Artබැඳීම් කුලියට දීමට තිබේ!

බැඳීම් කුලියට දීමට තිබේ!

-

spot_img

බැඳීම් කුලියට දීමට තිබේ! – Rental Family

සමහර වෙලාවට අපි පුංචි කවුළුවකින් අනිත් අයගෙ ජීවිත දිහා බලනව. ඒ හැම ජීවිතේකටම එකකට එකක් වෙනස් කතා තියෙනව. මිනිස්සුන්ගෙ ජීවිත විවිධාකාරයි. විෂමයි. ඒ ජීවිත අපි දකින්නෙ අපි ඒ දිහා බලන කවුළුවේ සීමාව අනුව විතරමයි. ඉතින් පිටස්තරයො නොදන්න දේවල් කොයිතරමක් මිනිස්සුන්ගෙ ජීවිතවල තියෙනවද? ඔය පිටස්තර බව සමහර වෙලාවට සැනසීමක්. සතුටක්. ඈතකින් ඉඳගෙන කාගෙහරි ජීවිතයකට සැනසිල්ලක්, පහසුවක් ගෙනත් දෙන එක තරම් සතුටක් වෙන කොහෙන්ද? ජීවිතේ කියන්නෙ රඟමඩලක්, අපි හැමෝම ඒකෙ රඟපාන නළු නිළියො කියල කියනවනෙ. අපි හැමදෙනාම අපේ සමීපතමයන්ගෙ වගේම නාඳුනන අයගෙ ජීවිතවල පවා යම්කිසි චරිතයක් රඟදක්වනවා. මේ චරිත එක එක හේතු, අවස්ථා අනුව එකිනෙකට වෙනස් වෙන්න පුළුවන්. බැඳීම් කියන්නෙ වෙලාවකට හරි සංකීර්ණ දෙයක්.

Rental Family

පිලිප්, ටෝකියෝ නගරයෙ තනියම ජීවත්වෙන අමෙරිකානු නළුවෙක්. සල්ලි හම්බ කරන්න හිතාගෙන, මිනිස්සුන්ගෙ ජීවිතවල එක එක භූමිකා රඟදක්වන්න නළුවන් සපයන ආයතනයකට ඔහු සම්බන්ධ වෙනව. සේවාදායකයෙක්ට “තාත්තෙක්” අවශ්‍ය නම් තාත්තගෙ චරිතය කරන්න ඔහු සූදානම්. නැත්තම් යහළුවෙක්, පෙම්වතෙක්, සැමියෙක් වගේ. ඉතින් මිනිස්සුන්ට පුළුවන් සල්ලි ගෙවලා “බැඳීම්” rent එකට ගන්න. පවුලක්ම වුණත් කුලියට ගන්න පුළුවන්. තාත්තා නැති ළමයෙක්ට තාත්තා වෙන්න, මැරුණ තාත්තෙක්ගෙ පුතා විදිහට කෑ ගහල අඬන්න වගේ චරිත රඟපාන්න පිලිප්ට සිද්ධ වුණා. ඔහුට සිද්ධ වුණා අනිත් අය ඉස්සරහ බැඳීමක් මවා පාන්න. සල්ලි හම්බ කරන්න සිද්ධ කරන මේ දෙය මහ විකාරයක් වගේ දැණුනත් තමන්ගෙ රඟපෑමෙන් මිනිස්සුන්ට සහනයක් දැනෙන හැටි ඔහු ටිකෙන් ටික තේරුම් ගත්තා. නුහුරු නගරයේ ඔහුට දැණුන තනිකම ටිකෙන් ටික නැතිවෙන්න ගත්තෙ ඔහු හැමදාමත් මිනිස්සුන්ට සැනසීම බෙදුව නිසා. බැඳීමක් මොනතරම් නම් හිත සතුටින් සැනසීමෙන් පුරවනවද?

Rental Family

පාසල් යන වයසෙ දැරියක් වුණු මියාගෙ තාත්තා විදිහට රඟපාන්න සිද්ධ වුනාට පස්සෙ පිලිප්ගෙ ජීවිතේ වෙනස් වෙන්න ගන්නව. තාත්තෙක් වගේ රඟපාන එක ලේසි නැතිවග ඔහුට දැනෙන්න ගත්තා. මියාගෙ අම්මා වෙහෙසුණේ තමන්ගෙ දරුවට හොඳ අනාගතයක් හදන්න. ටිකෙන් ටික පිලිප් දරුවෙක් කියන්නෙ කවුද, තාත්තෙක්ගෙයි – දරුවෙක්ගෙයි බැඳීම මොන වගේද කියන දේ ඉගෙන ගනිමින් හිටියා. නමුත් ඔවුන් වටා අමිහිරි සත්‍යයක් පැවතුණා. ඔහු කළේ රඟපෑමක්. ඒ රැකියාව ඇතුළෙ එයට අදාළ නීති රීති තිබුණා. නමුත් සැබෑ බැඳීම්වලට, ආදරේට, කරුණාවට නීතිරිති නැහැ. නියමිත වෙලාවක් නැහැ.

Rental Family

දහස් ගණන් මිනිස්සු ගැවසෙන නගරයක, කාර්යබහුල තැනක වුනත් මිනිස්සු විදිහට අපි මොනතරම් හුදකලා වෙලාද? ඈත අතීතයට වඩා වර්තමානයේ සමාජ, ආර්ථික මේවගේ හේතු නිසා බැඳීම් අපෙන් ඈතට ගිහින් තියෙන්නෙ හිතාගන්නවත් බැරි තරම් වේගෙන්. යුතුකම් වගකීම් ඉටු කරන්න, ආදරේ කරන්න මිනිස්සුන්ට අමතක වෙලා. තනිකම, හුදකලාව නැති කරගන්න, එහෙම නැත්තම් සමාජෙට පේන්න අපිට සිද්ධ වෙනව බැඳීම් කුලියට ගන්න. කෘතිම බැඳීම් හදාගන්න. මේක මොන තරම් ඛේදජනක සත්‍යයක්ද?

Rental Family

ජපානය වගේ රටවල මෙවැනි ආයතන සැබෑවටම පවතිනවා. යාන්ත්‍රික වුණ මිනිස් ජීවිතවලට කෘතිම බැඳීම් කියන්නෙ සාමාන්‍ය දෙයක් විතරයි. ඔවුන් නොදන්න දේ තමයි මිනිස්සු කියන්නෙ බොහොම ඉක්මන්ට හිතවත්කම් හදාගන්න ජීවීන් පිරිසක් බව. මුදල්වලට කරන්න බැරි ගොඩක් දේවල් බැඳීම්වලට කරන්න පුළුවන්. එවැනි සුන්දර බැඳීම් ඇතිවෙන්නෙ හරි අහම්බෙන්. හිතන්නෙ නැති විදිහට. ඒවා මිනිස්සු හිතනව වගේ සංකීර්ණ නැහැ. සරලයි.

ගොඩක් වෙලාවට ජීවිතේ හරි වෙහෙසකාරියි. දරාගන්න අමාරුයි. මිනිස්සු ඉන්නෙ වගකීම්, යුතුකම් වල බර දරාගෙන. ආර්ථිකයත් එක්ක ලොකු සටනක් කරමින්. ජීවිත දෙක තුනක් හෝ ඊට වැඩියෙන් ජීවත් කරවීමේ බර දරා ගනිමින්. හැමෝම එහෙමයි. එවැනි කෙනෙක්ට පුංචි හරි උදව්වක් කරන්න පුළුවන් නම්, සැනසිල්ලක් ගෙනත් දෙන්න පුළුවන් නම් ජීවිතේ අපිට ලබන්න පුළුවන් ලොකුම සතුට, සැනසීම තමයි ඒක.

Rental Family

ජපන් ජාතික නිළියක් සහ චිත්‍රපට අධ්‍යක්ෂවරියක් වන Hikari විසින් අධ්‍යක්ෂණය කර ඇති Rental Family (2025) චිත්‍රපටයෙන් බැඳීම් පිළිබඳ මේ ඛේදවාචකය හාස්‍යජනක අන්දමින් ප්‍රේක්ෂකයා හමුවට ගෙන එනවා. පිලිප් ලෙසින් ඇකඩමි සම්මාන ලාභී රංගන ශිල්පී Brendan Fraser රඟපානවා. Takehiro Hira, Mari Yamamoto, Shannon Mahina Gorman, Akira Emoto යන නළු නිළියන් සෙසු චරිත සඳහා රංගනයෙන් දායක වෙනවා.

Latest news

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු එල්නිනෝ අනිටු බලපෑම් සහ මැද පෙරදිග අර්බුදය නිසාවෙන් සීනි, ලොකු ළූණු, ආනයනික...

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත්...

නියඟය වැඩි පැතිවලට ආණ්ඩුවෙන් වතුර

නියඟය වැඩි පැතිවලට ආණ්ඩුවෙන් වතුර වියළි, උණුසුම් කාලගුණය නිසා පීඩාවට පත්ව ඇති මඩකළපුව, මොනරාගල සහ අම්පාර ඇතුළු දිස්ත්‍රික්කවල ජනතාවට පානීය...
- Advertisement -spot_img

නිවාඩු කාලෙට සුන්දර චාරිකාවක්

නිවාඩු කාලෙට සුන්දර චාරිකාවක් - සීතාවක උද්භිද උද්‍යානය මෙරට උද්භිද උද්‍යානයක් මුලින්ම නිර්මාණය වන්නේ 1821 දීය. ඒ පේරාදෙණිය රාජකීය උද්භිද...

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු එල්නිනෝ අනිටු බලපෑම් සහ මැද පෙරදිග අර්බුදය නිසාවෙන් සීනි, ලොකු ළූණු, ආනයනික...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you