පකිස්ථාන එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක ලෙස ෂහීන් ෂා අෆ්රිඩි නම් කර තිබේ. නොවැම්බර් 4 සිට 8 දක්වා ෆයිසලාබාද් හි ඉක්බාල් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත දකුණු අප්‍රිකාවට එරෙහි තරග තුනකින් යුත් එක්දින තරගාවලියේදී මෙම වමත් වේග පන්දු යවන්නා පාකිස්තානය මෙහෙයවනු ඇත.
ඉස්ලාමාබාද් හි පැවති සාකච්චාවකින් අනතුරුව, ඉදිරි තරගාවලිය සඳහා ෂහීන්ගේ පත්වීම ස්ථිර කර ඇති අතර, මෙම සාකච්චාව සඳහා ටෙස්ට් ප්‍රධාන පුහුණුකරු මයික් හෙසන්, ඉහළ කාර්ය සාධන අධ්‍යක්ෂ අකිබ් ජාවෙඩ් සහ තේරීම් කමිටු සාමාජිකයින් සහභාගී වී ඇත.



