෑගි මුදල් වශයෙන් කෝටි 65 කට ආසන්න මුදලක් බෙදා හැර තිබූ බවද එම වාර්තාව දක්වයි. තෑගි අරමුදලින් ත්‍යාග මුදල් බෙදා හැරීම මුදල් අමාත්‍යවරයා අනුමත කළ යෝජනා ක්‍රමයකට අනුව කළ යුතු වුවද එසේ නොකර 2012 වසරේ සිට 2025 වසර දක්වා ත්‍යාග මුදල් වශයෙන් නිලධාරීන්ට රුපියල් කෝටි 384කට වැඩි මුදලක් ද ඔත්තු කරුවන් සඳහා රුපියල් කෝටි පන්සිය හතලිස් දෙකකට වැඩි මුදලක් ද මෙසේ බෙදාහැර තිබූ බව වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.

රාජ්‍ය ආයතනවල සියලු නිලධාරීන්ට ඇඟිලි සලකුණු යන්ත්‍ර අනිවාර්යයෙන්ම භාවිත කළ යුතු බවට රජය ගිණුම් පිළිබඳ පරිලිමේන්තු කාරක සභාව නිර්දේශ කර තිබුණද, එසේ නොකර අතිකාල වියදම් ලෙස රුපියල් කෝටි 143කට ආසන්න මුදලක් ගෙවා තිබූ බව විගණන වාර්තා හෙළි කරයි. භාණ්ඩ ආනයන හා අපනයන ක්‍රියාවලියට සම්බන්ධ පාර්ශ්ව 2022 සිට 2024 වර්ෂය දක්වා කාලයේ අවස්ථා කිහිපයකදී රුපියල් කෝටි 256කට වැඩි බදු මුදලක් ගෙවීම පැහැර හැර තිබූ බව පවසන විගණන වාර්තාව රේගුව මේ සම්බන්ධව විමර්ශනය කර රුපියල් කෝටි 300කට ආසන්න දඩ මුදලක් අය කරගෙන තිබුණද රජයේ ඒකාබද්ධ අරමුදලට රුපියල් කෝටි අනූවකට ආසන්න මුදලක් පමණක් බැර කිරීමෙන් රුපියල් කෝටි 166කට වැඩි බදු ආදායමක් රජයට අහිමිව තිබූ බව පෙන්වා දේ.

✍️ ධාරා අබේනායක විසිනි.

Latest news

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

මෝටර් රථ අංක තහඩු කොළ පාට වෙයි

මෝටර් රථ අංක තහඩු කොළ පාට වෙයි ප්‍රවාහන අමාත්‍යංශය විසින් ගනු ලැබු තීරණයක් මත සියලු විද්‍යුත් මෝටර් රථ සදහා කොළ...
- Advertisement -spot_img

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

අපි හැමෝම ඇතුලෙ තාම පොඩි ළමයෙක් ජීවත් වෙනව

අපි හැමෝම ඇතුලෙ පොඩි ළමයෙක් ජීවත් වෙනව - Chinna Chinna Aasai පුංචි කාලෙ අපි හිතනව ලොකු වුණාම මෙහෙම කෙනෙක් වෙන්න...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you