FeaturesHealthඩෙංගු මඩින්න වොල්බැකියා එයි

ඩෙංගු මඩින්න වොල්බැකියා එයි

-

spot_img

ඩෙංගු මඩින්න වොල්බැකියා එයි – Wolbachia

තවමත් ඩෙංගු පැතිර යමින් පවතී. සමහර රෝහල්වලට ඩෙංගු රෝගීන් නේවාසිකව ඇතුළත් කර ගැනීම පවා පසුගිය දිනවලදී අත්හිටවු බවට වාර්තා විණි. තවද රෝහල් ධාරිතාවද ඉහළ දමමින් ඩෙංගු රෝගීන් වාර්තා වීමේ ප්‍රතිඵල ලෙස රෝහල් ඇඳන් නොමැති වීමත් හේතුවෙන් රෝගීන් ඇඳන් යට සේම කොරිඩෝවලත් රැඳී සිටින බවට තුලන අපිද වාර්තා කළෙමු. එය රෝගී ජීවිතවලට තවත් මරු පහරකි. කෙසේ වුවද පහසුවෙන් පාලනය කළ හැකි තත්වයක් පාලනයෙන් ගිලිහී ගිය කල අතුරු පල මෙයාකාරයටත් වඩා දරුණු වීමට පිළිවන. එන්න එන්නම ඩෙංගු සමාජයම ගොදුරු කරගෙන ඇති මෙවන් මොහොතක ලොව අන් රටවල් මදුරු උවදුරු සාර්ථකව මැඩ පවත්වන දියුණු සාර්ථක ක්‍රමවේද මෙරටට හඳුන්වා දීම පවා සුදුසුය. ඒ අනුව ඩෙංගු මර්දනය කළ හැකි වොල්බැකියා දියුණු ක්‍රමවේදය ගැන කරුණු පහතින් දැක්වේ. 

Wolbachia

ඩෙංගු මදුරුවාහකයෝ කවුරුන්ද? ඒ ගැනත් කෙටියෙන් දැන ගනිමු.

ඊඩිස් ඊජිප්ටයි සහ ඊඩිස් ඇල්බොපික්ටස් යන මදුරු වාහක විශේෂ ඩෙංගු වයිරසය පතුරවයි. සාමාන්‍යයෙන් සති දෙකක් පමණ ජීවත් වන මේ මදුරු විශේෂ තුන් සැරයක් බිත්තර දමනු ලැබේ. එක් වරකට බිත්තර සියයක් පමණ දමන මේ මදුරු විශේෂ තුන් සැරයකදී බිත්තර තුන් සියයක් පමණ දමයි. මෙම මදුරුවන්ගේ ජීව කාලය දින අනුවක් වන අතර මීටර් සියයක පමණ දුරක් එහා මෙහා පියෑඹීමට පුළුවන.

Wolbachia

ඩෙංගුවලට එරෙහිව බැක්ටීරියාවක්

ඩෙංගු යනු වයිරසයක් මගින් හට ගැනෙන තත්වයක් වුවද වොල්බැකියා යනු බැක්ටීරියාවකි. ඩෙංගු වෛරසයේ ඩෙංගු -1, 2, 3 සහ 4 කියන වර්ගවලින් අපේ රටේ මේ දිනවල ඩෙංගු -2 මෙන්ම ඩෙංගු -03 කියන වර්ගද පැතිරේ. ඒ අනුව ඩෙංගු -2 ආසාදිතයන් සියයට 80ක් සහ ඩෙංගු -03 ආසාදිතයන් සියයට 20ක් වන පරිදි ආසාදිතයන් වාර්තා වේ. වොල්බැකියා යනු විද්‍යනුකූල ක්‍රමවේදයකි.

Wolbachia

මෙම බැක්ටීරියාව විද්‍යාගාර තුළදී ඊඩිස් මදුරුවාගේ සිරුරට ඇතුළත් කිරීම සිදු කෙරේ. එවිට ඩෙංගු වයිරසය වෙනුවට මෙකී බැක්ටීරියාව මදුරුවාගේ ඇඟේ වර්ධනය වේ. එවිට ඩෙංගු වයිරසය ඊඩිස් මදුරුවාගේ සිරුරේ වර්ධනය නොවේ. විද්‍යාගාරවලදී මෙම බැක්ටීරියාව ඇතුළත් කෙරුණු මදුරුවන් මීටර් පනහෙන් පනහට පරිසරයට මුදා හැරේ. ඩෙංගු පැතිර යන කාලයට මෙන්ම අවදානම් පැතිවලට මෙය කදිම විසඳුමකි.

Wolbachia

ඔස්ට්‍රේලියාව, ඉන්දුනීසියාව වැනි රටවල මෙය ප්‍රායෝගිකව යොදා ගැනුණු අතර ඉන්දුනීසියාවේ බොහෝ දුරට මෙම ක්‍රමය මගින් සාර්ථකව ඩෙංගු මර්දනය කර ඇත. සැබැවින්ම මෙය ඩෙංගු රෝගයේ පැතිර යාමට එරෙහි හොඳ විසඳුමකි. ඩෙංගු වයිරසය පතුරුවා හරින ඊඩිස් මදුරු ගහනයට වඩා වොල්බැකියා බැක්ටීරියාව ගෙනයන මදුරු ගහනය වැඩි කිරීම තුළින් ඩෙංගු රෝගය තුරන් කළ හැකිය.

සංවාද සටහන
ධාරා අබේනායක

Doctor Deepal Perera
කොළඹ, රිජ්වේ ආර්යා ළමා රෝහලේ, ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

ඇෆ්ගන් කාන්තාවන් මිලියන දෙකහමාරකට අධ්‍යාපනය තහනම්

ඇෆ්ගන් කාන්තාවන් මිලියන දෙකහමාරකට අධ්‍යාපනය තහනම් පාසල් සිසුවියන් සහ කාන්තාවන් සඳහා ද්විතීයික හා උසස් අධ්‍යාපනය විධිමත් ලෙස තහනම් කර ඇති...

ඩෙංගු රෝගීන් 90000 යි, මරණ 65 යි

ඩෙංගු රෝගීන් 90000 යි, මරණ 65 යි 2026 වසරේ මුල සිට මේ දක්වා මෙරටින් වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් ගණන...

එල්නිනෝ නිසා මාළු මිල ඉහළට

එල්නිනෝ නිසා මාළු මිල ඉහළට එල්නිනෝ තත්වය සමග මුහුද මතුපිට ජලයේ උෂ්ණත්වය ඉහළ යෑම නිසා දිවයින වටා මුහුදු තීරයේ මත්ස්‍ය...

විගණනයෙන් හෙළිවූ අලුත්ම රේගු මගඩිය

විගණනයෙන් හෙළිවූ අලුත්ම රේගු මගඩිය - The latest customs fraud මුදල් අමාත්‍යවරයාගේ කිසිදු අනුමැතියකින් තොරව ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් සහ...
- Advertisement -spot_img

අපේ රටට ආවේණික බ්ලැක් පෝක් කරි

අපේ රටට ආවේණික බ්ලැක් පෝක් කරි - Black Pork Curry බ්ලැක් පෝක් කරි කියන්නෙ අපේ රටට ආවේණික ගොඩක් අය කන්න...

එල්නිනෝ නිසා මාළු මිල ඉහළට

එල්නිනෝ නිසා මාළු මිල ඉහළට එල්නිනෝ තත්වය සමග මුහුද මතුපිට ජලයේ උෂ්ණත්වය ඉහළ යෑම නිසා දිවයින වටා මුහුදු තීරයේ මත්ස්‍ය...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you