FeaturesHealthදත් මැද සිදුරු සකසන නවීන ක්‍රමයක්

දත් මැද සිදුරු සකසන නවීන ක්‍රමයක්

-

spot_img

දත් මැද සිදුරු සකසන නවීන ක්‍රමයක්

අපි දැන් ඉන්නෙ AI ලෝකයේ වුවද තාමත් හිතා ගන්න වත් බැරි මිත්‍යා විශ්වාස අපි අතර මුල් බැසගෙන හමාරය. ලෝකයා කෙතරම් නම් සංවර්ධනය වුවද අපේ මිනිසුන් සුළුතරයක් දෙනා හිතන පතන විදිහ නම් වෙනස් ⁣කිරීමට උත්සාහ දැරීම පවා උගහටය. පහත ලිපියෙන් අද මා කතා කරන්නේ අපි සිනහ වන විට ඉදිරි දත් දෙක මැද පිහිටි හිඩැස ගැනය.

Dental treatment

සමහර රටවල් මේ පිහිටීම සලකන්නෙ ආකර්ශනීය විදියට. මගේ අත්දැකීම අනුව නම් අපේ රටේ වැඩි පිරිසක් සලකන්නෙ මේ විදියට නෙවෙයි. ගෑනු ළමයෙක්ට මේ විදියට දත් අතර හිඩැසක් තිබුණොත් සමහර වැඩිහිටියො ගෙඩක් කලබල වෙලා පිළියම් හොයති. විද්‍යාත්මකව මේ හිඩැසට ප්‍රධානම හේතුව ඉදිරිපස දත් දෙක මැදින් සවි වෙලා තියන labial frenum නම් මාංශමය කොටසේ පිහිටීමේ හා ක්‍රියාකාරීත්වයේ වෙනස්කම්. මේ තත්වය සමහර අයට පමණයි ඇති වන්නෙ. වෙනත් විශේෂ හේතුවක් නැත. සායනයට එන දරුවන් අනුව ඇතැම් අවස්ථාවලදී ජානමය උරුමයක් තිබෙන්නට වුවද පුළුවන. එහෙත් එය තවම විද්‍යාත්මකව තහවුරු කර නැත. ඉතින් ඔයා හිතනවා නම් ඉස්සරහ දත් අතර පිහිටන හිඩැස ලස්සනයි කියලා, ලස්සනට හිනාවෙන්න. හැබැයි ඒක වෙනස් කර ගන්න අවශ්‍ය කෙනකුට ඒ සදහා ක්‍රම කිහිපයක්ම ඇත.

Dental treatment

දතේ පාටම පිරවුමකින් හිදැස වසාගැනීම.

මේක කරන්නෙ හිඩැස දෙපැත්තෙ තියන දත් දෙකේ ප්‍රමාණය මදක් විශාල කිරීමෙනි. මේ ක්‍රමය සුදුසු වෙන්නෙ දත් අතර හිඩැස කුඩා නම් සහ දත් දෙක ලොකු කරලා හැදුවම ඒ දත් දෙක ගොඩක් විශාලව අවලස්සනව පේන්නෙ නැත්නම් විතරයි. මේ ප්‍රතිකාරය දන්ත වෛද්‍යවරු මගින් කරගන්න පුළුවන්. සුදුසු නුසුදුසු බව දන්ත වෛද්‍යවරයා සමග කතා කරලා තීරණය කර ගත හැකිය.

Dental treatment

Braces /Orthodontic treatment මගින් දත් දෙක ළං කර හිඩැස වසා ගැනීම.

දත් අතර හිඩැස විශාල නම් මේ ක්‍රමය වඩා සුදුසුයි. මේ ප්‍රතිකාරය orthodontist කෙනෙක් මගින් ලබා ගන්න පුළුවන්. ඔබේ ප්‍රදේශයේ සිටින දන්ත විකලාංග විශේෂඥ වෛද්‍යවරු/ Orthodontist ගැන ඔබගේ දන්ත වෛද්‍යවරයාගෙන් අසා දැන ගන්න. වැදගත්ම කාරණාව වනුයේ දත් අතර හිඩැසට හේතුව ඉහත සඳහන් කෙරුණු labial frenum තත්වය නම්. එය සුළු සැත්කමක් මගින් ඉවත් කරගැනීම අනිවාර්ය වේ. නැතිනම්, යළිත් දත් දෙක ඈත් වී හිඩැසක් ඇතිවීම අනිවාර්‍යයෙන්ම සිදු වේ. ඒ විතරක් නොව Braces ගැලෙව්වම දෙන Retainer එක උපදෙස් පරිදි නිසියාකාරව පැළඳීමත් අනිවාර්ය වේ.

Dental treatment

කතාබහ
ධාරා අබේනායක විසිනි. 

 

Dr Shyama Herath
මඩකලපුව, ශික්ෂණ රෝහලේ විකලාංග දන්ත වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය ශ්‍යාමා දිල්රුක්ෂි හේරත්

 

Latest news

වැඩිම රැකියා විරහිත තරුණ තරුණියන් සිටින රට ලංකාව

වැඩිම රැකියා විරහිත තරුණ තරුණියන් සිටින රට ලංකාව ඉහළ අධ්‍යාපන සුදුසුකම් සහිත ආසියාතික රටවල තරුණ පිරිස අතර විරැකියාව ලංකාවේ ඉහළ...

දුම්රිය වර්ජනයේ පාඩුව මිලියන 50 යි

දුම්රිය වර්ජනයේ පාඩුව මිලියන 50 යි දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් මුල් කර ගනිමින් දුම්රිය වෘත්තීය සමිති...

ආගමික අන්තවාදයේ ගොදුරක් වූ සිවරාසා අනෝජන්

ආගමික අන්තවාදයේ ගොදුරක් වූ සිවරාසා අනෝජන් - Sivarasa Anojan සෞදි අරාබියේ සේවය කරමින් සිටියදී අත්අඩංගුවට පත්ව මරණ දඬුවම නියම වී...

ඔසී යන්න ඉන්නවනම් දැනගත යුතු අලුත් වීසා නීති

ඔසී යන්න ඉන්නවනම් දැනගත යුතු අලුත් වීසා නීති ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන විදේශීය සිසුන්ට ඔවුන්ගේ බිරිඳ , ස්වාමිපුරුෂයා, හෝ දරුවන් එරටට...
- Advertisement -spot_img

ආගමික අන්තවාදයේ ගොදුරක් වූ සිවරාසා අනෝජන්

ආගමික අන්තවාදයේ ගොදුරක් වූ සිවරාසා අනෝජන් - Sivarasa Anojan සෞදි අරාබියේ සේවය කරමින් සිටියදී අත්අඩංගුවට පත්ව මරණ දඬුවම නියම වී...

ඔසී යන්න ඉන්නවනම් දැනගත යුතු අලුත් වීසා නීති

ඔසී යන්න ඉන්නවනම් දැනගත යුතු අලුත් වීසා නීති ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන විදේශීය සිසුන්ට ඔවුන්ගේ බිරිඳ , ස්වාමිපුරුෂයා, හෝ දරුවන් එරටට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you