හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට අදාළ විමර්ශනය කඩිනමින් අවසන් කර, ඊට සම්බන්ධ සැකකරුවන් සිටි නම් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.
පෙර දිනයේදී අධිකරණය ආශ්‍රිතව සිදු වූ සිදුවීම්වලින් අධිකරණයට අපහාසයක් සිදුවී තිබේදැයි විමර්ශනය කර, ඊට වගකිව යුතු පුද්ගලයින් කවුරුන්ද, ඔවුන් සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද යන්න පිළිබඳව මීළඟ නඩු දිනයේ දී අධිකරණයට දැනුම් දෙන ලෙසයි මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ.
ඉන් අනතුරුව මෙම නඩුව ජනවාරි මස 28 වැනිදා කැඳවීමට නියෝග කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.



