Newsත්‍රිවිධ හමුදාව භාවිතාකළ ඉඩම් නිදහස් කිරීම පිළිබඳ සාකච්ඡාවක්

ත්‍රිවිධ හමුදාව භාවිතාකළ ඉඩම් නිදහස් කිරීම පිළිබඳ සාකච්ඡාවක්

-

spot_img

ත්‍රිවිධ හමුදාව භාවිතාකළ යාපනය-පලාලි අධි ආරක්‍ෂිත කලාපය තුළ පිහිටි පෞද්ගලික ඉඩම් ඒවායේ මුල් හිමිකරුවන්ට නැවත ලබාදීමේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ ඊට අදාළව පවතින අභියෝගයන්ට විසඳුම් සෙවීම අරමුණු කරගනිමින් විශේෂ සාකච්ඡාවක් ආරක්ෂක ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් පෙරේදා (28) පවත්වා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක අමාත්‍යාංශය පවසා සිටියේ, ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ පිහිටි ඒ මහතාගේ කාර්යාලයේදී මෙය පැවැත් වූ බවයි.

ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියාකොන්තා ඇතුළු ජ්‍යෙෂ්ඨ ආරක්‍ෂක සහ පරිපාලන නිලධාරීන් පිරිසක් මේ සඳහා සහභාගි වී තිබෙනවා.

එහිදී ඉඩම් නැවත භාරදීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී ඇතිවී තිබෙන මෙහෙයුම් සහ පරිපාලන බාධක විසඳීම කෙරෙහි මූලික අවධානය යොමු කර තිබුණා.

එමෙන්ම තවමත් හමුදා භාරයේ පවතින පෞද්ගලික ඉඩම් අදාළ හිමිකරුවන් වෙත භාරදීම කඩිනම් කිරීම සඳහා එම හමුදා ඒකක අදියර වශයෙන් ඉවත්කර ගැනීම පිළිබඳව ද කරුණු සමාලෝචනය කරනවා.

ඒ අනුව සිවිල් දේපොළවලට වන බලපෑම අවම වන අයුරින් හා අත්‍යවශ්‍ය ආරක්‍ෂක ඒකක තවදුරටත් පවත්වා ගනිමින් ප්‍රදේශයේ අඛණ්ඩ ආරක්‍ෂාව සහතික කිරීම අරමුණු කරගත් නව සීමා මායිම් ස්ථාපනය කිරීම අවසන් කිරීම පිළිබඳව ද සාකච්ඡා කර තිබෙනවා.

මෙම ක්‍රියාවලිය විනිවිදභාවයෙන්, සාධාරණත්වයෙන් යුක්ත විය යුතු බවත්, එම ක්‍රියාවලිය ජාතික ආරක්‍ෂාව සම්බන්ධව සම්පූර්ණයෙන්ම සමපාත විය යුතු බවත් මෙහිදී අවධාරණය කර තිබුණා.

Latest news

වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම රජයේ මූලික ප්‍රතිපත්තිමය කැපවීමයි

කොළඹ LNW: ශ්‍රමය සඳහා ලැබිය යුතු නිසි ගෞරවය ලබාදීම සහ සියලු වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වත්මන් රජයේ මූලික ප්‍රතිපත්තිමය...

විදුලි ගාස්තු කීයකින් වැඩි වෙයිද?

විදුලි ගාස්තු කීයකින් වැඩි වෙයිද? සංශෝධිත විදුලි ගාස්තු පිළිබඳ තීරණය මැයි මස 9 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිත බැව් ශ්‍රී...

අල්ලස් දඩයක්කරුවන් දඩයම් කිරීමේ ඛේදවාචකය

කොන්දේසි විරහිතව දූෂණය පිටුදකින බවට කටමැද දොඩා බලයට පැමිණි AKD ගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගය (NPP), දැන් අඛණ්ඩ...

හෑෂ් සහ කුෂ් ගෙනා භික්ෂූන්ට අත්වන ඉරණම

හෑෂ් සහ කුෂ් ගෙනා භික්ෂූන්ට අත්වන ඉරණමගුවන්තොටුපොළේ දී භික්ෂූන් වහන්සේලා අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහානායක ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනා මත...
- Advertisement -spot_img

රත් දෝතළු – 80

රත් දෝතළු - 80 අහස් සමඟ මා මුහුණ පා ඇති ගැටළුව මම නොවළහා පැවසුවෙමි. ඔහු නිහඬවම අසා සිටියේ මට බාධා...

Time Loop යනු සැබෑවක්ද?

Time Loop යනු සැබෑවක්ද? - Sambhavam Adhyayam Onnu පසුගිය මාර්තු මස තිරගත වීම ඇරඹූ Sambhavam Adhyayam Onnu වෙනස්ම කතා තේමාවක්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you